settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු ස්ථිර කිරීම පිළිබඳ බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


ස්ථීර කිරීම යනු සමහර නිකායවල්වල කෙනෙකු ආත්මික මෙහෙරුත්වයට ගෙනෙන පිණිස පවත්වන සක්‍රමේන්තුවක් හෝ ආගමික පිලිවෙතක් / චාරිත්‍රවිධිය වේ. සමහර සම්ප්‍රදායන්වල සාමාන්‍යයෙන් කතෝලික හා ඇන්ග්ලිකානුවන් අතර ස්ථීර කිරීමේ සක්‍රමේන්තුව තරුණයෙක් නිල වශයෙන් සභාවේ සමාජිකයෙක් වීම වේ. මෙහිදී "ස්ථිර කිරීමේ" නාමය ප්‍රදානය කිරීමක්ද බොහෝවිට සිදුවන අතර එම නාමය ශාන්තුවරයෙකුගේ නාමයක් වන අතර බොහෝ වේලාවල්වල දෙවන මැද නාමය වේ. ස්ථිර කිරීම පරිශ්‍රීලනය කරන්නාවූ අය එම ක්‍රියාව සභාවේ සම්පූර්ණ සමාජිකත්වයට බෞතීස්ම වීමේ සළකුණක් ලෙස විශ්වාස කරනු ලබන අතර, ස්වකීය ඇදහිල්ලේ මෙහෙරුත්වය පිළිවඳ පිළිගැනීමක්ද වේ. කතෝලිකයන් හා ඇන්ග්ලිකානුවන් මෙම ක්‍රියාවලිය / ස්ථිර කිරීම සක්‍රමේන්තු හතෙන් එකක් ලෙස පිළිගනු ලැබේ.

කෙසේ වුවද බයිබලය මෙම චාරිත්‍රය පිළිබදව නිහඬය. එමෙන්ම තවත් කෙනෙකුගේ / ඇයගේ / ඔහුගේ ඇදහිල්ල පිළිබඳ වෙනකෙකු "ස්ථීර කිරීමේ" අදහස ලියවිල්ල ප්‍රතික්‍ෂේප කරයි. නිර්නායකයන් කිහිපයක් මත එකිනෙකා තම තමන්ගේ ඇය / ඔහූ ගේ මට්ටම පිළිබඳ ස්ථිරත්වයකට පැමිණිය යුතුය. ප්‍රථමයෙන් අපගේ ගැළවීම අපගේ හදවත්වල වෙසෙන ශුද්ධ ආත්මයාණන් වහන්සේ විසින් ස්ථීර කරනු ලැබේ. "අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්‍ෂි දෙන සේක (රෝම 8:16). අප ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ හා ගැලවුම්කාරයාණන් වහන්සේ ලෙස පිළිගත් කල්හි, ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් වල ලැඟුම් ගනිමින් එතුමාණන් වහන්සේ අප තුල බවත් අප එතුමාණන් වහන්සේට අයිති බවට සහතකියක් දෙන අතර ආත්මික දේවල් පිළිබඳ උගන්වමින් විස්තර කර දෙන සේක (1 කොරින්ති 2:13-14). එමඟින් අප අළුත් මැවිල්ලක් බව තහවුරු කරයි (2 කොරින්ති 5:17).

ගැළවීමේ සාක්‍ෂිය කරණකොටගෙන අප ඇදහිල්ලේද තහවුරු කරනූ ලබයි. 1 යොහාන් 1:5-10 දක්වා, අපගේ ගැලවිමේ සාක්‍ෂිය අපගේ ජීවිත වලින් ප්‍රකාශ වන බවත් අප ආලෝකයේ ගමන් කරන්නෝ නම් අප බොරු නොකියන අතර පව්ද කරන්නේ නැති බව පවසයි. යාකොබ් පොතෙහි 2 වන පරිච්ජේදයේදී ඇදහිල්ලේ සාක්‍ෂිය නම් අපගේ ක්‍රියාවන් බව පවසයි. අප ගැළවුනේ ක්‍රියා වලින් නොවුනත්, අපගේ ක්‍රියාවන් ගැළවීමේ ඇදහිල්ල අප තුළ බවට සාක්‍ෂි දරයි. "එබැවින් ඔවුන්ගේ ඵල වලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය" (මතෙව් 7:20). ශුද්ධාත්ම ඵල අප තුළ හට ගන්නවනු ලබන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසිනි (ගලාති 5:22). එලෙසම ශුද්ධාත්ම ඵල එතුමා අප තුළ වාසය කරන බවට ස්ථීර කරයි.

"නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්‍ෂාකර බලාපල්ලා. නුඹලාවම සෝදිසි කර බලාපල්ලා. නොහොත් නුඹලා එපා කරන ලද තැනැත්තෝ නොවෙත්නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?" (2 කොරින්ති 13:5). ඊට අමතරව පේත්‍රස්ද අපට මෙසේ පවසයි " එබැවින් සහෝදරයෙනි, නුබලාගේ කැඳවීමද තෝරා ගැනීමද ස්ථීර කරගන්නා පිණිස වඩා කඩිසරව ක්‍රියා කරපල්ලා. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත. මක්නිසාද මෙසේ අපගේ ස්වාමීවූ ගැළවුම්කාරවූ යේසුස් වහන්සේගේ සදාකල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝසේ දෙනු ලැබේ (2 පේත්‍රස් 1:10-11).

අපගේ ගැළවීමේ අවසාන "ස්ථීර කිරීම" සැබවින්ම නුදුරු අනාගතයේදීය. සැබෑ කිතුණුවන් අවසානය දක්වාම රැඳෙන්නේය," මෙසේ නුඹලා කිසි දිමනාවකින් අඩු නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්වීම බලා සිටින්නහුය. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තීම අක්වා නුඹලා ස්ථීර කරන සේක (1 කොරින්ති 1:7-8). පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා මුද්‍රා කරනු ලැබුවහුය. උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචන අසා, උන්වහන්සේ කෙරෙහි අදහා ගෙන, උන්වහනසේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා, දෙවියන් වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස (එපීස 1:13-14). එබැවින් මෙම මනුෂ්‍යයන් ස්ථීර කිරීමේ සැබෑ ගැළවීමේ සථීරත්වය වේ. මෙය අප විශ්වාසය තබා ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙස කරණකොටගෙන මිලදී ගනු ලැබූවන්ය. සාක්‍ෂීන් කරණකොටගෙන අපගේ ගමන එතුමන් සමඟය. එයට ස්ථීරත්වය අප තුළ ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොට ගෙනය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු ස්ථිර කිරීම පිළිබඳ බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries