settings icon
share icon
ප්‍රශ්නය

මාගේ අනියම් සබඳතා ගැන විවාහක සහකරුවාට පපෝච්චාරණය කළ යුතුද?

පිළිතුර


තමාගේ අනියම් සබඳතාවයන් ගැන තම සහකරුට පාපෝච්චාරණය කළ යුතුද, නැද්ද යන්න තීරණය කිරීම අසීරු කරුණක් වීම හේතුවෙන් බොහෝ කිතුනුවන් එම සබඳතාවයන් වලට යටත් වී සිටීමේ අවාසනාවන්ත තත්වයට මුහුණ පාති. ලෞකික ප්‍රවීනයන් බොහෝ විට දිරිගන්වන්නේ තමාගේ එම වැරදි ගැන කතා නොකර සිටීමටය. ඔවුන් පෙන්වා දෙන්නේ, පාපෝච්චාරණය කළහොත් තත්වය තිබුනාටත් වඩා අහිතකර විය හැකි බවය. නමුත් එමඟින් සිදුවන ගැටඵව නම්, එසේ එම වැරදි සිතෙහි රඳවාගෙන සිටීමෙන් ඔවුන්ගේ හෘදය සාක්‍ෂිය මැඩපවත්විමට ලක්වී පාපෝච්චාරණයක් මගින් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණය සහ සබඳතාවය නැවත ගොඩනැඟිමේ අවස්ථාව නැතිවී යන බවය. යාකොබ් 5:16 හි සඳහන් පරිදි එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න.

අපෝස්තුඵ පාවුල් තුමා ඥානවන්තව පවසා ඇත්තේ ඒ නිසා මමත් ඔවුන් මෙන්ම දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්‍ෂියක් ඇතිව සිටින්නටද නිතර උත්සහා කරමි. (ක්‍රියා 24:16) මුලිකවම අනියම් සබඳතා දෙවියන්වහන්සේට විරුද්ධව කරන පාපයක් වුවද, අපගේ ශරීර අපට පමණක් අයත් නොවන බවත්, එය අපගේ විවාහක සහකරුවාටද අයත් බවත් බයිබලයේ සඳහන් වේ. ( 1 කොරින්ති 7:4) දෙවියන්වහන්සේ යම් යුවලක් ශුද්ධවු විවාහයෙන් එක් කළ විට ඔවුන් එක මාංශයක් වන බවට සංකේතයක් වන්නේ ඔවුන්ගේ කායික ලිංගික ක්‍රියාවන්ය. මෙම හේතු යටතේ, අනියම් සබඳතාවන් පවත්වන කෙනෙකු කළ යුත්තේ යාච්ඤාවේ යෙදී ඔහුව හෝ ඇයව ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීමට ඉඩහැර, නියමිත අවස්ථවේදී තමගේ වැරදි ක්‍රියාවන් පාපෝච්චාරණය කිරීමය.

සාවද්‍ය හෘද්‍ය සාක්‍ෂියට ඇහුම්කන් නොදී මග හැරීමෙන් පමණකින් එම වැරදි මැකී යන්නේ නැත. ඇත්ත වශයෙන්ම මානසික සහ කායික ගැටඵ වලට මුල පුරනු ඇත. කෙතරම් අසීරු වුවත් තමාගේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට, තමා ද්‍රෝහි ලෙස හැසුරුන බව පැවසීමෙන් ඔවුන්ගේ විවාහයේ කීර්තිමත් භාවය සඳහා පමණක් නොව, එම සහකරුවා සමගද, දෙවියන් වහන්සේ සමගද සම්බන්ධතාවයද ගොඩනඟා ගැනීමට හැකිවී ඔවුන්ගේ හෘදය සාක්‍ෂිය අමතක වී, ශුද්ධවන්ත සහ නිවැරදි ජිවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකිවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ අනියම් සබඳතා ගැන විවාහක සහකරුවාට පපෝච්චාරණය කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries