settings icon
share icon
ප්‍රශ්නය

අනුකුලිකත්වය යනු කුමක්ද?

පිළිතුර


අනුකුලිකත්වය යනු, සෑම සිද්ධියක්ම මිනිසාගේ නිදහස් කැමැත්ත මත, දෙවියන් වහන්සේ විසින් සාමාන්‍ය ලෙස තීරණය කරණූ ලැබ, නිර්ණය කරනු ලැබ සහ / හෝ නියම කරනු ලැබ ඇති බවට දේවධර්මාත්මක ප්‍රස්තුතය අනුකුලනය කිරීමවේ (අධිෂ්ඨානය, දෛව වාදය සමග ව්‍යාකුල කර නොගත යුතු වේ.)

ග්‍රීක ස්ටොයිකයන් විසින් දාර්ශනික දෘෂ්ඨි කෝණයෙන්ද පසුව තෝමස් හොබ්ස් සහ ඩේවිව් හුම් වැනි දාර්ශනිකයන් ගෙන්ද, ඔගස්ටීන් හිපෝ සහ ජෝන් කැල්වින් වැනි දේවධර්මවාදින් විසින් දේවධර්මීය දේවධර්මාත්මක දෘෂ්ඨි කෝණයෙන්ද මුලින්ම ප්‍රකාශයට පත් කල පරිදි නිදහස් කැමැත්තෙහි අනුකුලවාදී සංකල්පය නම් මිනිසාගේ නිදහස් කැමැත්ත නියතවාදයේ ප්‍රමේයය සමග පරස්පරවිරෝදී වුවද, ඒ දෙකම පවතින අතර අකිනෙකා සමග අනුකුලදාවය දක්වයි.

නිදහස් කැමැත්තෙහි අනුකුලවාදී සංකල්පයේ පදනම වන්නේ කැමැත්ත යන වචනයේ අර්ථ දැක්වීමයි. දේවධර්මාත්මක දෘෂ්ඨි කෝණයෙන් බලන කළ කැමැත්තෙහි අර්ථය එළිදරව්වනුයේ, බයිබලයේ සත්‍යතාවයන් වන පළමු පාපය සහ මිනිසාගේ ආත්මික දූෂණය පිළිඹිඹු වීමෙනි. මෙම සත්‍යතාවයන් “දෙක කැමැත්ත යනූ වැටුනාවූ මිනිසා පාපයේ බන්ධනයට හසුවීම ලෙස ද (ක්‍රියා 8:23),” පාපයේ වහල් බව (යොහාන් 8:34, රෝම 6:16-17) සහ යටත් වනුයේ තම ස්වාමියාට පමණක් බව, යන පාප ලෙසද අර්ථ දැක්වේ (රෝම 6:14).

ඒ අනුව මිනිසාට තමන් කැමති ලෙස කිරීමේ නිදහස තිබුනද, එය ස්වභාවධර්මයට අනුව ක්‍රියා කිරීමට කැමැත්ත දරණ අතර, වැටීමට ලක්වු කැමැත්ත පාපකාරී වන බැවින්, වැටීමට ලක්වූ මිනිසාගේ හදවතේ සෑම අභිප්‍රායක්ම නපුර පවත්වාගෙන යනු ඇත (උත්පත්ති 6:5, උත්පත්ති8:21). ආත්මිකව ගුණවත් දේට විරුද්ධව ඔහු නිරන්තරයෙන්ම කැරලි ගසන අතර (රෝම 8:7-8,1 කොරින්ති 2:14) එකම අරමුණ කැරලි ගැසීමය. (හිතෝපදේශය 17:11). ඉඳුරාම මිනිසාට තම කැමැත්ත කිරීමට නිදහස තිබෙන අතර, ඔහු එසේම කරන්නේය. නමුත් තම ස්වභාවයට පටහැනිවූ දේ ඔහුට කල නොහැක. මිනිසා කිරීමට කැමති දේ ඔහුගේ ස්වභාවයෙන් පමණක් තීරණය වේ.

ස්වාධීන කැමැත්තක් ඇති මිනිසකු හා නිදහස් නියෝජිතයකු වීම අතර අනුකුලත්වයේ වෙනස මෙසේය. මිනිසකුට තමා කැමතිදේ ඔහුගේ ස්වභාවයට අනුව හෝ ස්වභාව ධර්මයේ නීතිය අනුව තෝරා ගත සැක. එය විස්තරකොට කියනවා නම්, ස්වභාවධර්මයේ නීතිය මිනිසාට පියාසර කිරීමට අවසර නොදෙන නමූත් එය මිනිසා නිදහස් නොවේ යයි අදහස් නොකෙරේ. නිදහස් නියෝජිතයකුට කල හැකි වනුයේ තමා කැමතිදේ ඔහුගේ ස්වභාවයට අනුව හෝ ස්වභාව ධර්මයේ නීතිය අනුව පමණකි. දේවධර්මාත්මක දෘෂ්ඨි කෝණයෙන් බලන කළ ස්වභාවික මිනිසාට දෙවියන්වන්සේගේ නීතියට යටත් වීමට නොහැකි වූවද, (රෝම 8 :7-8) පියාණන්වහන්සේ තමන් වෙතට ඇදගත්තොත් මිස තමන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට යාමට නොහැකි වූවද (යොහාන් 6:44) ස්වභාවිම මිනිසා තවමත් නිදහසේ ක්‍රියා කරන්නේ ඔහුගේ ස්වභාවධර්මයට අනුවය. ඔහු නිදහසේ ක්‍රියාශීලීව අධර්මිෂ්ඨකමින් සත්‍යය යටපත් කරගනුයේ (රෝම 1:8) ඔහුගේ ස්වභාවය එසේ වීම හේතුකොටගෙනය (යෝබ් 15:14-16, ගීතාවලිය 14:1-3, 53:1-3, යෙරමියා 13:23, රෝම 10-11). ජේසුස්වහන්සේ මෙය තහවුරු කර ඇති බවට හොඳ උදාහරණ දෙකක් මැතිව් 7: 16-27 සහ මැතිව් 12:34-37 යන පදවල සඳහන් වේ.

නිදහසේ නියෝජිතයකු සහ නිදහස් කැමැත්ත අතර අර්ථ නිරූපණය සමග, අනුකුලත්වය මිනිසාගේ නිදහසේ නියෝජිතයකු දේවධර්මාත්මක යෝජනාවට ලෙස හදුන්වන නිර්ණය සහ / හෝ දෙවියන්වහන්සේගේ විඥාණ ස්වභාවයේ බයිබලයට අනුකුලවූ සත්‍යතාවය දෙස යොමිවේ. මූලික ගැටලුව නම් මිනිසාසේ ක්‍රියා සැම විටම සිදුවන්නේ නම් මිනිසා තම ක්‍රියාවන්ට වග කියන්නේ කෙසේද යන්නය (එනම් අනාගතය වෙනස්වන්නේ නැත) සහ සිදුවූ දෙයට හැර වෙන කිසිවක් සිදුවිය නොහැක යනුවේ. මේ සම්බන්ධයෙන් කථා කර්න්නාවූ දේ ශුද්ධ ලියවිල්ලේ බොහෝ සේ සඳහන් වූවද, පරීක්ෂා කිරීමට මූලික කොටස් තුනක් ඇත.

ජෝසප් සහ ඔහුගේ සහෝදරයන් පිලිබඳ කථාව

පලමුවැන්න වනුයේ ජෝසප් සහ ඔහුගේ සහෝදරයන් පිලිබඳ කථාවය (උත්පත්ති 37). ජෝසප් තම සහෝදරයන්ගේ වෛරයට පාත්‍ර වූයේ ඔවුන්ගේ පියා ජෝසප්ට තම අන් පුතුන්ට වැඩියෙන් ආදරය පෙන්වූ නිසා සහ (උත්පත්ති 37.3) ජෝසප් දුටු සිහිනයන්හේ ආර්ථකථනයන් නිසාය (උත්පත්ති 37: 5-11). අවස්ථාවක් පැමිණි වහාම ජෝසප් ගේ සහෝදරයන් ඔහුව ගමන් කරමින් සිටි මදියනයිට් වරුන්ට වහල්සේවයට විකුණූහ. ඉන්පසු ඔවුන් ජෝසප්ව මෘර්ගයන් විසින් මරා දමා ඇති බවට තම පියාණන්ට ඒත්තු ගැන්වීම සදහා ඔහුගේ කබාය මැරුවාවූ එළුවකුගේ ලෙයින් පෙඟුවේය (උත්පත්ති 37.18-33). වසර ගණනාවකට පසු, එම කාළය තුල දෙවියන්වහන්සේ විසින් ආශිර්වාද කරනු ලැබුවාවූ ජෝසප්ව ඔහුගේ සහෝදරයන්ට ඊජිප්තුවේදී හමුවූ අතර ජෝසප් ඔවුන්හට තමන්ව එළිදරව් කළේය (උත්පත්ති 45: 3-4). මෙම කාරණයට වඩා උචිත වන්නේ ජෝසප් සහ ඔහුගේ සහෝදරයන් අතර වූ සාකච්ඡාව වේ.

“ඉතින්, මා මෙහාට එව්වේ ඔබ නොව දෙවියන් වහන්සේය. උන්වහන්සේ මා පාරපාවෝගේ පියාණන්ද, ඔහුගේ මුළු නිවසේ ස්වාමියාද ඊජිප්තුවේ අධිපතිද කළ සේක (උත්පත්ති 45:8).

මෙම ප්‍රකාශය විස්මිත වන්නේ ජෝසප් මින් පෙර පැවසූයේ ඔහුගේ සොහොයුරන් ඔහුව ඊජිප්තුවට විකිණූ බවය (උත්පත්ති 45:4-5). ඊට පරිච්චේද කිහිපයකට පසු අනුකුලවාදී සංකල්පය ඉදිරිපත් කර ඇත.

ඔබ මට හානියක් කිරීමට අදහස් කළ නමුත් දෙවියන්වහන්සේ දැන් සිදුවී තිබෙන දෙය ඉටු කිරීමට, බොහෝ ජීවිත ගලවා ගැනීමට එය යොදා ගත් සේක (උත්පත්ති 50:20).

උත්පත්ති කථාව අපට පවසන්නේ ඇත්ත වශයෙන්ම ජෝසප්ව සහෝදරයන් විසින් ඊජිප්තුවට විකිණූ බවය. කෙසේ වෙතත් ජෝසප් පවසන්නේ දෙවියන්වහන්සේ විසින් එසේ කල බවය. අනුකුලවාදී සංකල්පය ප්‍රතක්ශේප කරන අය දෙවියන් වහන්සේ ජෝසප්ගේ සහෝදරයන්ගේ ක්‍රියාව යහපත සඳහා යොදාගත් බව පවසනු ඇත. කෙසේ වෙතත් මෙම පාඨය පවසන්නේ එය නොවේ. උත්පත්ති 45-50 ට අනුව අපට පවසන්නේ (1) ජෝසප්ව සහෝදරයන් විසින් ඊජිප්තුවට යැවූහ. (2) ජෝසප්ව දෙවියන්වහන්සේ ඊජිප්තුවට යැවූ සේක. (3) ජෝසප්ව සහෝදරයන් විසින් ඊජිප්තුවට යවන ලද්දේ නපුරු චේතනාවෙන්ය. (4) ජෝසප්ව ඊජිප්තුවට යැවීමට ඳෙවියන් වහන්සේට යහපත් චේතනාවක් විය. එහෙයින් ප්‍රශ්ණය වන්නේ ජෝසප්ව ඊජිප්තුවට යවන ලද්දේ කා විසින්ද යන්නය. එයට විස්මිත පිලිතුර වන්නේ ජෝසප් ගේ සහෝදරයන් සහ දෙවියන්වහන්සේ විසින් බවය. එය ආයතන දෙකක් විසින් සිදු කරන ලද එක් කාර්යකි, සහෝදරයන් සහ ඳෙවියන් වහන්සේ එකවර කරන ලදී.

අසිරියාවේ කොමිෂන් සභාව

අනුකුලිකත්වය පළිබඳ එළිදරව් කරන්නාවූ දෙවන පරිච්චේදය දෙවියන් වහන්සේගේ සෙනගට ප්‍රොපේතමය අනාවැකියකින අනතුරු හැඟවීම යෙසායා 10 හී දක්නට ලැබේ. ද්විතීය කථාවේ 28-29 හි වන දිව්‍යමය පොරොන්දුවට අනුව දෙවියන්වහන්සේගේ සෙනගගේ පව්වලටට දඬුවම් කිරීමට ජාතියක් එවන සේක. යෙසායා 10:6 පවසන්නේ අසිරියාව යනු දෙවියන්වහන්සේගේ උදහසේ සැරයටිය බවත්, දෙවියන්වහන්සේගේ සෙනග කොල්ලකෑමට සහ පැහැර ගැනීමට ද වීථිවල මඩ වගුරු මෙන් පාගා දැමීමටද නියම කර ඇති බවත්ය. කෙසේවෙතත් දෙවියන් වහන්සේ අසිරියාව පිළිබඳ පවසන දේ වෙත අවධානය යොමු කරන්න. “එහෙත් අසිරියාවේ රජුගේ සිතෙහි වෙනම අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත (යෙසායා 10:7). අසිරියාව ආක්‍රමණය කිරීමේ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වූයේ පාපයට එරෙහිව උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ගෙන ඒමටය. අසිරියානුන්ගේ අභිප්‍රාය වූයේ බොහේ ජාතීන් විනාශ කර දැමීමටය. එකිනෙකාට විරුද්ධ වූ අභිප්‍රායන් දෙකක්, වෙනස් ආයතන දෙකක්, මෙම අරමුණ ගෙන ඒම සඳහා එකම කාර්යය සිදු කළහ. අප තව දුරටත් කියවන කල දෙවියන් වහන්සේ හෙලිදරව් කරන්නේ මෙම විනාශය උන්වහන්සේ විසින් තීරණය කර, නියම කරනු ලැබුවද (යෙසායා 10:23) අසිරියානුවන්ට දඬුවම් කරනු ලබන්නේ අසිරියාවේ රජුගේ පාරට්ටුවත් අහංකාරකමත් නිසාය (යෙසායා 10:12, යෙසායා10:15) අකීකරු ජනයාගේ විනිශ්චය දෙවියන්වහන්සේ විසින් මුළුමනින්ම තින්දු කර තිබුණත්, තම ක්‍රියාවන්ට විනිශ්චය ගෙන එනි ලැබූවන් රඳවා ගන්නා සේක.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසපත් කිරීම

අනුකුලිකත්වය පළිබඳ එළිදරව් කරන්නාවූ තුන්වන පරිච්චේදය ක්‍රියා 4:23-25 හි සඳහන්වේ. ක්‍රියා 2: 23-25හි එලිදරව් කළ පරිදි ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් කිරීම පූර්ව සැලසුම් කරන ලද හා දෙවියන්වහන්සේගෙ පූර්ව දැන ගැනීම මත සිදුවිය. ක්‍රියා 4:27-28 තව දුරටත් එළිදරව් කරනුයේ හෙරෝද්, පොන්තියුස් පිලාත්, විජාතින් සහ ඊශ්‍රායල් ජනතාව ගේ මෙම ක්‍රියාව, ඔවුන් ජෙසුස් වහන්සේට විරුද්ධව නැසී සිටි කල්හි , ඔවුන්ගේ බලයට සහ කැමැත්තට අනුව සිදුවිය යුතු දෙය ලෙස කලින් තීරණය කර තිබූ පරිදි දෙවියන්වහන්සේ විසින් නියම කර, තින්දු කර තිබුණ බවය. ජේසුස්වහන්සේ මරණයට පත්වන බව දෙවියන්වහන්සේ විසින් නියම කර තිබුණත්, උන්වහන්සේගේ මරණයට පත්කළ අය ඔවුන්ගේ ක්‍රියාවට ඊට වගකිවයුතු විය. දුෂ්ඨ මිනිසුන් විසින් ක්‍රිස්තුස්වහන්සේව මරණයට පත් කරන ලදී. එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙසය (යෙසායා 53:10). නැවතත්, ජේසුතුමා මරණයට පත් කළේ කවුද? යන ප්‍රශ්ණයට පිළිතුර වන්නේ දෙවියන්වහන්සේ සහ නපුරු මිනිසුන් යනුවේ - අභිප්‍රායන් දෙකක්, වෙනස් ආයතන දෙකක් , එකම කාර්යය සිදු කළහ.

අනුකුලිකත්වයේ සංකල්පයට අදාල වූ තවත් පරිච්චේද දේව වචනයේ සඳහන්වේ. එනම් පුද්ගලයන්ගේ හෘදයන් දැඩි කිරීම වැනි අවස්ථාවේ (නික්මයාම 4:21, යොෂුවා 11:20, යෙසායා 63:17). අනුකුලිකත්වය අප මවිතයට පත් කරන අතර (යෝබ් 9:10, යෙසායා 55:8-11, රෝම 11:33) මෙම සත්‍යය දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ පරමාධිපත්‍යය මිනිසාගේ කැමැත්ත සමඟ සංහිඳියාව කරගත් ආකාරය ලෙස හෙළිදරව් කර ඇත. දෙවියන්වහන්සේ සියඵ දේ කෙරෙහි පරමාධිපත්‍යය දරණ සේක. (ගීතාවලිය 15:3, දානියල් 4:35, මැතිව් 10: 29-30 ), දෙවියන්වහන්සේ සියලු දේ දන්නා අතර (යෝබ් 37:16, ගීතාවලිය 147:5, 1 යොහාන් 3: 19-20). මිනිසා තම ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුතු වේ (උත්පත්ති 18:25, ක්‍රියා 17:31, ජූද් 1:15). ඔහූගේ මාර්ගය අප්‍රකටය (යෝබි 9:10, රෝම 11:33). එබැවින් අප අපගේ මුළු සිතින්ම දෙවියන්වහන්සේ විශ්වාස කළ යුතු වන අතර, අපගේ අවබෝධය මත රඳා නොපැවැත්විය යතුවේ (හිතෝපදේශ 3:5-6).

English


නැවතත් සිංහල මුල් පිටුවට
අනුකුලිකත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries