settings icon
share icon
ප්‍රශ්නය

– ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය වීවෘත විය යුතුද සංවෘත විය යුතුද?

පිළිතුර


"විවෘත" සහ "සංවෘත" යන්න අතර වෙනස වනාහී ස්වාමින් වහන්සේගේ රාත්‍රි භෝජනයෙහි අරමුණ පිළිබද සභාව දරන මතය මෙන්ම සභවේ අධිකාරිත්වය කෙරෙහි රදා පවතියි. ස්වාමින්වහන්සේගේ "විවෘත" රාත්‍රි භෝජනය ක්‍රියාත්මක කරන සභාවන් තමන් කිතුණුවන් යයි ප්‍රකාශ කරනු ලබන අයට ආරාධනා කරනු ලබන්නේ එම නියෝගය පිළිපැදීමට ඔවුන් හා සමග සහභාගි වන ලෙසය. ස්වාමින්වහන්සේගේ "සංවෘත" රාත්‍රි භෝජනය ක්‍රියාත්මක කරන සභාවන් විසින් තම සභාවේ සමූහයාට සීමා කොට ඇත – යහපත් ස්ථාවරයක සිටින නිල සාමාජිකයන්ට පමණක් සහභාගි වීමට අවසර ඇත. තව සමහරක් සභාවන් තුන්වන ආකාරයක් ක්‍රියාත්මක කරන අතර ඔවුන් එය සදහන් කරනුයේ "සමීප" ස්වාමින්වහන්සේගේ "සමීප" රාත්‍රි භෝජනය ලෙසය; ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනයේ අනෙකුත් සභාවන්හී එකම නිකායේ සාමාජිකයන්ට දේශීය සභාවේ සාමාජිකයන් හා සමග එක්ව රොටි කැඩීමට අවසර දී ඇත.

ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය පිළිබදව දේව වචනයේ ඉගැන්වීම 1 කොරින්ති 11:17–34 හී හමුවන අතර එතුළින් ඇදහිලිවන්තයන්ගේ වීවෘත සහභාගිත්වය වෙනුවෙන් අනුබල දෙනු ලැබේ. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති පෞද්ගලික ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ සැබෑ ඇදහිලිවන්තයන් වන සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ මරණය ඔවුන්ගේ පාපයේ මිලය ගෙවූ බව යන කාරණය පිළිගෙන ඇති හෙයින් ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනයට සහභාගී වීමට සුදුස්සන් වෙති (එපිස 1:6–7 බලන්න).

සංවෘත හෝ සමීප ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය ක්‍රියාත්මක කරන්නාවූ සමහර සභාවන්හී හේතු කාරකය නම් එයට සභභාගිකම් දරන්නාවූ සියල්ලන් ඇදහිලිවන්තයන් බවට සහතික වීමට වග බලා ගනු පිණිසය. මෙය අවබෝධ කරගත හැක්කක්වේ; කෙසේ නමුත් සභාවේ නායකයන් / සභා ප්‍රවේශකයන් එයට සහභාගිකම් දැරීමට සුදුස්සන් කව්රුන්ද යන්න නීර්ණය කිරීමේ තත්වයකට පත් කරයි, එය ගැටළු සහගතය. යම් සභාවක් ඔවුන්ගේ නිල සාමාජිකයන් සියල්ලන්ම සැබෑ ඇදහිලිවන්තයන් යැයි උපකල්පනය කළ හැකි නමුත් එවැනි උපකල්පනයක් සත්‍යය හෝ අසත්‍යය විය හැකිය.

ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනයේ සංවෘත ක්‍රියාවලිය – සභාවේ සාමාජිකයන්ට පමණක් සීමා කිරීම වනාහී කිසිවකු "නුසුදුසු ආකාරයකින්" සහභාගීකම් නොදරන බවට සහතික විම පිණිස දරන ප්‍රයත්නයකි (1 කොරින්ති 11:27). ස්වාමින්වහන්සේගේ සංවෘත රාත්‍රි භෝජනය ක්‍රියාත්මක කරන්නාවූ සභාවන් සලකා බලනු ලබන්නේ එහි සාමාජිකයන්ගේ අධ්‍යාත්මික සුදුසුකම් නීර්ණය කිරීමට හැකිවන්නේ එම සභාවේ සමූහයට පමණක් බවය; පිටස්තර පුද්ලයන්ගේ හෝ ආගන්තුකයන්ගේ අධ්‍යාත්මික තත්වය නීර්ණය කිරීමට කිසිඳු මාර්ගයක් නොමැත. කෙසේ නමුත් 1 කොරින්ති 11:27 හී සදහන් වන්නේ පුද්ගලයෙකු රොටි සහ කුසලානය සහභාගිකම් දරන ආකාරය පිළිබදව විනා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික සුදුසුකම නොවේ. කිසිවකු දෙවියන්වහන්සේගේ මේසයට සභභාගිකම් දැරීමට සැබවින්ම "සුදුසු" නොවේ; ක්‍රිස්තුස්වහන්සේ විසින් වගුරවනු ලැබූ රුධිරය කරණකොටගෙන අපව සුදුස්සන් බවට පත් කරනු ලබා ඇති කාරණය මතය. සහභාගිකම් දැරීමේ ආකාරය නුසුදුසු බවට පත් වනුයේ සමහර ඇදහිලිවන්තයන්ව බැහැර කොට තිබීම (21 වන පදය), සහභාගිවන්නන් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරන කළ (21 වන පදය), බේබදුකම අන්තර්ගත වී ඇති කළ (21 වන පදය), දිළිදුන්ව නින්දාවට පත් කර ඇති කළ (22 වන පදය), ආත්මාර්ථකාමීත්වයට අනුබල දී ඇති කළ (33 වන පදය), හෝ රැස්වී සිටින්නවුන් මෙය තම කුසගින්න නිවාලනු පිණිස ගනු ලබන ආහාර වේලක් ලෙස සලකනු ලබන කලවේ (34 වන පදය).

දේව වචනානුකූලවල ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය සියලූ ඇදහිලිවන්තයන්ට විවෘත විය යුතු අතර එය සුවිශේෂී සභාවකට හෝ නිකායකට සංවෘතවි නොතිබිය යුතුවේ. වැදගත් කාරණය නම් සියලූ සහභාගිවන්තයන් නැවත උත්පාදනය ලැබ ස්වාමින්වහන්සේ හා සමග මෙන්ම එකිනෙකා හා සමග මිත්‍රත්වයෙන් ගමන් කරනු ලබන්නවුන් වීමය. සභභාගිකම් දැරීමට පළමුවෙන් සෑම ඇදහිලිවන්තයෙකුම ඔහුගේ හෝ ඇයගේ චේතනාවන් පෞද්ගලිකවම විමසා බැලිය යුතුවේ (1 කොරින්ති 11:28). යමෙකු තමා අයත් වන සභාව කුමක් වූවත් අභක්තික වීමල ප්‍රාග් විනිශ්චයල ආත්මාර්ථකාමීත්වය සහ තෘෂ්ණාව ස්වාමින්වහන්සෙගේ මේසට ළංවීමට කිසිඳු අවකාශයක් ලබා නොදේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

– ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය වීවෘත විය යුතුද සංවෘත විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries