සමීප ඥාතියෙකු හා සමග සබදතාවයක් පවත්වාගෙන යාම ද්වේෂ සහගත වේද?


ප්‍රශ්නය: සමීප ඥාතියෙකු හා සමග සබදතාවයක් පවත්වාගෙන යාම ද්වේෂ සහගත වේද?

පිළිතුර:
පැරණි ගිවිසුමෙහි දෙවියන්වහන්සේ විසින් තහනම් කරනු ලැබූ සබදතාවයන් ලෙවී කථාව 18:6–18 හී ලයිස්තුගත කර ඇත. එම පාඨයෙහි ඉශ්‍රායලිතයන්ට අණ කරනු ලැබුවේ මව්පියෙකු, සුළු – මව්පියෙකු, මුණුපුරකු හෝ මිනිපිරියකු, (සහ වටහාගත් ලෙස ආචිච් හෝ සීයා කෙනෙකු) සහෝදරයෙකු හෝ සහෝදරියෙකු, මව්පියෙකුගේ සහෝදරයෙකු හෝ සහෝදරියෙකු, (උදා: ලෙස පියාගේ හෝ මවගේ සහෝදරයෙකු හෝ සහෝදරියෙකු) හෝ සුළු සහෝදරයෙකු හෝ සහෝදරියෙකු හා සමග විවාහ නොවන ලෙසය. ඥාති සහෝදරයෙකු හෝ සහෝදරියෙකු හා සමග විවාහය දේව වචනයේ කොතැනක හෝ තහනම් කොට නොමැත.

මනුෂ්‍යවර්ගයාගේ මුල් වකවානුවන්හී, මනුෂ්‍යයන් ඉතා සීමිත ගණනක් පැවතිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සමීප ඥාතීන් හා සමග විවාහ වීම නොයෙක් විට අවශ්‍යය විණි. තම තමන් අතර අන්තර් විවාහ තවදුරටත් සිදු කරගැනීමට අවශ්‍යය නොවූයේ මනුෂ්‍යවර්ගයා බොහෝ සේ පොළොවෙහි වැඩි වර්ධනය වීමට ආරම්භ විමෙන් අනතුරුවය. මනුෂ්‍යවර්ගයාගේ මුල් වකවානුවෙහි මානව ප්‍රවේණි කේතය වර්තමාන කාලයෙහි පවතින ප්‍රමාණය සේ දූෂිත වී නොතිබිනි. එසේ හෙයින් සමීප ඥාතීන් විවාහ වී දරුවන් ලැබීම ආරක්ෂා සහිත විය. තම දරුවන් තුළ ප්‍රවේණික අසමාන්‍යතා ඇති වීමට තිබූ අවධානම අවම විය. මනුෂ්‍යය ජාතිය පැතිර යාමෙන් අනතුරුව පාපය හේතුකොටගෙන මානව ප්‍රවේණි කේතය කෙතරම් දූෂිත වූවාද යන්න දෙවියන්වහන්සේ සමීප ඥාතීන් හා සමග විවාහ වීමට විරුද්ධව අණ කරනු ලැබූ සේක.

එසේ හෙයින් සමීප ඥාතියෙකු හා විවාහ වීම ඉඳුරාම දුෂ්ට නොවේ. අප විසින් එය නොකල යුත්තේ එය ප්‍රවේණිකව අනාරක්ෂිත හෙයිනි. තවද වර්තමානයෙහි බොහෝ ජාතීන් සමීප ඥාතියෙකු හා විවාහ වීම පිළිබද ඉතා තදබල නීති පණවා ඇත. දේව වචනයෙහි අපට අණ කරනු ලබන්නේ අප ජීවත් වන ජාතියෙහි නීති මාලාවන්ට කීකරු වන ලෙසයග (රෝම 13:1–6). බොහෝ නීති මාලාවන්ට දෙවන ඥාතී සහෝදර සහෝදරියන් අතර විවාහයට ප්‍රමාණවත් විසංයුක්තියක් ඇති බවට ඒත්තු ගෙන ඇත. විවාහය සැලකිල්ලට ගනු ලබන සමීප ඥාතිත්වයක් ඇති යුවලක් මුළු හදවතින්ම දෙවියන්වහන්සේට යාච්ඤා කල යුත්තේ මෙය උන්වහන්සෙගේ කැමැත්තද යන්න තෝරා ගැනීමට අවශ්‍යය ප්‍රඥාව සහ විචක්ෂණ බුද්ධිය ලබා ගනු වස්ය (යාකොබ් 1:5). ඒ ආකාරයෙන්ම එම යුවල මෙම කාරණය පිළිබදව නියත වශයෙන්ම ඔවුන්ගේ පවුල් තුළින්ද උපදෙස් ලබා ගත යුතු වෙති.

English


නැවතත් සිංහල මුල් පිටුවට
සමීප ඥාතියෙකු හා සමග සබදතාවයක් පවත්වාගෙන යාම ද්වේෂ සහගත වේද?