settings icon
share icon
ප්‍රශ්නය

පූජකයන් හා ගිහියන් අතර වෙනස බයිබලානුකුලද?

පිළිතුර


පූජකයන් යන වචනය හෝ ගිහියන් යන වචනය බයිබලයේ සඳහන් නොවේ. මේවා අද දින බහුලව භාවිතා වන්නේ "දේශණා කුඩුවේ සිටින පුද්ගලයා" හා "ආසන පෙළකට ඇති බංකුවල වාඩිවී සිටින පුද්ගලයන්" යන්නයි. ඇදහිලිවන්තයන්ට වෙනස් කැඳවීමක් හා දීමනා / තලෙන්ත ඇතත් (රෝම 12:6), ඔවුන් සියල්ලෝම දෙවියන් වහන්සේගේ සේවකයෝය (රෝම 14:4). පාවුල්තුමා තමන් තුබීකස්ගේ "සහෝදරයෙක්" හා "හවුල් දාසයෙකු" ලෙස සැළකුවේය (කොළොස්සි 4:7). පාවුල්ට සහ එපප්‍රස්ටද එය එසේම විය (කොලොස්සි 1:7). එපප්‍රොදිතස් යනු පාවුල්ගේ සහෝදරයා, සම සේවකයා සහ හවුල් හේවායා විය (පිලිප්පි 2:25). පාවුල් හා තිමෝති තමන්ව කොරන්තියේ සභාවේ "සේවකයෝ" ලෙස හැඳින්වූහ 2 කොරින්ති 4:5). පේතෘස් සීලස්ව සැලකුවේ ඔහුගේ "විශ්වාසවන්ත සහෝදරයා" ලෙසයි (1 පේත්‍රස් 5:12). ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමේ සන්දර්භය තුළ ප්‍රේරිතයන් කිසිවිටෙකත් "අප" හා "ඔවුන්" ගැන කතා කළේ නැත. සභාවේ සිටින සියලුම ඇදහිලිවන්තයන් සමඟ ඔවුන් සෙසු කම්කරුවන් ලෙස සැළකුහ.

"වෘත්තීය දේව සේවය" සහ "ගිහි සේවය" අතර වෙනස පැනනැඟුනේ සභා වලින් නායකයන් හදුනා ගැනීම නවතා වෙනත් ස්ථානවලින් ඔවුන්ව කැඳවීමට පටන් ගත් විටය. සභාවේ ඉතිහාසයේ අවම වශයෙන් පළමු සියවස තුළ, බොහෝ සභා ඔවුන් ගේම සාමාජිකයින් මත දෙවියන් වහන්සේගේ හස්තය හදුනා ගෙන, සුදුසුකම් ලබා නායකත්ව භුමිකාවන්ට කැඳවීය. "සභා පාලක" "වැඩිමහල්ලා" හෝ "අභිප්‍රේක්ෂක" යන ප්‍රාදේශීය සභා නායකත්වය පිළිබඳ සෑම අළුත් ගිවිසුමෙහිම පාහේ සඳහන් වන්නේ මෙය එසේ බවයි. එක් උදාහරණයක් සඳහා 1 ති්මොති 3:1-7 සහ 5: 17-20, ක්‍රියා 20: 17-38 සමඟ සසඳන්න. තීතස් 1:5-9 තවත් උදාහරණයකි.

ක්‍රිස්තියානි ලෝකයේ සමහර ප්‍රදේශවල "වෘත්තීය" පූර්ණකාලීන දේව සේවකයන් "සභාව" නියෝජනය කරන බව හදුනා ගැනීමට පටන් ගන්නා තෙක් ක්‍රමයෙන් තත්වය වෙනස් විය. "වෘත්තිකයින් නොවන අය" යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ සෙසු සේවකයන් වෙනුවට අනුගාමිකයින් හෝ පැමිණෙන්නන් ලෙස පෙනී සිටියහ. මෙම මානසිකත්වයෙන් පූජ්‍ය පක්ෂය හා ගිහියන් අතර දුර වැඩිවූ ධූරාවලි ක්‍රමය වර්ධනය විය.

1 කොරින්ති 12 සිට14 දක්වා බයිබල් ජේදයන් සමඟින් එපීස පොතෙහි බොහෝ දේ සහ රෝම 12 මතක තබා ගත යුතුය. මෙම ජේද සියල්ලම අවධාරණය කරනුයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සිටින සියලුම ඇදහිලිවන්තයන්ගේ සැබෑ සහෝදරත්වය සහ එකිනෙකාට ආශීර්වාද කිරීම සඳහා අපගේ අධ්‍යාත්මක දීමනා සහ කාර්යාල ක්‍රියාත්මක කරනවිට සියල්ලන් විසින් නිරූපනය කළ යුතු නිහතමානි කමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පූජකයන් හා ගිහියන් අතර වෙනස බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries