settings icon
share icon
ප්‍රශ්නය

මට පැහැදිලි හෘදය සාක්ෂියක් ලබා ගත හැක්කේ කෙසේද?

පිළිතුර


හෘදය සාක්ෂිය "කෙනෙකුගේ හැසිරීමේ හරි වැරැද්දට මඟ පෙන්වීමක් ලෙස ක්‍රියා කරන අභ්‍යන්තර හැඟීමක්" ලෙස අර්ථ දැක්විය හැකිය. බයිබලානුකුල ලෝක දෘෂ්ටියක් ඇති අයට, හෘදය සාක්ෂිය යනු දෙවියන්වහන්සේට සමාන මිනිස් ආත්මයේ කොටසයි (උත්පත්ති 3:22). දෙවියන්වහන්සේව අවිශ්වාස කරන්නන්ට මිනිස් හෘදය සාක්ෂියේ පැවැත්ම පැහැදිලි කිරීමට අපහසුවේ. පරිණාමය මිනිස් ආත්මයේ මෙම පැතිකඩට ගණන්දිය නොහැකි අතර එය "සුදුසුම" මානසිකත්වයෙන් පැහැදිලි කළ නොහැකිය.

ආදම් සහ ඒව දෙවියන්වහන්සේගේ අණට අකීකරුවී යහපත හා නපුර දැන ගැනීමේ ගසෙන් කෑවිට මිනිසාගේ හෘදය සාක්ෂිය අවදිවිය (උත්පත්ති 3:6). ඊට පෙර ඔවුන් දැන සිටියේ හොඳදේ පමණි. උත්පත්ති 3:5 හී දැන ගැනීම යන වචනය ලිංගික සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා වෙනත් තැනක භාවිතා කර ඇති එකම වචනයයි (උත්පත්ති 4:17; 1 සාමුවෙල් 1:19). සමීප අත්දැකීම් මගින් නපුර දැන ගැනීමට අප තෝරා ගන්නාවිට, අපගේ හෘදය සාක්ෂිය උල්ලංඝනය වන අතර චිත්තවේගීය අසහනය දරා ගනී. අප දෙවියන්වහන්සේව පිළිගත්තත් නැතත්, අපව මවා ඇත්තේ අපගේ මැවුම්කරු සමඟ ඇසුරු කිරීමටය. අප වැරදි කරනවිට, අප විසින් නිර්මාණය කරන ලද අරමුණට අප පටහැනි බව අපට හැඟෙන අතර, එම හැඟීම බෙහෙවින් සිත්තැවුලට පත් කරයි.

ආදම් සහ ඒව අමනාප කළේ දෙවියන්වහන්සේය; ඔවුන්ගේ උල්ලංඝනයවූ හෘදය සාක්ෂියට දෙවියන්වහන්සේම විසඳුම ලබා දුන්නේය. ඔවුන්ගේ නිරුවත ආවරණය කිරීම සඳහා ඔහු අහිංසක සතෙකුව මරා දැමුවේය (උත්පත්ති 3:21). මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ පාපය ආවරණය කිරීම සඳහා දෙවියන්වහන්සේ අදහස් කළ සැලැස්මේ පූර්වාදර්ශනයකි.

පුණ්‍ය කටයුතුවල සිට ස්වයං විකෘති කිරීම දක්වා මිනිසුන් තම හෘදය සාක්ෂිය ඉවත් කරගැනීම සඳහා විවිධාකාරයෙන් උත්සාහ කර ඇත. ඔහුගේ හෘදය සාක්ෂිය සතුටු කිරීමට මිනිසා ගත් උත්සාහයන් පිළිබඳ උදාහරණ වලින් ඉතිහාසය පිරී ඇත, නමුත් කිසිවක් ක්‍රියාත්මක නොවේ. එබැවින් ඔහු බොහෝවිට තමා වැරදිකරු යැයි ප්‍රකාශ කරන එම අභ්‍යන්තර හඩ ගිල දැමීමේ වෙනත් ක්‍රම වෙත යොමුවේ. ඇබ්බැහිවීම, දුරාචාරය, ප්‍රචණ්ඩත්වය සහ කෑදරකම බොහෝවිට වරදකාරී හෘදය සාක්ෂියක සාරවත් පසෙහි ගැඹුරට මුල් බැස ඇත.

කෙසේවෙතත්, සියලු පාපයන් අවසානයේ දෙවියන්වහන්සේට එරෙහි පාපයක් බැවින්, උල්ලංඝනයවූ හෘදය සාක්ෂියක් මුදවා ගත හැක්කේ දෙවියන්වහන්සේට පමණි. උන්වහන්සේ ඒදන් උයනේ කළාක් මෙන්, පරිපූර්ණ හා නිර්දෝෂී දෙයක් පූජා කිරීමෙන් දෙවියන්වහන්සේ අපට ආවරණයක් සපයයි (නික්මයාම 12:5; ලෙවී කථාව 9:3; 1 පේත්‍රැස් 1:18-19). මුළු ලෝකයේම පව් උදෙසා අවසාන, පරිපූර්ණ පූජාවවීම සඳහා දෙවියන්වහන්සේ තම පුත් යේසුස්වහන්සේව ලෝකයට එවිය. (ශු. යොහන් 3:16; 1 යොහන් 2:2). යේසුස්වහන්සේ කුරුසියට ගිය විට, අප විසින් කරනු ලබන සෑම පාපයක්ම උන්වහන්සේ විසින්ම ගනු ලැබීය. සෑම හෘදය සාක්ෂියක්ම, සෑම පව් සිතුවිල්ලක්ම සහ සෑම නපුරු ක්‍රියාවක්ම උන් වහන්සේ මත තබන ලදි (1 පේත්‍රැස් 2:24). අපගේ පාපය උදෙසා දෙවියන් වහන්සේට ඇති සියලු ධර්මිෂ්ඨ උදහස උන්වහන්සේගේ පුත්‍රයා පිට වගුරුවනු ලැබීය (යෙසායා 53: 6; යොහන් 3:36). ආදම්ගේ පාපය ආවරණය කිරීම සඳහා අහිංසක සතෙකු පූජා කළාක්මෙන්, අප උදෙසා පරිපූර්ණ පුත්‍රයා පූජා කරන ලදි. දෙවියන්වහන්සේම අපව උන්වහන්සේ සමග නිවැරදි කර ගැනීමටත්, අපට සමාව දුන් බවටත් ප්‍රකාශ කරයි.

අපගේ පාපය, අපගේ අසාර්ථකත්වයන් සහ දෙවියන්වහන්සේව කුරුසියේ පාමුලට සන්තර්පනය කිරීමේ කාලකණ්ණි උත්සාහයන් ගෙන එනවිට අපගේ හෘදය සාක්ෂිය පවිත්‍ර කර ගත හැකිය. ක්‍රිස්තුස්වහන්සේගේ පව් කමාව අපගේ පාපයට සමාවදී අපගේ හෘදය සාක්ෂිය පවිත්‍ර කරයි (හෙබ්‍රෙව් 10:22). අපගේ හදවත් පවිත්‍ර කර ගැනීමට අපට ඇති නොහැකියාව අපි පිළිගනිමු. අප දෙවියන්වහන්සේට ගෙවිය යුතු මිල ගෙවීමට යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ප්‍රමාණවත් බව අපි විශ්වාස කරමු. අපගේ පුද්ගලික පාපය වෙනුවෙන් යේසුස්වහන්සේගේ වන්දි මුදල අප පිළිගන්නාවිට, දෙවියන්වහන්සේ අපගේ පාප "නැගෙනහිරින් බටහිරට වන්නට" අපෙන් ඉවතට හරවන බවට පොරොන්දුවේ (ගීතාවලිය 103:12; හෙබ්‍රෙව් 8:12).

ක්‍රිස්තුස්වහන්සේ තුළ අප පාපයේ ගෙල සිරකර නිදහස්වේ. ධර්මිෂ්ධකම හා පාරිශුද්ධ භාවය ලුහුබැඳීමටත්, දෙවියන්වහන්සේ අපව මැවූ පුරුෂයන් හා ස්ත්‍රීන් බවට පත්වීමටත් අපට නිදහස තිබේ (රෝම 6:18). ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපි තවමත් ඉඳහිට පව් කරන්නෙමු. එහෙත්, එසේවුවද, අපගේ හෘදය සාක්ෂිය නිරවුල් කර ගැනීමට දෙවියන් වහන්සේ අපට මාර්ගයක් සපයයි. පළමුවන යොහන් 1:9 පවසනවා, "අපි අපේ පාපය පාපොච්චාරණය කළොත්, උන්වහන්සේ අපගේ පාපයට සමාවදීමටත්, සියලු අධර්මිෂ්ධකමින් අපව පවිත්‍ර කිරීමටත් විශ්වාසවන්ත හා යුක්ති සහගතය." බොහෝවිට, එම පාපොච්චාරණය සමඟ අප අමනාපවූ අය සමඟ අප දේවල් නිවැරදි කළ යුතුය යන දැනුම පැමිණේ. දෙවියන් වහන්සේ දැනටමත් අපට සමාවදී ඇති බව දැන, අපට රිදවූ මිනිසුන් සමඟ අපට එම පියවර ගත හැකිය.

අපගේ පාපය දෙවියන්වහන්සේට නොකඩවා පාපොච්චාරණය කර, උන් වහන්සේ සමඟ අපව නිවැරදි කිරීමට යේසුස්වහන්සේගේ රුධිරය ප්‍රමාණවත් යැයි විශ්වාස කරනවිට අපගේ හෘදය සාක්ෂියට පැහැදිලිව සිටිය හැකිය. අපි දිගටම "දෙවියන්වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ධකම සොයන්නෙමු" (මතෙව් 6:33). අපගේ අඩුපාඩුකම් තිබියදීත්, දෙවියන්වහන්සේ අප තුළත්, අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ පරිවර්තන කටයුතු ගැනත් සතුටු වන බව අපි විශ්වාස කරමු (පිලිප්පි 2:13; රෝම 8:29). යේසුස්වහන්සේ පැවසුවේ "එබැවින් පුත්‍රයාණෝ ඔබව නිදහස් කළොත් ඔබ සැබවින්ම නිදහස් වනු ඇත" (යොහන් 8:36). දෙවියන් වහන්සේ සමාවදී ඇති අසාර්ථකත්වයන් ගැන නොසිතා අප පැහැදිලි හෘදය සාක්ෂියක් ඇතුව ජීවත්වෙමු. "දෙවියන්වහන්සේ අප උදෙසා නම් අපට විරුද්ධවිය හැක්කේ කාටද?" යන උන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි අපි විශ්වාසයෙන් සිටිමු. (රෝම 8:31).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මට පැහැදිලි හෘදය සාක්ෂියක් ලබා ගත හැක්කේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries