සභාවේ නමස්කාරයට කෙතරම් දුරට ප්‍රමුඛත්වය දිය යුතුද?



ප්‍රශ්නය: සභාවේ නමස්කාරයට කෙතරම් දුරට ප්‍රමුඛත්වය දිය යුතුද?

පිළිතුර:
යමෙක් අපගේ ජීවිතය ගලවා ගත්තේ නම්, කෘතඥතාව ප්‍රතිචාරය විය යුතුය. අපට කිසිම දිනක උපයා ගන්නට නොහැකි ත්‍යාගයක් දෙනු ලැබූවේ නම්, එහි අගය කිරීම දැනෙන්ට සලැස්විය යුතුය. අප දෙවියන් වහන්සේට කෘතඥතාවය දැක්වීම හා අගය කිරීම දෙවියන් වහන්සේ නමස්කාර කිරීමවේ. දෙවියන් වහන්සේ අපව ගලවා ගන්නා ලදී. එතුමාගේ ප්‍රේමය කොන්දේසි විරහිතය. එතුමාණන් වහන්සේගේ විශ්වයේ මැවුම්කරුවාණන් ලෙස අධිකාරිත්වය හා අපගේ ආත්මයේ ගැලවුම්කරු ලෙස අපගේ නමස්කාරයෙන් එතුමාණන් වහන්සේ හදුනා ගැනීම සිදු වේ. එබැවින් ඇදහිලිවන්තයෙක් ලෙස හා එක්සත් සභාව ලෙස දෙවියන් වහන්සේව නමස්කාර කිරීමට ඉතා උසස් ප්‍රමුඛත්වයක් දිය යුතුවේ. පූද්ගලිකව දෙවියන් වහන්සේ හා පවත්වන සම්බන්ධතාවය නිසාම අනෙකුත් ආගම් අතර කිතුණු දහම අද්විතීය වේ. "මක්නිසාද ස්වයම් ගෞරවරක්‍ෂක නම් වූ ස්වාමින් වහන්සේ ස්වකීය ගෞරවය ආරක්‍ෂා කරන්නාවූ දෙවි කෙනෙක් බැවින් නුඹ අන් දෙවි කෙනෙකුට නමස්කාර නොකළ යුතුය" යනුවෙන් නික්මයාම 34:14 හි පවසයි. අපගේ ඇදහිල්ලේ සාරය නම් මැවුම්කාර දෙවියන් වහන්සේ හා වන පුද්ගලික සම්බන්ධතාවයයි.

නමස්කාරය එම පුද්ගලික සම්බන්ධතාවය වර්ණනා කිරීමේ ක්‍රියාවකි. නමස්කාරය හරහා අප දෙවියන් වහන්සේ හා අදහස් හුවමාරු කරගනී. නමස්කාරය කරණකොට ගෙන අප එතුමාගේ ස්වාමිත්වය සහ දේවත්වය පිළිගනු ලබයි. ධය සංගීතය හරහා වේවා, කෑගැසීම, යාච්ඤාව හෝ වෙනත් ආකාරයකින් වේවා, නමස්කාරය යනු දෙවියන් වහන්සේ හා වන දැඩි මිත්‍රත්වය හදවතින්ම ප්‍රකාශ කිරීමයි. අප ජීවත්විය යුත්තේ දෙවියන් වහන්සේ ගේ අණපණත් වලට කීකරුවය , නමුත් එම කීකරුකම කිසිවිටෙකත් උදාසීන / නොසැලකිලිවන්ත, අමනෝඥ කීකරුවීමක් වීම දෙවියන් වහන්සේගේ අභිප්‍රාය නොවේ." නූඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න" ලෙස ද්වීතීය 6:5 හී සඳහන් වේ.

සභාව යනු දෙවියන් වහන්සේගේ නාමයට එක්ව හඬගැසිම වන අතර එම වරප්‍රසාදය අපට උරුම වූයේ කුරුසිය මත යේසුස් වහන්සේගේ පූජාව කරණකොටගෙනය. ගෝලයන් බිහි කිරීම සහ දෙවියන් වහන්සේගේ අණපණත් වලට කීකරුව ජීවත් විය යුතු බව අපට පවසා ඇත. "උන් වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි. උන්වහන්සේද ඔහු තුළ පවතින සේක" යනුවෙන්1 යොහාන් 3:24 හි පවසයි. සභාවේ සෑම සාමාජිකයෙකුම කැඳවනු ලැබුවේ දෙවියන් වහන්සේ නමස්කාර කරණ පිණිසය. අප සෑම කෙනෙක්ම යාච්ඤාවෙන් කාලයක් ගත කළ යුතු අතර හදවත පත්ලෙන්ම දෙවියන් වහන්සේට කතා කළ යුතුවේ. එතුමාණන්ගේ ලියවිල්ලෙහි වචනය අප කියවිය යුතු අතර, හදවතින් ඒවා මෙනෙහි කළ යුතුවේ. අපගේ පුද්ගලික ආත්මික මෙහෙරුත්වය උදෙසා නමස්කාරයේ පුද්ගලික කාලයන් ඉතා අවශ්‍ය වේ.





නැවතත් සිංහල මුල් පිටුවට



සභාවේ නමස්කාරයට කෙතරම් දුරට ප්‍රමුඛත්වය දිය යුතුද?