සභාවක් ඔවුනට ලැබෙන පූජා වලින් සියයට 10 ක් ඔතු ලෙස වෙන් කළ යුතුද?



ප්‍රශ්නය: සභාවක් ඔවුනට ලැබෙන පූජා වලින් සියයට 10 ක් ඔතු ලෙස වෙන් කළ යුතුද?

පිළිතුර:
පැරණි ගිවිසුම් ව්‍යවස්ථාව යටතේ ජනතාව ඔවුන්ගේ සියලූ ආදායම් වැඩි විම් වලින් ඔතු (වචනානුසාරයෙන් කිවහොත් දසයෙන් කොටසක්) දිය යුතු විය. දෙවියන්වහන්සේගේ ආශිර්වාදයන්ට නිසිවූ වටහා ගත් ප්‍රතිචාරය වූයේ ඔතු දීමය. වර්තමානයේ බොහෝ පුද්ගලයන්ට ප්‍රශ්ණාර්ථයක් වනුයේ අප “ව්‍යවස්ථාවට යටත්ව” නොසිටින හෙයින් ඔතු දීම ඇදහිලිවන්තයන්ට තවමත් අදාලද යන්නය. නව ගිවිසුමේ සභාවන් මගින් දිය යුතු ප්‍රතිශතයක් සදහන් නොමැති වූවත් සමානුපාතිකව දිය යුතු මූලධර්මය උගන්වනු ලබන්නේ 1 කොරින්ති 16:2; 2 කොරින්ති 8 තුළින් වන අතරම බොහෝ ඇදහිලිවන්තයන් මෙය සලකනු ලබන්නේ ඔතු දීම තමන්ගේ දීමෙහි රටාවක් ලෙසය. නව ගිවිසුමෙහි තවදුරටත් වාර්තා කරනු ලබන්නේ සභාවෙහි ඇදහිලිවන්තයන් මුදල් එකතු කරනු ලැබුවේ වෙනත් සේවාවන්ට දෙනු ලබන පිණිස බවය.

සභාවක් වෙනත් සේවාවකට ඔතු දිය යුතුය යන්න නිශ්චිත වශයෙන්ම සදහන් කරනු ලැබූ පදයක් නොතිබුනත් එයින් පෙනී යන්නේ දෙවියන්වහන්සේ තමන්ව සඵල කරතත්ම සභාවන් මගින් අනෙකුත් සේවාවන්ට ත්‍යාගශීලිව සහයෝගය දිය යුතු බවය. සමහර සභාවන් තම අය වැයෙන් යම් ප්‍රමාණයක් “පිටස්තර සේවාවන්” සදහා වෙන් කරනු ලබන්නේ තමන්ගේ අවට ලෝකයේ මහත්වූ අවශ්‍යතා කෙරෙහි සමබර අවධානයක් යොමු කරනු වස්ය. සභාවක් ඔතු දීම (දසයෙන් කොටසක් හෝ වෙන යමි ප්‍රතිශතයක්) නිදසුනක් ලෙස විදේශ ධර්ම දූත සේවාවන්ට ලබා දීම අසාමාන්‍යය දෙයක් නොවේ. මෙය නීත්‍යානුකූල ගත අවශ්‍යතාවයක් නොවිය යුතුය. ඒ වෙනුවට දෙවියන් වහන්සේගේ සැපයීමේ ප්‍රීතිමත් සැමරීමක් විය යුතුවේ.





නැවතත් සිංහල මුල් පිටුවට



සභාවක් ඔවුනට ලැබෙන පූජා වලින් සියයට 10 ක් ඔතු ලෙස වෙන් කළ යුතුද?