settings icon
share icon
ප්‍රශ්නය

සභා රෝපණය කිරීම යනු කුමක්ද?

පිළිතුර


සභා රෝපණය වූ කලී සංවිධානගත වූ ඇදහිලිවන්තයන් පිරිසක් නව ස්ථානයක ස්ථාපිත කරනු ලැබීම වේ. සභාවක් රෝපණය කිරීමේ ක්‍රියාවලියට ඉවැන්ජලිස්ත සේවය, නව ඇදහිලිවන්තයන්ගේ ගෝලත්වය, සභා නායකයන්ව පුහුණු කිරීම සහ නව ගිවිසුමේ ආකෘතියට අනුව සභාව සංවිධාන ගත කිරීම ආදී කරුණු අඩංගුවේ. සාමාන්‍යයෙන් මෙම ක්‍රියා පටිපාටියට සභා ප්‍රඥප්තිය නොහොත් මූලධර්ම ප්‍රකාශයක් මෙන්ම රැස්වීමට ස්ථානයක් හෝ දේපළ මිලදී ගැනීම හෝ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආදියද අන්තර්ගතවේ.

සභා රෝපණය කිරීම වූ කලී “ධර්මදූත සේවයේ” විශාල කොටසක විශේෂිත අවධානයක් තිබෙන්නෙකි. සභාවන් රෝපණය කරන්නන් වනාහී තම ප්‍රයත්නයන් දේව වචනය දේශනා කිරීම සහ ඉගැන්වීම කෙරෙහි මෙනෙහි කරනු ලබන මිෂනාරි සේවකයන්වේ. වීශේෂඥ දැනුම සහ ඇතැම් නිපුණතා වලින් හෙබි අනෙකුත් මිෂනාරි සේවකයින්ව නිල වශයෙන් “සභා රෝපණය කරන්නන්” ලෙස සලකනු නොලැබුවත් ඔවුන් විසින් එසේ කරන්නන්ට අගනා සේවයක් සපයනු ලබති. මෙවන් සහය දෙනු ලබන මිෂනාරි සේවකයන් අතර ගුවන් විදුලි විකාශකයන්, ගගන යාත්‍රිකයින්, මුද්‍රණ ශිල්පියන්, බයිබල් පරිවර්තකයන් සහ වෛද්‍ය නිලධාරින්ද අයත් වේ.

බොහෝ සභා රෝපණය කරන්නන්ගේ අවසාන ඉලක්කය නම් ස්වාධීන, ස්වයං ප්‍රචාර ඇදහිලිවන්තයන් පිරිසක් ප්‍රජාව තුළ බිහිකරමින් දෙවියන් වහන්සේට ගෞරවය කිරීමය. මෙම ඉලක්කය කරා ළගා වූ කල සහ සභාව තමන්ටම නැගිට සිටීමට හැකි වන කලල සභා රෝපකයා සාමාන්‍යයෙන් වෙනස් ප්‍රජාවක් වෙත ගමන් ගනිමින් එම ක්‍රියාවලියම නැවත ආරම්භ කරනු ලබයි.

සභා රෝපණයේ ඉලක්කය දේව වචනානුකූලවේ. අපෝස්තුළු වූ පාවුලූ එම ප්‍රදේශය තුළින් ගමන් කරන කළ, ඔහු සෑම විටකම සෑම නගරයකම යම් කාලයක් ගත කිරීමට ප්‍රයත්න දැරුවේ ප්‍රාදේශීය වශයෙන් ඇදහිලිවන්තයන් පිරිසක් ස්ථාපිත කිරීමට සහ නායකත්වය පුහුණු කිරීමටය (ක්‍රියා 14:21–23). පසුව ඔහු විසින් උත්සාහ දැරුවේ එම සභාවන් වලට නැවත සංචාරය කොට ඔවුන්ගේ විශ්වාසය ස්ථිර කිරීමට සහ ඔවුන් දිරිගන්වනු වස්ය. (ක්‍රියා 15:41; 1 තෙසලෝනික 3:2). ඔහු විසින් ස්ථාපනය කරනු ලැබූ සභාවන් විසින් එවිට මිෂනාරි සේවකයන්ව පිටත් කොට හැරීම කරණකොටගෙන සභා රෝපණ කටයුතු නොකඩවා කරගෙනු යනු ලැබිණි (1 තෙසලෝනික 1:8).



English



නැවතත් සිංහල මුල් පිටුවට

සභා රෝපණය කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries