settings icon
share icon
ප්‍රශ්නය

සභාවකට ලැබෙන පූජා සමඟ කුමක් කළ යුතුද?

පිළිතුර


සෑම සභාවකටම යම් ආකාරයක දසයෙන් කොටස හෝ පූජා ලැබේ. එය "තැටියක් අතින් අතට යැවිම" හෝ ශුද්ධස්ථානයේ පිටු පස පෙට්ටියක් හෝ වෙනත් එකතුකිරීමේ ක්‍රමයක් හරහා වේවා, සභාවකට ක්‍රියාත්මකවීමට අරමුදල් අවශ්‍යවේ. සභාව එම අරමුදල් භාවිතා කරන ආකාරය වැදගත් වන්නේ සභාවට එහි සාමාජිකයින්ට, අවට ප්‍රජාවට සහ දෙවියන්වහන්සේට වගකීම් ඇති බැවිනි.

පළමුව, සභාවකට එහි සාමාජිකයන්ට වගකීමක් ඇත. පෙන්තකොස්ත දිනයේ යෙරුසලමේ ආරම්භ කළ පළමු සභාවම ඔවුන්ගේ සාමාජිකයන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ බරක් ගෙන දුන්නේය: "දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය ඔවුන් තුළ කොතරම් බලවත්දයත්, ඔවුන් අතර අග හිඟකම් ඇති අය සිටියේ නැත. කලින් කලට ඉඩම් හෝ නිවාස අයිති අය ඒවා විකුණා, විකුණුම් වලින් මුදල් ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබූහ. එය අව්‍ය ඕනෑම කෙනෙකුට බෙදා හරින ලදි " (ක්‍රියා 4:33-35). අවශ්‍යතාවය මත මුදල් බෙදාහැරීමේ වගකීම දැරූ සභාවේ නායකයින් වෙත මෙම මුදල් ගෙන එන ලද බව අපට පෙනේ. ඔවුන් අතර වැන්දඹුවන්ට ආහාර බෙදා හරිනු ලැබීය (ක්‍රියා 6:1).

ජෙරුසලමේ ප්‍රේරිතයන්, අන්‍යජාතිකයන් අතර පාවුල්ගේ දේව සේවය සනාථ කරමින්, "දුප්පතුන් දිගටම මතක තබා ගන්න" කියා ඉල්ලා සිටියේය (ගලාති 2:10). එබැවින්, සභාව තුළ සිටින දුප්පතුන්ට ප්‍රයෝජනවත් වන පුණ්‍ය කටයුතු සභාවේ අය වැයේ කොටසක් විය යුතුය. සභාවෙන් ආධාර ලබා ගත යුත්තේ කාටද සහ ඔවුන්ගේ පෝෂණය සඳහා වෙනත් ප්‍රභවයක් මත යැපෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පාවුල්තුමා සමහර මාර්ගෝපදේශ සපයයි (1 තිමෝති 5:3-16).

පළමු වන ශතවර්ෂයේ විවිධ ප්‍රාදේශීය සභාවද අවශ්‍යතා ඇති අනෙකුත් සභාවලට උපකාර කිරීම සඳහා පූජා භාර ගත්හ. විශේෂයෙන්, යෙරුසලමේ සභාව පීඩා සහ සාගතයෙන් පීඩා වින්දේය. අන්තියෝකියේ සභාව උපකාර කිරීමට සම්පත් ලබා දුන්හ (ක්‍රියා 11:29). පාවුල් පසුව ගලාතිය (1 කොරින්ති 16:1), කොරින්තිය (1 කොරින්ති 16:3) සහ මසිදෝනිය සහ අකයීයා (රෝම 15:25-26) වෙතින් ජෙරුසලමට ප්‍රේම ත්‍යාග ලබා ගත්තේය. ඔහු සමඟ බෙරියා, තෙසලෝනික, දර්බය සහ ආසියා පළාතේ තානාපතිවරු (ක්‍රියා 20:4) ද පැමිණ සිටියහ.

දෙවනුව, සභාවකට අවට ප්‍රජාවට වග කීමක් ඇත. දුරස්ථභාවය අව්‍යවේ. "අපට අවස්ථාවක් තිබෙන නිසා, අපි සියලු මිනිසුන්ට, විශේෂයෙන් ඇදහිලිවන්තයන්ගේ පවුලට අයත් අයට යහපත කරමු" (ගලාති 6:10). මෙම පදය ප්‍රමුඛතාවය දෙවියන්වහන්සේගේ පවුල පළමුව — නමුත් අපි සෑම කෙනෙකුටම "යහපත" කිරීමට ක්‍රම සෙවිය යුතුය. ඇත්ත වශයෙන්ම, මෙයට එවැන්ජලිස්ත සේවය ඇතුළත් විය යුතුය (ක්‍රියා 1:8). නිරෝගී සභාවක් මිෂනාරිවරුන් පිටත් කර යැවිය යුතුය (ක්‍රියා 13:2-3 බලන්න) හෝ අවම වශයෙන් විවිධ සේවාක් ෂේත්‍රවල මිෂනාරිවරුන්ට සහායවීම.

සභාවක් තම බාහිර අවධානය නැති කර ගන්නා අතර, එය තම මුදල් වියදම් කරන ස්ථානයට සාක්ෂි වශයෙන්, අධ්‍යාත්මික දුර්වලතාවයේ සලකුණු පෙන්නුම් කරයි. සභාවේ උපදේශක සහ කතුවරයා වන තොම්. එස්. රේනර්, මිය ගිය සභාවක විදර්ශනයේ සඳහන් වන්නේ, මිය යන සභාවක එක් රෝග ලක්ෂණයක් වන්නේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සඳහා වන අය වැයේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතිනඅතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල් අඩුවන බවයි.

තෙවනුව, සභාවකට දෙවියන්වහන්සේට වග කීමක් ඇත. අපගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ සභාව දනී (එළිදරව් 2:2, 9, 13, 19), උන් වහන්සේගේ වචනය දේශනා කරන ලෙස උන්වහන්සේ අණ කරයි (රෝම 10:14; 2 තිමෝති 4:2) සහ "ක්‍රිස්තුස්වහන්සේගේ අභිරහස" ප්‍රකාශ කළ යුතුය (කොලොස්සි 4:3). ශුභාරංචිය ප්‍රකාශ කිරීම වඩාත් වැදගත්ය. එම ඉලක්කය ඉදිරියට ගෙන යන ඕනෑම දෙයකට ප්‍රමුඛතාවය දිය යුතු අතර දේවගැතිවරයාට ගෙවීම එම ඉලක්කයේ කොටසකි. "සභාවේ කටයුතු හොඳින් මෙහෙය වන වැඩිමහල්ලන් දෙවරක් ගෞරවයට පාත්‍රවේ. විශේෂයෙන් දේශනා කිරීම හා ඉගැන්වීම කරන අය. මක්නිසාද ශුද්ධ ලියවිල්ලෙහි, 'ගොනෙකු ධාන්‍ය පාගා දමන විට එය වසා නොගන්න' සහ 'සේවකයා ඔහුගේ වැටුප ලැබිය යුතුය' (1 තිමෝති 5:17-18). දේවවචනය විශ්වාසවන්තව සේවය කරන අයට ඔවුන්ගේ වැඩ සඳහා නිසි වන්දි ගෙවිය යුතුය (1 කොරින්ති 9:11 ද බලන්න).

සභාවක වියදම් පිළිබඳව ප්‍රඥාව අත්‍යවශ්‍ය වන අතර, එම ප්‍රඥාව උදෙසා අප යාච්ඤා කළ යුතුය (යාකොබ් 1:5). කදිම ගොඩනැඟිල්ලක් හෝ මනාව තබා ඇති භූමියක් තිබීම ගැන පාපයක් නොවේ, නමුත් සමහරවිට එම මුදල් වෙනත් මිෂනාරිවරයෙකුට සහය දැක්වීමට හෝ ලොව පුරා දිළිඳු සභාවලට ආධාර කිරීමට වඩා හොඳ මුදලක් වැයවේ දැයි අපි කල්පනා කරමු.

සභාවේ පරමාර්ථය විය යුත්තේ ලෝකයේ දෙවියන්වහන්සේගේ වැඩ කිරීමයි. දෙවියන්වහන්සේගේ මහිමයට සියල්ල කළ යුතුය (1 කොරින්ති 10:31). මුල් සභාව "ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් හා සහභාගිකම, රොටි කැඩීම සහ යාච්ඤාව සඳහා කැපවී සිටියේය" (ක්‍රියා 2:42). සමහරවිට මෙම ක්‍රියාවන් — වචනය පතුරුවා හැරීම, එකිනෙකා සමඟ ඇසුරු කිරීම, හවුලේ සිටීම හා යාච්ඤා කිරීම සභාවක් සිය පූජා භාවිතා කරන ආකාරය පිළිබඳ මූලික මඟ පෙන්වීමක් විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවකට ලැබෙන පූජා සමඟ කුමක් කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries