settings icon
share icon
ප්‍රශ්නය

සභාවක් තුළ මා බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

පිළිතුර


දේශීය සභාවක සෙවිය යුතු දේ දැන ගැනීමට නම් අප මුලින්ම තේරුම් ගත යුත්තේ සභාව සදහා දෙවියන්වහන්සේගේ අරමුණ එනම් පොදුවේ ගත් කල ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරීයවේ. සභාව පිළිබදව කැපී පෙනෙන සත්‍යයතා දෙකක් ඇතග පළමුවැන්න නම් "එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය" (1 තිමොති 3:15). දෙවනුව, සභාවේ ප්‍රධානියේ ක්‍රිස්තුස්වහන්සේ පමණි (එපීස 1:22; 4:15; කොලොස්සි 1:18).

ඇදහිල්ලේ සහ ක්‍රියාවේ එකම නිකැළැල් න්‍යාය නම් දේව වචනයවේ (2 තිමොති 3:15–17). එසේ හෙයින් සහභාගී වීම සදහා සභාවක් අප සොයන කළ අප විසින් සොයාගත යුත්තේ දේව වචනයේ ප්‍රමිතීන්ට අනුවල සුභාරංචිය දේශනා කරනු ලබන, පාපය හෙළා දකින, හදවතෙන්ම නමස්කාර කරනු ලබනල ඉගැන්වීම් දේව වචනානුකූල වන මෙන්ම අනෙකුත් අයට උපස්ථානය කිරිමට අවස්ථා පවතින සභාවකි. ක්‍රියා 2:42–47 හී සදහන් මුල් සභාවේ ආදර්ශය සලකා බලන්න. "තවද ඔව්හූ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤා වලද ස්ථිර ලෙස පැවතුණහ." "තවද ඔව්හූ දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමින්වහන්සේ වනාහී ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක."

සභාව පිළිබදව දෙවන සත්‍යය සලකා බලතොත්ල කිතුණුවන් විසින් සහභාගි විය යුත්තේ සියලූ ඉගැන්වීම් කාරණා සහ ක්‍රියාකාරිත්වයන් මගින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධානත්වය ප්‍රකාශ කරනු ලබන දේශීය මිත්‍ර සම්බන්ධයක් හා සමගය. කිසිම මනුෂ්‍යයකු, පාලකවරයෙකු, පූජකවරයෙකු හෝ පාප්වහන්සේ කෙනෙකු සභාවේ ප්‍රධානියා නොවේ. සියලූ මනුෂ්‍යයන් මරණයට පත්වෙති. ජීවමාන දෙවියන්වහන්සේගේ ජීවමාන සභාවට මළාවූ හිසක් තිබෙන්නේ කෙසේද? එසේ විය නොහැක. සභාවේ එකම උත්තරීතර අධිකාරිය ක්‍රිස්තුස්වහන්සේ වන අතර සභාවේ නායකත්වය, දීමනා, වැඩ පිළිවෙල, විනය හා නමස්කාරය ශුද්ධ ලියවිල්ලෙහි සදහන් කර ඇති පරිදි උන්වහන්සේගේ පරමාධිපත්‍යය තුළින් පත් කරනු ලැබේ.

මෙම මූලික සත්‍යයන් දෙක සැකසූ පසු ඉතිරි සාධක වන (ගොඩනැගිලි, නමස්කාර ශෛලයන්, ක්‍රියාකාරකම්, වැඩසටහන්, පිහිටීම යනාදිය) හුදෙක් පුද්ගලික මනාපයක් පමණි. සභාවකට සහභාගී විමට ප්‍රථමයෙන් යම් පර්යේෂණයක් කිරීමට අවශ්‍යයවේ. සභාවේ විශ්වාසයන් පිළිබද අන්තර් ඥාණයක් ලබාදෙන මූලධර්ම ප්‍රකාශ, අරමුණු ප්‍රකාශ, මෙහෙවර ප්‍රකාශ හෝ ඕනෑම දෙයක් හොදින් පරික්ෂා කර බැලිය යුතුය. කෙනෙකුට දේව වචනය, දෙවියන්වහන්සේ, ත්‍රිත්වය, යේසුස්ක්‍රිස්තුස්වහන්සේ, පාපය සහ ගැළවීම පිළිබදව තමන් විශ්වාස කරන දේ තීරණය කළ හැකිය.

ඉන්පසුව විය යුත්තේ මූලධර්මයන් නිසි ආකාරව පවත්නා බව පෙනෙන සභාවන් සංචාරය කිරීමය. සෑම සභාවකම දේව මෙහෙයන් දෙක තුනකට සහභාගී වීම උපකාරීවේ. ආගන්තුකයන් අතර බෙදා හරින ඕනෑම ලිපි ලේඛනයක් සියුම් ලෙස පරීක්ෂා කොට බලා විශ්වාස ප්‍රකාශන කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුවේ. සභාව පිළිබදව ඇගයීම ඉහත් සදහන් මූලධර්ම මත පදනම් විය යුතුවේ. එකම අධිකාරිය ලෙස දේව වචනය තිබේද? ක්‍රිස්තුස් වහන්සේ සභාවේ ප්‍රධානියා ලෙසට උසස් කොට තබා තිබේද? සභාව ගෝලත්වය පිළිබද අවධානය යොමු කරනු ලබයිද? ඔබව දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට යොමු කරනු ලැබුවේද? සභාව කුමන ආකාරයේ සේවාවන් සමග සම්බන්ධ වී තිබේද? දේශනාව දේව වචනානුකූල සහ සුභාරංචිය පතුරුවන්නක් වීද? මිත්‍ර සම්බන්ධතා කෙසේ වීද? එසේම ඔබට සුව පහසුවක් දැනිය යුතුවේ. ඔබව සාදරයෙන් පිළිගනු ලැබුවේද? සභාව සැබෑ නමස්කාර කරන්නන්ගෙන් සමන්විත වූයේද?

අවසාන වශයෙන් කිසිදු සභාවක් අංග සම්පූර්ණ නොවන බව මතක තබා ගත යුතුය. මංශික මෙන්ම ආත්මික යුද්ධයේදී අඛණ්ඩව යෙදී සිටින ගැළවීම ලැබූ පව්කාරයන්ගෙන් එය තවමත් පිරී තිබේ. එසේම යාච්ඤාවේ බලය අමතක නොකරන්න. දෙවියන්වහන්සේ විසින් ඔබ සහභාගි විය යුතු සභාව පිළිබදව යාච්ඤා කිරීම මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුරාවටම ඉතා තීරණාත්මකවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවක් තුළ මා බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries