settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයට යාම පිණිස කෙනෙකු සභාවට යා යතුද?

පිළිතුර


ගැළවීම හමුවන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළය. "මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය" (යොහාන් 3:16). දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාව දෙනු ලැබුවේ අපට සදාකාල ජීවනය ලැබෙන පිණිසය, ඒ කරණකොටගෙන ස්වර්ගයට යාම පිණිස සභාවට යාම ඇතුළු යහපත් ක්‍රියා කිරීමේ අපගේ අවශ්‍යතාවය එමගින් නැති වී යයි. සදාකාල ජීවනය අත්පත් කර ගනුයේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඇදහිල්ල තුළින් පමණි. "පුත්‍රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇතත දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත" (1 යොහාන් 5:12). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන්, ඔවුන්ගේ පාප වෙනුවෙන් උන්වහන්සේ විසින් කරනු ලැබූ පූජාව පිළිගනු ලැබූවන් ඔවුන්ගේ සදාකාලිත්වය ස්වර්ගයෙහි ගත කරනු ලබති. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන්නන් එසේ නොවෙති.

සභාවට පැමිණීමේ ප්‍රමාණවත්භාවය කරණකොටගෙන ස්වර්ගයෙහි සදාකාලිත්වය නොලැබේ. සභාවට නොපැමිණීම හේතුකොටගෙන ගැළවිමද අහිමි වනු නොලැබේ. කෙසේ නමුත් සභාවට පැමිණීම වැදගත්වේ. පියාණන් වන දෙවියන්වහන්සේගේ මහිමයට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ගෙන් සැදුම්ලත් විශ්ව සභාව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය මෙන්ම (කොලොස්සි 1:18) උන්වහන්සේගේ මනාලියද වේ (එළිදරව් 21:2) සභාවක් යනු කිතුණුවන් සහභාගිකම් දරන ස්ථානයකි. ඊට අමතරව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් වශයෙන් අපට යම් ආත්මික දීමනා හිමිවී ඇති අතර අප විසින් ඒවා භාවිතා කළ යුත්තේ දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා මෙන්ම සභා ශරීරයේ අනෙකුත් අයගේ ශික්ෂණය සදහාවේ. සභා ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් එහි සියලූම "ශරීර කොටස්" විද්‍යාමාන විය යුතුවේ (1 කොරින්ති 12:14–20).

කිතුණුවන් ක්‍රිස්තුස්වහන්සේ තුළ "නව මැවිල්ලක්" බවට පත් වි ඇති අතර (2 කොරින්ති 5:17) සභාවට යාමේ අභිප්‍රායක් ඔවුනට තිබෙන්නේ එසේ කිරීම ඔවුන්ගේ අධ්‍යාත්මික දියුණුවට සහ පරිණතභාවයට අත්‍යවශ්‍ය බව ඔවුන් විසින් හඳුනාගෙන ඇති හෙයිනි. සභාවට යාමට ඇති අකමැතිකම තුළින් අඟවනු ලබන්නේ අධ්‍යාත්මික වර්ධනයේ හිගකම හෝ "සංවිධානාත්මක ආගමක්" පිළිබද ඇති මුළාවෙන් මිදීමය. සැබවින්ම වර්තමානයේ ව්‍යාජ සභාවන් තිබෙන අතර පරිපූර්ණ සභාවන් නොමැති නමුත් බොහෝ ප්‍රජාවන්හී ඇදහිලිවන්තයන්ගේ දේශීය සංවිධාන ඇත. සැබෑ විශ්ව සභාව ආදර්ශයට ගෙන ඇත්තේ ශුද්ධ ලියවිල්ල පදනම් කරගත් සෑම දෙයකදීම ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන එකට දෙවියන්වහන්සේට නමස්කාර කරන එකිනෙකාට සේවය කරන සභාවන්ය. සභාවට යාම තුළින් සදාකාල ජීවනය සහතික නොකරන නමුත් යහපත් දේශීය සභාවක් සොයා ගැනීම කිතුණුවන්ට ඉතා වැදගත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයට යාම පිණිස කෙනෙකු සභාවට යා යතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries