settings icon
share icon
ප්‍රශ්නය

සභා පාලන ක්‍රමය පිළිබඳව බයිබලය කුමක් පවසයිද (ආණ්ඩුක්‍රමය)?

පිළිතුර


දෙවියන් වහන්සේ ඉතා පැහැදිලිව උන් වහන්සේගේ වචනයේ පවසනවා පොළවේ තිබෙන උන් වහන්සේගේ සභාව සැලසුම් සහගතව, නඩත්තු කරගෙන යායුතු අයුරු පිළිබඳව. පළමුව, ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස හා එහි ප්‍රධාන ආධිපත්‍යය හිමිද උන් වහන්සේට විය යුතුය (එපීස 1:22; 4:15; කොලොස්සි 1:18). දෙවනුව, ප්‍රාදේශීය සභාව ස්වාධීන විය යුතුය, පිටස්තර බලපෑම් වලින් නිදහස්ව සිටිය යුතුය, තනිව පාලනය කිරීමේ අයිතිය හා වෙනත් සංවිධාන හා පුද්ගලයන්ගේ බලපෑම් වලින් නිදහස්ව සිටිය යුතුය (තීතස් 1:5). තෙවනුව, සභාව තුළ ආත්මික නායකත්වයක් තිබිය යුතුය, ඒවා කාණ්ඩ දෙකක් වේ, එනම් වැඩිමහල්ලෝ සහ උපස්ථාකයන්.

“වැඩිමහල්ලන්” මෝසෙස්ගේ කාලපරිච්ඡේදයේදී සිටම නායකත්වය දැරූ කණ්ඩායමකි. අපට ඔවුන් දේශපාලනාත්මක තීරණ ගන්නා අයුරු දැකිය හැකිය (2 සාමුවෙල් 5:3; 2 සාමුවෙල් 17:4; 15), ඉතිහාසයේ පසුකාලයේ රජුය අවවාද අනුශාසනා දුන්න (1 රාජාවලිය 20:7), ආත්මික කරුණු කාරනා හේතුවෙන් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි (නික්මයාම 7:17; 24:1; 9; ගණන් කථාව 11:16; 24-25). පරණ ගිවිසුමේ මුල් ග්‍රීක් පරිවර්ථනය සෙප්ටුවාජින්තය “වැඩිමහල්ලන්ට” ආමන්ත්‍රණය කලේ “ප්‍රෙස්බියුටෙරස්” යන ග්‍රීක් වචනයෙන්, එම වචනයමයි අළුත් ගිවිසුමේද සඳහන් කරන්නේ ඊට පසු එය “වැඩිමහල්ලන්” ලෙසට පරිවර්ථනය කර ඇත.

අළුත් ගිවිසුමේ බොහෝ අවස්ථාවල මේ වැඩිමහල්ලන් සභාවේ නායකත්වය දැරූ අවස්ථා ගැන කථා කරයි (ක්‍රියා 14:23; 15:2; 20:17; තීතස් 1:5; යාකොබ් 5:14) එසේම සෑම සභාවකම එක්කෙනෙකුට වඩා හිටියා, ඒ වචනය බොහෝවිට බහු වචනාර්ථයෙන් කථා කරති. ඉතා දුර්ලබ අවස්ථාවල එක් කෙනෙකුව යම් හේතුවක් නිසා කථා බහට ලක් වන්නට පුළුවන (1 තිමෝති 5:1; 19). යෙරුසලමේ සභාවේ, වැඩිමහල්ලන්ටද අපෝස්තුලුවරුන් සමග කිරීමට සේවයේ කොටසක් තිබුණි (ක්‍රියා 15:2-16:4).

ඉන් අදහස් කරන්නේ වැඩිමහල්ලන්ගේ තත්වය එපිස්කොපොස් පරිවර්ථනය “නිරික්‍ෂකයන්” හෝ “බිෂොප්ගේ” තත්වයට සමානය (ක්‍රියා 11:30; 1 තිමෝති 5:17). වැඩිමහල්ලා යන වචනය රාජකාරි මට්ටම ගැන අදහස් කරන අතර, බිෂොප් / නිරික්‍ෂකයා යන වචනයෙන් එහි ඇති රාජකාරින් හා ආධිපත්‍යය පිළිබඳව පිළිබ්ඹු කරයි (1 පේත්‍රැස් 2:25; 5:1-4). පිලිප්පි 1:1 පාවුල්තුමා පධාන දේවගැති හා උපස්ථායකයින්ව ආචාර කරන නමුත් වැඩිමහල්ලන් ගැන සඳහන් නොකරයි. මක්නිසාද දේවගැතිවරුන්ට සමානය මේ වැඩිමහල්ලන් නිසා. එසේම, 1 තිමෝති 3:2; 8 හි දේවගැතිවරුන්ගේ හා උපස්ථායකයන්ගේ සුදුසුකම් කථා කරන නමුත් වැඩිමහල්ලන් ගැන කථා නොකරයි. තීතස් 1:5-7 හි මේ කොටස් දෙක එකට එක්කාසුකර කථා කරයි.

“උපස්ථායකයන්ගේ” තත්වය “ඩයකොනොස්” යන වචනයේ තේරුම “කුණු හරහා” එය සභාවේ සේවක නායකත්වයකි. උපස්ථායකයින් වැඩිමහල්ලන්ගෙන් වෙනස්ය, වැඩිමහල්ලන්ට හිමි සුදුසුකම් බොහෝමයක් දැරූ නමුත් (1 තිමෝති 3:8-13), උපස්ථායකයින් සභාවට අවශ්‍යය ඕනෑම අවස්ථාවක උපකාර කරයි, ක්‍රියා 6 පරිච්ඡේදයේ සඳහන් පරිදි.

පොයිමෙන් යන වචනය පරිවර්ථනය “සභා පාලක” යන වචනය ගැන අවධානය යොමුකරන විට එහි කථා කරන්නේ සභාවේ මානුෂික නායකත්වයක් පිළිබඳවයි. එය අළුත් ගිවිසුමේ එක් අවස්ථාවක පමණක් දැකිය හැක, එපීස 4:11 හි “උන් වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවකතෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද තවත් සමහරුන් සභා පාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන් සේක.” බොහෝ අය සභා පාලක හා ගුරුවරු යන්න එක් තත්වයක් යැයි හඳුන්වයි. සභා පාලකවරයෙක්-ගුරුවරයෙකි. එය හරියට සභා පාලකතුමා-ගුරුවරයාවේ ප්‍රාදේශීය සභාවේ.

ඉහත සඳහන් කොටස්වල අපට දැකිය හැක බහු නායකත්වය පිළිබඳව නමුත් මෙය කිසිම විටක සමහර වැඩිමහල්ලන්ට ඉගැන්වීමේ දීමනාව හා තවත් කෙනෙකුට පරිපාලනය කිරීමේ හැකියාව දීම යාච්ඤාවේ හැකියාවේ දීම නැතැයි පැවසිය නොහැක (රෝම 12:3-8; එපීස 4:11). දෙවියන් වහන්සේ ඔවුන්ට ඒ දීමනාව දුන්නේ ඉන් ඔවුන්ට හැකි අයුරින් සේවය කිරීම අපට නැතැයි පැවසිය නොහැක (ක්‍රියා 3:11). එක් වැඩිමහල්ලෙක් “සභා පාලක” කටයුත්ත කරන අතර තවත් වැඩිමහල්ලෙක් බැහැදැකීමේ සේවය කරයි. මන්ද ඔහුට අනුකම්පාවෙන් පිරුණු හදවතක් ඇති හෙයින්. තවත් කෙ‍ෙනක් සංවිධාන‍ෙය් දත්ත තොරතුරු විධිමත් ලෙස සකස් කරයි. බොහෝ සභාවන් වල මේ නායකත්වයන් එකිනෙකා දරමින් සේවයන් බෙදා ගනිමින් බොහෝ තීරණ ගැනීමේදී එකතුවී කටයුතු කරමින් සේවයේ බර දරයි. ලියවිල්ලේ සමහර අවස්ථාවල සභාවද තීරණ ගැනීමේදී එකතු කර ගෙන ඇත. “ආඥාදායකයා” තීරණය ගන්නා නායකයා (ඔහු වැඩිමහල්ලා, සභා පාලක, දේවගැති) ලෙස හැඳින්විය හැකි අතර එය ලියවිල්ලානුකුල නැත (ක්‍රියා 1:23; 26; 6:3; 5; 15:22; 30; 2 කොරින්ති 8:19). එසේම, සෙනග විසින් පාලනය කරන සභාවක් වැඩිමහල්ලන්ට හෝ සභා නායකයන්ට බර නොපටවයි.

සාරාංශයක් ලෙස, බයිබලය පවසනවා නායකත්වය වැඩිහියන් ගණනාවකින් සමන්විත බව (පාලකවරු / නිරික්‍ෂකයින්) සභාවේ සේවය කරන උපස්ථායකයින් හා සමගම නමුත් මේ බහු නායකත්වය කිසිම විටක එක්කෙ‍ෙනකු පාලකතුමා ලෙස කටයුතු කිරීමට විරුද්ධව නැත. දෙවියන් වහන්සේ සමහරුන්ව “පාලකවරුන් / ගුරුවරු” ලෙස කැඳවා ඇත (තවත් සමහරුන් ධර්මදූත සේවකයින් ලෙසද කැඳවා ඇත ක්‍රියා 13) ඒ දීමනා සභාවට දීමනාවන් ලෙස දී ඇත (එපීස 4:11). සභාවට බොහෝ නායකයින් ඇත නමුත් සියළුම දෙනාට සභාපාලක තනතුරු දී නැත. නමුත් එක් වැඩිහිටයෙක්, පාලකතුමා හෝ ගුරුවරු හට තීරණ ගැනීමේ ආධිපත්‍යය නැත අනෙක් වැඩිහිටියන්ට මෙන්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභා පාලන ක්‍රමය පිළිබඳව බයිබලය කුමක් පවසයිද (ආණ්ඩුක්‍රමය)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries