settings icon
share icon
ප්‍රශ්නය

සභාවේ පවුලක් තිබීමේ වටිනාකම කුමක්ද?

පිළිතුර


අප අනෙකුත් ඇදහිලිවන්තයන්ට පවුලක් මෙන් වීමේ වටිනාකම කුමක්ද? ක්‍රියා 2:42 සැලකිය හැක්කේ පරමාදර්ශ සභාවේ මූලික ප්‍රකාශනයක් ලෙසය: තවද ඔව්හූ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤා වලද ස්ථිර ලෙස පැවතුණහ. සභවේ පවුල් ඒකකයට දේව වචනය වැදගත් වන්නේ මේ හේතු නිසාවෙනි:

අප දෙවියන්වහන්සේගේ වචනය එකට අධ්‍යයනය කරන්නෙමු සභවේ පවුලක් ස්ථාවර දේව වචනය ඉගැන්වීම සපයයි. මේවා බොහෝ පැමිණෙන්නේ කුඩා කණ්ඩායම්, බයිබල් අධ්‍යයනයන්, පාලකවරයාගේ ඉගැන්වීම්, ඉරිදා පාසැල් ඉගැන්වීම් යනාදිය තුළිනි. සභාවේ පවුල අධ්‍යාත්මිකව එකට වැඩීමට සහ එකිනෙකාව පෙළඹීමට කැදවනු ලැබේ. 2 තිමොති 3;16 හී ප්‍රකාශ කරනුයේ "දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ."

නමස්කාරය තුළින් අපි එකට දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙමු සංගීතයෙන් හෝ දේශනා කිරීමෙන් හෝ සේවය කිරීමෙන් හෝ ඇදහිලිවන්තයන් එක්වී දෙවියන්වහන්සේට නමස්කාර කරන කළ ඒතුළ එකමුතු සාධකයක් ඇත. ගීතාවලිය 34:3 හී එක්සත් නමස්කාරය අවධාරණය කරනු ලබයි: "මා සමග ස්වාමින් වර්ණනා කරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස් කරමු."

අපට වගකීම මෙහිදී සොයා ගත හැක – සභාව වගකීම පිළිබදව ප්‍රායෝගික රාමුවක් සපයයි. සබදතා වර්ධනය වී මිත්‍රත්වය ඇති වූ පසු ඔබව දිරිමත් කිරීමට, අවශ්‍යය විටෙක ඔබට තරවටු කිරීමට සහ ඔබ සමග ප්‍රීති වීමට යම් කෙනෙකු සිටියි. හිතෝපදේශ 7;17 හී පවසනුයේ "යකඩින් යකඩ මුවහත්වේ. එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත් කරයි." පාපය මැඩපැවැත්වීමේ සටනේදී වගකීම ඉතා වැදගත් වන අතරල සභාවේ පවුල යාච්ඤා කිරීමට, කථා කිරීමට සහ විශ්වාසවන්තව සිටීමට යම් කෙනෙකු සොයා ගැනීමට බලවත් ස්ථානයකි.

අපගේ දුක් කරදර වලදී සහාය අපට ලබා ගත හැකිවේ දුක් කරදර පැමිණෙන විට උපකාර ක්‍රමයක් ඉතාම නිර්ණායකවේ. අවශ්‍යතාවයෙන් පෙළෙන කල ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ සහෝදරි සහෝදරියන් ඔබව යාච්ඤාවෙන් එසවීම මෙන්ම ප්‍රායෝගික අවශ්‍යතා වන ආහාර පාන සපයා දීම, පිරිසිදු කරදීම සහ දරුවන් රැක බලාගැනීම ආදී කටයුතු වලින් සහය ලබා දීම අපට අවශ්‍යය වනු ඇත. ගලාති 6:2 හී අපව ධෛර්මත් කරනු ලබන්නේ "එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන ලෙසය."

අපට සේවය කිරීම සදහා අවස්ථාවන් ලැබේ අපට සභාවෙන් සහය ලැබෙනවා පමණක් නොවත අපද ඒ ආකාරයෙන්ම සහයෝගය ලබා දෙන්නෙමු. සභාවේ ඔබට ඇති කැඳවීම වනාහී එයින් ලබා ගැනීමට පමණක් නොව එයට දායක වීමද වේ. අප වෙනත් ඇදහිලිවන්තයන් හා සමග සමීප ඇසුරක් පවත්වන විට ඔවුන්ට උපකාරය සහ යාච්ඤාව අවශ්‍යය වූ වට අප දනිමු. අපට මැදිහත්වී ප්‍රායෝගික ආකාර වලින් උපකාර කළ හැකිවෙමු. එපීස 6:8 හී ප්‍රකාශ කරනු ලබන්නේ "මනුෂ්‍යයන්ට නොව ස්වාමින්වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරන්න."

අප විසින් ගෝලයන් බිහි කරන්නෙමු අප පෝෂණය ලැබීමට පමණක් නොව පෝෂණය කිරීමටද ඉගෙන ගත යුතු කාලයක් පැමිණෙන්නේය (හෙබ්‍රෙව් 5:12). අපට අපගේ සභාවේ පවුලට සුභාරංචිය පැතිරවීම, ඉගැන්වීම, ධෛර්මත් කිරීම සහ "ගෝලයන්" කිරීම ආදිය කළ හැක. "ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලූ බලය මට දී තිබේ. එබැවින් ඔබ සැම ගොස් සියලූ ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් ඔබ සැමට අණකල සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හීම ඔබ සමග සිටිමියි කීසේක" (මතෙව් 28:18-20).

සංස්කෘතිය වඩ වඩාත් ලෞකික වන යුගයක සමාන අදහස් දරන ඇදහිලිවන්තන්ගෙන් යුත් පවුලක සිටීම ප්‍රයෝජනවත්වේ. මෙම සහෝදර සහෝදරියන්ට ඔබගේ ඇදහිල්ලේ ගමනේදී ඔබව ධෛර්මත් කළ හැක, අධ්‍යාත්මික ගැටළු පිළිබද ඔබගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දැක්විය හැකි මෙන්ම දුෂ්කර කාලවලදී සහයක් වීමට හැකිවේ. සභාවේ පවුලට අන් අයට සේවය කිරීමට මෙන්ම ඔවුන් ගෝලයන් කිරීමටද ඔබට අවස්ථාව ලබා දිය හැකිය. "තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර ඒ දවස ළංවන බව ඔබ සැමට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු" (හෙබ්‍රෙවි 10:25).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවේ පවුලක් තිබීමේ වටිනාකම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries