settings icon
share icon
ප්‍රශ්නය

සභාව තුළ ඇතිවන ඝට්ටන පාලනය කල යුත්තේ කෙසේද?

පිළිතුර


සභාවක් තුළ ඝට්ටන ඇති වීමට / වර්ධනය විමට ඇති පැති බොහෝ ඇත. කෙසේ නමුදු ඉන් බොහොමයක් මෙම තුනෙන් එකකට අයිතිවනවා ඇත. ඇදහිලිවතුන් අතර නිහීන (අශෝභන) පාපයන් නිසා ඇති වන ඝට්ටන, නායකත්වය සමඟ ඝට්ටන සහ ඇඅහිලිවතුන් අතර ඝට්ටන වේ. බොහෝ සිද්ධීන් නිසැකවම දෙකකට හෝ ඉන් වැඩි ගණනක් මෙම කොටසකට ඇතුළත් විය හැක.

නිහීන පාපයන් කරන්නවුන් සභාව ඝට්ටන මතු කරයි, 1 කොරින්ති 5 හි දක්නට ලැබෙන ආකාරයට. සමාජිකයින් අතර ඇති පාපයන් පිලිබඳ සභාව ගනුදෙනු නොකරන්නේ නම් එය තවත් බොහෝ ප්‍රශ්ණ වලට දොර විවෘත කිරීමක්ය. සභාව කැඳවනු ලැබුවේ නොඇදහිලිවතුන් විනිශ්වය කරනු පිණිස නොව, 1 කොරින්ති 5:11 ලැයිස්තුවේ සඳහන් පාපයන්ට අනුකුල තමන්ගේ පාපයන් ගැන පසු නොතැවුනාවූ ඇදහිලිවතුන්ගේ මූණට ඒවා කියා දෙමින් ඔවුන් නැවත ප්‍රතිසංස්කරණය පිණිසය". නුමුත් සහෝදරයෙකැයි කියන ලද කෙනෙක් වේශ්‍යාකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්". එබදු පුද්ගලයන් පසුතැවීමට කැමතිවෙන තෙක් සභාවට පිළිනොගන්න. මතෙව් 18:15-17 දක්වා, එවැනි ඇදහිලිවන්තයෙකුට කියා දිය යුතු සහ ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය පිළිබඳ සංක්‍ෂිප්ත ක්‍රියා පරිපාටියක් සපයා දෙයි. සම්මුඛනය සුපරික්‍ෂාකාරීව, මෘදුව සිදු කළ යුත්තේ ප්‍රතිසංස්කරණය කිරීමේ අභිමතාර්ථය ඇතුවය (ගලාති 6:1). පාපයට යොමුවී සිටින පුද්ගලයන් ප්‍රේමයෙන් විනයානුකුල කිරීමෙන් සභාව තුළ සිදුවීමට ඇති විශාල ඝට්ටන ප්‍රමාණයක් ලූහූඬු කර ගත හැකිය..

සමහර වෙලාවට, සභා නායකයන්ගේ ක්‍රියාවන් හා ප්‍රතිපත්තීන් පිළිබඳව ඇදහිලිවන්තයෙකු සෑහීමට පත් නොවනවා විය හැක. මුල් සභා ඉතිහාසයේ සිදුවීමක්, මෙය (ක්‍රියා 6:1-7) සන්නි දර්ශනය කර පෙන්නුම් කරයි. යෙරුසලමෙහි සභාවේ කණ්ඩායමක්, සමහර පුද්ගලයන්ට සැලකිය යුතු අන්දමට නොසළකන බවට අපෝස්තුළුවරුන්ට පැමිණිලි කරන ලදි. තත්වයට පිළියම් යොදන ලද අතර සභාව වර්ධනය විය (ක්‍රියා 6:7). මුල් සභාව ඝට්ටනයන්, සභාව වැඩි දියුණු කර ගැනිමට අවස්ථාවක් ලෙස යොදා ගන්නා ලදී. කෙසේ වුවද සභාව එවැනි අය සමඟ ක්‍රියා කිරීම සඳහා ක්‍රියා පරිපටියක් නැතිවිට සෙනඟ තමන්ගේම වේදිකාවක් සාදා ගැනීමට පෙළඹේ. පුද්ගලයන් සභාවේ අන් අය පරාගනය / ජන්ද විමසීම් කිරීමට ආරම්භ කිරීම, කටකතා සහ ඕපදූප වල නිමග්නවීම හෝ ඒ ගැන "සැළකිලිමත් සෙනඟකින්" පක්‍ෂ කණ්ඩායමක් සාදා ගනු ලබයි. නායකත්වයට මෙවැනි ප්‍රශ්න මඟ හැරිය හැක්කේ ස්වාර්ථය ගැන නොසලකන, ප්‍රේමණිය එඬේරෙක්වීමෙනි. නායකයන් දාසයන් විය යුතු අතර ස්වාමිවරුවන් වීම වෙනුවට විනා ආදර්ශමත් විය යුතුය (1 පේත්‍රස් 5:1-3). ව්‍යර්ටීකෘත සභා සාමාජිකයින්ද නායකයන්ට ගරු කළ යුතුය (හෙබ්‍රෙව් 13:7,17), චෝදනා කිරීමට / දොස් තැබීමට ප්‍රමාදවන්න (1 තිමොති 5:19) ඔවුන් ගැන අන් අයට නොව, ප්‍රේමයෙන් සත්‍යතාවය අදාළ පූද්ගලයන්ට කතා කරන්න (එපීස 4:15). එවැනි තත්වයන් තුළදී නායකයන් අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රතිචාර නොදක්වන බව හැඟෙන්නේ නම්, මතෙව් 18:15-17 දක්වා ඇති නිදර්ශනය විරුද්ධව නැගී සිටීම ඇති ස්ථානයේදී වියවුල් ස්වභාවයක් ඇති නොවිම සහතික කර ගැනීමට පුද්ගලයෙක් අනුගමනය කළ යුතුය. දෙවියන් වහන්සේ අපට කියා දෙනු ලැබුවේ සමාදනය උදෙසා මහත් පරිශ්‍රමයක් දරන ලෙසය (රෝම 12:18, කොලොස්සි 3:12-15). සෑම ඇදහිලිවන්තයෙකුගේම වගකීම වන්නේ ඝට්ටන විසඳීමට උත්සාහ දැරීමයි. බේරුම් කිරීමක් / විසඳීමක් සඳහා ඇතුළත් කළ හැකි අනුගමනය කළ යුතු මූලික පියවර කිහිපයක්.

1. මෘදුකම (ගලාති 6:1), යටහත් පහත්කම (යාකොබ් 4:10), සමාව දීම (එපීස 4:31,32) සහ ඉවසීම වැනි යහපත් හදවත් ආකල්පයක් ඇති කරගන්න.

2. ඝට්ටනයේ ඔබේ කොටස පිළිබඳ ඇගයීමකට ලක් කරන්න- මතෙව් 7:1-5 ( අනෙක් අයට උපකාර කිරීමට ප්‍රථම ඔබගේ ඇසේ දැවය ඉවත් කරගන්න).

3. ඔබගේ සැලකිලිමත්භාවය පවසන පිණිස අනෙකුත් අය වෙත නොව අදාළ පුද්ගලයා වෙත යන්න (මතෙව් 18:15). මෙය ප්‍රේමයෙන් සිදු කළ යුතු (එපීස 4:15) අතර නෝක්කඩුව ගැන ප්‍රකාශ කරන්නට හෝ චිත්ත වේගයන්හි කුඩා සිදුරු ඇති නොකරන්නට වග බලා ගත යුතුය. චෝදනා කිරීම හෝ දොස් පැවරීම ස්වාරක්‍ෂණයවීම සඳහා පුද්ගලයෙකට අනුබල දේ. එබැවින් පුද්ගලයාට දොස් පැවරීම / නිග්‍රහ කිරිම වෙනුවට ප්‍රශ්ණයට කතා කරන්න. මෙය පුද්ගලයාට තත්වය පැහැදිලි කර ගැනීම සඳහා හෝ අනාදරයට / වරදට සමාව ගැනීම ට ඉතා හොඳ අවස්ථාවක් උදා කරයි.

4. බේරුම් කිරීමේ පළමූ උත්සාහය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන නොආවේ නම්, මෙම සිතුවිල්ලට උපකාර කළ හැකි වෙනත් අයෙකු සමඟ නොනැවතී පවත්වාගෙන යන්න(මතෙව් 18:16). ඔබගේ අභිමතාර්ථය වාදය / තර්කය ජයග්‍රහණය කිරීමට නොව සහකාර ඇදහිලිවන්තයා සමාදානයවීම සඳහා දිනා ගැනීම බව මතකයේ තබා ගන්න. එබැවින් ඝට්ටනය සමථයකට පත් කළ හැකි පුද්ගලයෙකු තෝරා ගන්න.

සබැඳියාව ප්‍රතිසංස්කරණය කිරීමේ අභිලාෂය මත යටහත් පහත්ව යාච්ඤාවෙන් යුක්තව එකිනෙකා වෙත ප්‍රේමය කේන්ද්‍ර කරගැනීම ඝට්ටනය පාලනය කිරීමට යහපත්ම මඟ වේ. සභාව තුළ ඇතිවන්නාවූ බොහෝ ඝට්ටනයන් ඉහත සඳහන් බයිබලිය මූලධර්මයන් අනුගමනය කිරීමෙන් පාලනය කර ගත හැකිවේ. කෙසේ වුවද පිටස්තර අනුශාසනා, ඔවාදීම්ද සමහරවිට උපකාරයක් විය හැකිය. අප ඔබට නිර්දේශ කරන්නේ සමාදාන කරන්නෝ සේවය වැනි සම්පත් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි (www.hispeace.org).



English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාව තුළ ඇතිවන ඝට්ටන පාලනය කල යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries