settings icon
share icon
ප්‍රශ්නය

සභාවට පැමිණීම වැදගත් වන්නේ ඇයි?

පිළිතුර


බයිබලයෙන් අපට උගන්වන්නේ අප සභාවට යායුතු උන් වහන්සේට අන් අය සමග එකතුවී නමස්කාර කිරීමට, උන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න අපගේ ආත්මික වර්ධනයට ( ක්‍රියා 2:42; හෙබ්‍රෙව් 10:25). සභාව තමයි අප එකිනෙකාට ප්‍රේම කිරීමට හැකි හොඳම තැන (1 යොහන් 4:12), එකිනෙකා ධෛර්‍යයමත් කිරීමට (හෙබ්‍රෙව් 3:13), එකිනෙකා පෙළඹවීම (හෙබ්‍රෙව් 10:24), එකිනෙකාට සේවය කිරීමට (ගලාති 5:13), එකිනෙකාට මග පෙන්වීම (රෝම 15:14), එකිනෙකාට ගරු කිරීම (රෝම 12:10) සහ එකිනෙකාට කරුණාවන්තව හා අනුකම්පාසහගතවීම (එපීස 4:32).

යම් පුද්ගලයෙකු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවීම උදෙසා විශ්වාස කළ විට (1 කොරින්ති 12:27) සභා ශරීරය හරියට ක්‍රියාත්මකවීමට නම් එහි සියළු අවයව සියල්ල පැමිණිය යුතුය (1 කොරින්ති 12:14-20). එසේම, ඇදහිලිවන්තයෙකුට කිසිමවිට ආත්මික මේරූ ස්වභාවයට පැමිණීමට නොහැකිය අන් ඇදහිලිවන්තයන්ගේ දිරි ගැන්වීම නොමැතිව (1 කොරින්ති 12:21-26). මේ හේතුන් නිසා සභාවට පැමිණීම, සහභාගිවීම, සහභාගිත්වය යන දෑ ඇදහිලිවන්තයකුගේ සාමාන්‍ය ක්‍රියාකාර කමක්. සතිපතා සභාවට පැමිණිමට ඇදහිලිවන්තයෙකුගෙන් ඉල්ලුම් කරන දෙයක් නොවේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරපු කෙනෙක්ට උන් වහන්සේව නමස්කාර කිරීමේ ආශාව ඇතිවේ, උන් වහන්සේගේ වචනය ඉගෙන ගැනීමේ ආශාව, ඒ වගේම අන් ඇදහිලිවතුන් සමග සහභාගිත්වය දැරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවට පැමිණීම වැදගත් වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries