settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු ධනය දෙස බැලිය යුත්තේ කෙසේද?

පිළිතුර


ධනය පිළිබඳ කිතුනු දෘෂ්ටිය ශුද්ධ ලියවිල්ලෙන් ලබා ගත යුතුය. පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ තම සෙනඟට ධනවත්කම දුන් අවස්ථා බොහෝය. සලමොන්ට ධනවත්කම ලබාදිමට පොරොන්දුවූ අතර පොළොවේ සියලු රජවරුන්ට වඩා ධනවත් විය (1 රාජාවලිය 3:11-13; 2 ලේකම් 9:22); දාවිත් 1 ලේකම් 29:12 ) හි "වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් බව ඔබ සියල්ලෙහි පාලකයාය. "ආබ්‍රහම් (උත්පත්ති 17-20), යාකොබ් (උත්පත්ති 30-31), යෝසෙප් (උත්පත්ති 41), යෙහෝෂාපාට් රජ (2 ලේකම් 17:5) සහ තවත් බොහෝ අය දෙවියන්වහන්සේගෙන් ධනයෙන් / වස්තුවෙන් ආශීර්වාද ලැබූහ. . කෙසේ වෙතත්, යුදෙව්වන් භූමික පොරොන්දු හා විපාක සහිත තෝරාගත් ජනතාවක් විය. ඔවුන්ට දේශයක් හා එහී වස්තුව ලබා දෙන ලදි.

අළුත් ගිවිසුමේ වෙනස් ප්‍රමිතියක් තිබේ. සභාවට කිසිවිටෙක ඉඩමක් හෝ වස්තුව පිළිබඳ පොරොන්දුවක් ලබාදී නැත. එපීස 1:3 අපට පවසනවා, "ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සෑම අධ්‍යාත්මික ආශීර්වාදයකින්ම ස්වර්ගීය රාජ්‍යයන්හි අපට ආශීර්වාද කළ අපගේ ස්වාමීන් වන යේසුස්ක්‍රිස්තුස්ගේ පියාණන්වහන්සේට ප්‍රශංසා වේවා." ක්‍රිස්තුස්වහන්සේ මතෙව්13:22 හි දේවවචනයේ බීජය පිළිබඳව කථා කළේය. කටු අතර වැටීම සහ "ධනයේ රැවටිලිකාරකම වචනය යටපත් කරයි, ඔහු පලදායී නොවනු ඇත." මෙය අළුත් ගිවිසුමේ භූමික ධනය පිළිබඳ පළමු සඳහනයි. පැහැදිලිවම මෙය ධනාත්මක රූපයක් නොවේ.

මාර්ක් 10:23 හි යේසුස්වහන්සේ අවට බලා තම ගෝලයන්ට කතා කොට, "ධනය ඇති අයට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොතරම් දුෂ්කරද!" කියා පැවසුවා "එය අසීරු දෙයක් නොවේ, මන්ද සියල්ල දෙවියන්වහන්සේට කළ හැකි නමුත් එය "අමාරු" වනු ඇත. ලූක් 16:13 හි යේසුස්වනහ්සේ "මැමොන්" ("ධනය" යන ඇරමයික වචනය) ගැන කතා කළේය: "කිසිම සේවකයෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැක. මක්නිසාද ඔහු එක්කෙනාට වෛරකොට අනෙකාට ප්‍රේම කරනු ඇත, නැතහොත් ඔහු එක්කෙනෙකුට පක්ෂපාත වන අතර අනෙකා හෙළාද කිනු ඇත. ඔබට දෙවියන්වහන්සේට හා මැමොන්ට සේවය කළ නොහැක. "නැවතත්, යේසුස්වහන්සේගේ වචන වලින් ධනය අධ්‍යාත්මිකත්වයට අහිතකර ලෙස බලපාන අතර අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කළ හැකිය.

දෙවියන්වහන්සේ අද අප වෙත ගෙන එන සැබෑ ධනය ගැන කථා කරයි රෝම 2:4 "නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිනිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේ දක්ෂාන්තියෙද ඉවසීමේ ද බහුලත්වය සුළුකොට සිතා,?" මේ වාධන යයි. සදාකාල ජීවනය ගෙනෙන්න. නැවතත්, මෙය රෝම 9:23 හි එළිදරව්වේ. "මහීමය පිනිස පුර්වයෙන් තමන් වහන්සේ විසින් සුදානම් කරන ලද දයාවේ භාජනවු, උන්වහන්සෙ කැඳවූ අප පවා යුදෙව්වන් ගෙන් පමණක් නොවේ. එපීස 1:7: "ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල , උන් වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරනකොටගෙන අපේ මිදිම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය." දෙවියන්වහන්සේ දයාව දැක්වීම ගැන සඳහන් කරමින්, පාවුල්තුමා රෝම 11:33 මෙසේ සඳහන් කරනවා: "අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද! අළුත් ගිවිසුමේ අවධාරණය වන්නේ දෙවියන්වහන්සේ අප තුළ ඇති ධනයයි: "උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්," (එපීස 1:18 ආ) දෙවියන් වහන්සේට සැබවින්ම අවශ්‍යවන්නේ ස්වර්ගයෙහි අප තුළ ඇති ධනය පෙන්වීමටයි." ක්‍රිස්තුස්යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳවූ සේක. එසේ කළේ, ක්‍රිස්තුස්යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහයේ ඉතාමහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය." — (එපීස 2:6-7) දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තුවන ධනය: "උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්," — මම යාච්ඤා කරමි" (එපීස 3:16). අළුත් ගිවිසුමේ ඇදහිලිවන්තයන්ට ධනය පිළිබඳ ශ්‍රේෂ්ධතම පදය වන්නේ පිලිප්පි 4:19: "මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් ජේසුස්වහන්සේ තුළ ඇති මහිමාන්විත ධනය අනුව ඔබගේ සියලු අවශ්‍යතා සපුරාලනු ඇත." මෙම ප්‍රකාශය පාවුල්තුමා විසින් ලියනු ලැබුවේ පිලිප්පිවරුන් විසින් පරිත්‍යාග කිරීම සඳහා පූජා තෑගි පාවුල්තුමාගේ අවශ්‍යතා සඳහා ඒවා ඇති බැවිනි.

1තිමෝති 6:17 ධනවතුන්ට අනතුරු ඇඟවීමක් කරයි:" මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්, යහපත කරන්ටත්," — (1 තිමෝති 6:17) කියා අණ කරන්න. එය අවිනිශ්චිතයි. වැරදි ලෙස උපයාගත් ධනය ගැන යාකොබ් 5:1-3 අපට තවත් අනතුරු ඇඟවීමක් කරයි."මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬාපල්ලා. නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය. නුඹලාගේ රන්රිදී මලකඩ කා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී, ගිනිමෙන් නුඹලාගේ මාංසද වනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබු වහුය." — (යාකොබ් 5:1-3)

සාරාංශයක් ලෙස, දෙවියන්වහන්සේ විසින් මිහිපිට තෝරාගත් ජනතාව ලෙස ඊශ්‍රායෙල් ජනයාට භූමික පොරොන්දු සහ විපාක ලබා දෙන ලදි. දෙවියන්වහන්සේ ඒවා තුළින් බොහෝ නිදර්ශන, වර්ග හා සත්‍යයන් ලබා දුන්නේය. බොහෝ අය ඔවුන්ගේ ආශීර්වාද ලබා ගැනීමට කැමති නමුත් ශාප ලැබිමට අකමැතිවේ.කෙසේ වෙතත්, එළිදරව් කිරීමේ ප්‍රගතියේදී දෙවියන්වහන්සේ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ තුළින් වඩාත් උතුම් සේවයක් එළිදරව් කර ඇත. "නමුත් යේසුස්වහන්සේට ලැබී ඇති දේව සේවය ඔවුන්ට වඩා උසස්ය. ඔහු මැදිහත්කරුණන් වන ගිවිසුම පරණ ගිවිසුමට වඩා උසස්ය. වඩා හොඳ පොරොන්දු මත "(හෙබ්‍රෙව් 8:6).

ධනය ඇති බවට දෙවියන්වහන්සේ කිසිවෙකු හෙළා දකින්නේ නැත. බොහෝ මූලාශ්‍ර වලින් ධනය පැමිණේ, නමුත් දෙවියන්වහන්සේව සොයන වාට වඩා දෙවියන්වහන්සේව විශ්වාසකරනවාට වඩා වස්තුව කෙරෙහි ආලය ඇති අයට උන්වහන්සේ බරපතල අනතුරු ඇඟවීම් ලබා දෙයි. උන්වහන්සේගේ ලොකුම ආශාව වන්නේ මේ පොළොවේ ඇති දේවල් කෙරෙහි නොව ඉහළින් ඇති දේ කෙරෙහි අපගේ හදවත් තැබීමයි. මෙය ඉතා උසස් හා අත්කර ගත නොහැකි දෙයක් ලෙස පෙනෙන්නට තිබුණත්, "මා බලවත්කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට සියල්ල කළ හැකිය" (පිලිප්පි 4:13). රහස නම් ක්‍රිස්තුස්වහන්සේව ගැලවුම්කරුණන් ලෙස දැන ගැනීම හා අපගේ මනස හා හදවත් උන්වහන්සේට අනුකූල කිරීමට ශුද්ධාත්මයාණන්ට ඉඩදීමයි (රෝම 12:1-2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු ධනය දෙස බැලිය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries