settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි දේව ධර්මයයනු කුමක්ද?

පිළිතුර


"දේව ධර්මය" යන වචනය පැමිණෙන්නේ "දෙවියන්" සහ "වචනය" යන අර්ථය ඇති ග්‍රීක වචන දෙකක් ඒකාබද්ධ වීමෙන්ය. "දේව ධර්මය" යන වචනයේ තේරුම "දෙවියන් වහන්ස්ගේ අධ්‍යයනය කිරීම" යන්නය. ක්‍රිස්තියානි දේව ධර්මයයනු බයිබලය උගන්වන දේ සහ කිතුනුවන් විශ්වාස කරන දේ අධ්‍යයනය කිරීමයි. බොහෝ ඇදහිලිවන්තයන් ක්‍රිස්තියානි දේව ධර්මය සලකන්නේ බෙදී යන දෙයක් ලෙසයි. ඇත්ත වශයෙන්ම කිතුනු දේව ධර්මය එක්සත් විය යුතුය. දේව වචනය සත්‍යය උගන්වන අතර එම සත්‍යය පිටුපස අප එක්සත් විය යුතුය. ඔව් ක්‍රිස්තියානි දේව ධර්මයේ මත භේද හා ආරවුල් තිබේ. ඔව් ක්‍රිස්තියානි දේව ධර්මයේ අත්‍යවශ්‍ය නොවන දේ සම්බන්ධයෙන් එකඟ නොවීමට නිදහස තිබේ. ඒ අතරම, කිතුනුවන් එක්සත් විය යුතු දෑ බෝහෝ ඇත. එනම් දෙවියන් වහන්සේ, ගැළවීම සහ මේ ලෝකයේ අපගේ මෙහෙවර වඩාත් හොදින් වටහා ගැනීමට බයිබලය මත පදනම්වූ ක්‍රිස්තියානි දේව ධර්මයෙන් අපට හැකි වේ.

සමහරුන්ට "දේව ධර්මාචාර්ය" යන වචනය අදුර ආලෝකමත් කාමරවල පුරාණග්‍රන්ථ වල දූවිලි සහිත පරාමාවන් දෙස බලා, සැබෑ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ දේවල් අධ්‍යයනය කරන කබොලු මහළු මිනිසුන්ගේ රූප නිරූපණය කරයි. සත්‍යයෙන් දුරස් විය හැකි කිසිවෙක් නැත. දෙවන තිමොති 3:16-17 සියලුම ලියවිල්ල දෙවියන් වහන්සේ විසින් දේවානු භාවයෙන්, වචනානුසාරයෙන් එය දෙවියන් වහන්සේගේ හුස්ම වන අතර, එය අපට අත්‍යවශ්‍ය වන්නේ, කිසිවක් අඩු නොකර අපව සම්පූර්ණත්වයට පත් කරන්නේ එය බැවින්ය. දේව ධර්මාචාර්යවරයකුවීම යනු විශ්වයේ මැවුම්කරු සහ එතුමාණන්සේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුහුණට මුහුණ මුණ ගැසෙන පිණිස සොයමින්, එතුමාණන් අපගේ ජීවිතවල ස්වාමින් වහන්සේ ලෙස වැළඳ ගැනිම නිසා අපගේ ආශාවන්ගේ, සෙනෙහසෙහි සහ දැනුමෙහි කේන්ද්‍රස්ථානය එතුමන් බවට පත් කර ගැනීමය. මෙම සමීපතාවය අපගේ ජීවිතයේ සෑම අංශයක් හරහා පැතීරී යන අතර, එම ආශීර්වාද වලින් අපව සතුටට පත් කිරීම, පාඩු අලාභවූ කාලයන්හි අපව සැනසීම, අප දුර්වලවූ අවස්ථාවන්හි අපව ශක්තිමත් කිරීම සහ අවසානයේ දවසක අප එතුමාණන් මුහුණුට මුහුණ දකින එම දවස දක්වාම අපව දරා ගෙන, ගෙනයනු ලබයි. ශුද්ධ ලියවිල්ල යනු එතුමාණන්ගේ කතාන්දරය වන අතර එතුමාණන්ගේ වචනය අධ්‍යයනය කිරීම කරණකොටගෙන අපට වඩාත් එතුමා හදුනා ගතහැකි වේ.

ක්‍රිස්තියානි දේව ධර්මයේ විවිධ කාණ්ඩ පහත දැක්වේ. කිතුනු දේව ධර්මයේ විවිධ අංශ පිළිබඳව බයිබලය පවසනදේ තේරුම් ගැනීම ක්‍රිස්තියානි ජීවිතයේ වර්ධනයට හා කාර්ය සාධකත්වයට ප්‍රධාන හේතුන් වේ.

දේව ධර්මය උචිත /පරම්පරා විද්‍යාව — පියාණන්වන දෙවියන් වහන්සේ ගැන අධ්‍යයනය
ක්‍රිස්තු විද්‍යාව — යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුද්ගලභාවය, ස්වභාවය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනය
ප්‍රාණවේදය — ශුද්ධාත්මයාණන්වහන්සේගේ පුද්ගලභාවය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම
ග්‍රන්ථවේදය — දේව වචනය අධ්‍යයනය කිරීම.
සෝටිරියොලොජි — යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොට ගෙන ගැළවීම පිළිබඳ අධ්‍යයනය
ක්‍රිස්තියානි මානව විද්‍යාව — මනුෂ්‍යත්වයේ ස්වභාවය අධ්‍යයනය කිරීම
හාමර්ටොලොජි — පාපයේ ස්වභාවය සහ බලපෑම් අධ්‍යයනය කිරීම
දේව දූතයන් පිළිබඳ විද්‍යාව — දේව දූතයන් පිළිබඳ අධ්‍යයනය
ක්‍රිස්තියානි භුත විද්‍යාව — භුතයන් පිළිබඳ අධ්‍යයනය
දේශනා විද්‍යාව — සභාවේ ස්වභාවය සහ මෙහෙවර අධ්‍යයනය කිරීම
එස්කැටලොජි — අවසාන කාලය/ අවසාන කාලය පිළිබඳ අධ්‍යයනය

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි දේව ධර්මයයනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries