කිතුණුවකු සමාජවාදය සම්ප්‍රේක්ෂණය කළ යුත්තේ කෙසේද?

කිතුණුවකු සමාජවාදය සම්ප්‍රේක්ෂණය කළ යුත්තේ කෙසේද?


ප්‍රශ්නය: කිතුණුවකු සමාජවාදය සම්ප්‍රේක්ෂණය කළ යුත්තේ කෙසේද?

පිළිතුර:
ශතවර්ශ ගණනාවක් පුරා බොහෝ දර්ශනවාදීන් විශ්වාස කරනු ලබන්නේ ඉතිහාසයේ හැඩ ගැසී ඇත්තේ අදහස් වලින් බවත් සැබෑ යථාර්ථය හෝ මනුෂ්‍යය හේතුව පරිශීලනය කිරිම ආදිය තුළින් බවත්ය. එහෙත් මානව ඉතිහාසය පිටුපස ඇති ධාවක සාධකය ආර්ථික විද්‍යාව බව තර්ක කළ එක් ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් සිටියිග කාල් මාර්ක්ස් 1818 හි දී ජර්මානු යුදෙව් දෙමවිපියන්ගෙන් උපත ලැබ වයස අවුරුදු 23 හිදී ඔහුගේ ආචාර්‍යය උපාධිය ලැබීය. මානව අනන්‍යයතාවය පුද්ගලයෙකු කරන කාර්‍යය හා බැදී ඇති බව මෙන්ම ආර්ථික ක්‍රමය මුළුමනින්ම පුද්ගලයකු පාලනය කරනු ලබන බව සනාථ කරනු වස් මෙහෙයුමක් ආරම්භ කළේය. මිනිස් වර්ගයා නොනැසි පවතිනු ලබන්නේ ඔහුගේ ශ්‍රමය කරණකොටගෙන බවට තර්ක කරමින් මාර්ක්ස් විශ්වාස කරනු ලැබුවේ මානව ප්‍රජාව නිර්මාණය කරනු ලබා ඇත්තේ ශ්‍රම විභජනය තුළින් බවය.

මාර්ක්ස් ඉතිහාසය ඉගෙන ගනු ලැබ තීරණය කරනු ලැබුවේ වසර සිය ගණනක්ම සමාජය කෘෂිකර්මාන්තය මත පදනම් වී ඇති බවය.

එහෙත් කාර්මික විප්ලවය ඒ සියල්ල මාර්ක්ස්ගේ මනස තුළ වෙනස් කරනු ලැබුවේ නිදහස්ව තමන්ටම වැඩ කළවුන්ට දැන් ආර්ථික විද්‍යාඥයන් විසින් බල කරනු ලැබුවේ කර්මාන්තශාලා වල සේවය කරනු ලබන ලෙසය. මාර්ක්ස්ට හැගුනේ ඔවුන්ගේ ශ්‍රමය ඔවුන් කව්රුන්ද යන්න අර්ථ දැක්වූ අතර මෙතුළින් ඔවුන්ගේ අභිමානය සහ අනන්‍යතාවය නැති වී ගොස් ඔවුන් වහලූන් බවට සීමාවී කාර්‍යය බලධරයෙකු විසින් පාලනය කරනු ලබන බවය. මෙම දෘෂ්ඨිකෝණය මගින් අදහස් කරනු ලැබුවේ ධනපතිවාදී ආර්ථිකය මාර්ක්ස්ගේ ස්වභාවික සතුරෙකු බවය.

මාර්ක්ස් විසින් අනුමාන කරනු ලැබුවේ ධනපතිවාදය පෞද්ගලික දේපල අවධාරණය කර ඇති හෙයින් වරප්‍රසාද ලාභි අතලොස්සකට හිමිකම් අඩු කර තිබෙන බවය. මාර්ක්ස්ගේ මනස තුළ වෙන්වූ ප්‍රජාවන් දෙකක් මතු විය: ව්‍යාපාර හිමියන් හෝ ධනේෂ්වරයෙන්ත කම්කරු පන්තිය හෝ නිර්ධන පන්තිය. මාර්ක්ස්ට අනුව ධනේෂ්වරයන් විසින් නිර්ධන පන්තියේ අය භාවිතා කරනු ලැබ ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගනු ලැබීමේ ප්‍රතිඵලයක් වන්නේ එක් පුද්ගලයෙකුගේ ලාභය තව කෙනෙකුගේ අලාභයක් විමය. තවදුරටත් මාර්ක්ස් විසින් විශ්වාස කරනු ලැබුවේ ව්‍යාපාර හිමියන් විසින් නීති සම්පාදකයන්ට බලපෑම් කරනු ලබන්නේ කම්කරුවන්ගේ ගරුත්වය සහ අයිතීන් අහිමි වීමට ඉහළින් තමාගේ උත්සුකයන් ආරක්ෂා කර ගනු වස්ය. අවසාන වශයෙන් මාර්ක්ස්ට හැගුනේ ආගම වූ කලී සමූහයා සනසනු ලබන රැවටිල්ලක් බවත් ධනවතුන් කම්කරු පන්තිය මෙහෙය වනු වස් භාවිතා කරනු ලබන්නක් බවත්ය; නිර්ධන පන්තියේ අය දෙවියන්වහන්සේ ඔවුන්ව තබා ඇති ස්ථානයේ සිට කාර්යක්ෂම ලෙස කටයුතු කිරිම තුළින් යම් දිනක ස්වර්ගයෙහි විපාක ඔවුන්ට පොරොන්දු වී ඇත (ධනේෂ්වරයන්ට ඉතා යටහත් වී සිටීම).

මාර්ක්ස්ගේ පෘථිවි මනෝරාජ්‍යය තුළ සිට කල්පනා කරනු ලැබුවේ ජනතාව සාමුහිකව සියල්ල අයිති කොටගෙන ඇති අතරම සියල්ලන්ම කටයුතු කරනු ලබන්නේ මනුෂ්‍යය වර්ගයාග් පොදු යහපත තකා බවය. මාර්ක්ස්ගේ අරමුණ වූයේ ආර්ථික නිශ්පාදන සියල්ලේම රාජ්‍යය අයිතිය හරහා පුද්ගලික දේපල අයිතිය අවසන් කිරීමයි. පෞද්ගලික දේපල අහෝසි කළ පසු මාර්ක්ස් සිතුවේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ඉහළ යන අතර අයිතිකරුවන් හා කම්කරු පන්තිය අතර ධනවාදයේ බිද වැටීමක් ඇති වන බවය. සියල්ලන්ම අන්‍යයන්ව අගය කරමින් පොදු අරමුණක් තකා එක්ව කටයුතු කරනු ඇත.

මාර්ක්ස්ගේ චින්තනයේ අවම වශයෙන් දෝෂ සතරක් ඇත. පළමුවෙන්ම, යම් කෙනෙතුගේ ප්‍රතිලාභය තව කෙනෙකුගේ වියදමක් වේ යන ඔහුගේ ස්ථිර ප්‍රකාශය මිථ්‍යාවකිත ධනවාදයේ ව්‍යූහය සියල්ලන්ටම නවෝත්පාදනය හා තරගකාරීත්වය තුළින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ඉඩ සැලසෙයි. බහු පාර්ශවයන් සදහා ඔවුන්ගේ භාණ්ඩ හා සේවා අවශ්‍යය කරන පාරිභෝගික වෙළද පොළක යහපැවැත්මට ඉතාමත් සුදුසුය.

දෙවනුව, කිසියම් භාණ්ඩයක වටිනාකම පදනම් වී ඇත්තේ එතුළට යොදා ඇති ශ්‍රමයේ ප්‍රමාණය මත යන ඔහුගේ විශ්වාසය සාවද්‍යය වියග භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මකභාවය කම්කරුවකු දරන උත්සාහයේ ප්‍රමාණය අනුව නිර්ණය කළ නොහැක. උදාහරණයක් ලෙස නුපුහුණු ශිල්පීන්ට වැඩි ඉක්මනින් හා අලංකාරව අතිදක්ෂ වඩු කාර්කාමිකයකුට භාණ්ඩ කැබැල්ලක් සෑදිය හැකි හෙයින් ධනවාදය නමැති ආර්ථික පද්ධතියක ඔහුගේ කාර්‍යය බොහෝ සෙයින් (නිවැරදිව) අගය කරනු ලැබේ.

තෙවනුව, මාර්ක්ස්ගේ න්‍යායට අනුව දූෂණයෙන් තොරවූ ආණ්ඩුවක අවශ්‍යතාවය මතු කරන අතර එහි සාමාජිකයන් තුළ ප්‍රභූවාදය පිළිබදව හැකියාව ප්‍රතික්ෂේප කරයි. ඉතිහාසය තුළින් කිසිවක් පෙන්නුම් කරනු ලබයි නම් වැටුණු මිනිසාව දූෂණය කරනු ලබන්නේ බලය බවත් පරම බලය සම්පූර්ණයෙන්ම දූෂණය කරනු ලබයි. ජාතියක් හෝ ආණ්ඩුවක් දෙවියන්වහන්සේ පිළිබදව අදහස මරා දමන නමුත් යම් කෙනෙකු දෙවියන්වහන්සේගේ ස්ථානය ගනු ලබයි. ඒ යම්කෙනා නම් බොහෝ විට ජනගහනය කෙරෙහි ආණ්ඩු කරනු ලබන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙන්ම සියලූම පිරිවැය යටතේ තම වරප්‍රසාදිත තත්වය පවත්වා ගැනීමට උත්සාහ දරයි.

සිවිවනුව, සහ වැදගත් වශයෙන්ල යම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ඔහු කරන කාර්‍යය හා බැදී පවතියි යන්න පිළිබදව මාර්ක්ස් සාවද්‍ය විය. ලෝක සමාජය නිසැකවම මෙම විශ්වාසය සියල්ලන් කෙරෙහිම බල කරන නමුත් දේව වචනයේ සදහන් වන්නේ සියල්ලන්ම සදාකාල දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති හෙයින් සමාන වටිනාකමක් ඇති බවයග සත්‍යයවූත්, නිසගවූත් මානව වටිනාකම රඳා පවත්නේ එතැන්හිය.

මාර්ක්ස් නිවැරදි වූයේද රෑ මානව ඉතිහාසය ඉදිරියට ගෙන යනු ලබන උත්ප්‍රේරකය ආර්ථික විද්‍යාව වේද? නැත, මානව ඉතිහාසය සදහා මග පෙන්වනු ලබන්නේ සෑම ජාතියකම නැගිටීම ඇතුළුව සෑම ජාතියක්ම පාලනය කරනු ලබන්නාවූ විශ්වයේ මැවුම්කරුවාණන්ය. මීට අමතරව සෑම ජාතියක් කෙරෙහිම භාරකාරත්වය දී ඇති පුද්ගලයන්ව දෙවියන්වහන්සේ විසින් පාලනය කරනු ලබන්නේ, ශුද්ධ ලියවිල්ලේ සදහන් පරිදි මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා තමන් කැමති කෙනෙකුට ඒක දී මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නමුත් එය කෙරෙහි පත් කරන බව (දානියෙල් 4:17). තවද යම් පුද්ගලයෙකුට තමාගේ ශ්‍රමයට නිපුණත්වය ලබා දෙන්නේද එතුළින් ධනයද ලබා දෙන්නේ දෙවියන්වහන්සේ විනා ආණ්ඩුව නොවේ: බලව මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලූ දවස්වල කා බී ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලූ වෙහෙස වලින් සැපය භුක්ති විදිම හොදව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒ ඔහුගේ කොටසය. තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී ඒවා භුක්ති විදින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීති වෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය (දේශනාකාරයා 5:18-19).

English
නැවතත් සිංහල මුල් පිටුවට
කිතුණුවකු සමාජවාදය සම්ප්‍රේක්ෂණය කළ යුත්තේ කෙසේද?