settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවෙකු තනිව ජීවත්වීම පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලය තුළින් අපට පෙන්වාදෙන උන් වහන්සේගේ ඇදහිලිවතුන්ගේ අවිවාහක බව හා කිතුනුවාගේ අවිවාහක බව සමහරවිට වරදවා තේරුම් ගැනීමක් විය හැක. 1 කොරින්ති 7:7-8 පරිදි පාවුල්තුමා පවසන ආකාරයට එය මෙසේය, “එහෙත් සියලු මනුෂ්‍යයෝ මා සිටින ලෙසම සිටිත් නම් කැමැත්තෙමි. එසේවී නමුත් එක්කෙනෙකුට මේ ප්‍රකාරයටද වෙන කෙනෙකුට ඒ ප්‍රකාරයටද දෙවියන් වහන්සේගෙන් එකිනෙකාට නියමවූ දීමනාවක් ඇත්තේය. නමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳයි කියාය. ඉතා සියුම්ව බැලූ කල අපට පැහැදිලි වන්නේ අවිවාහක වීමේ ආශීර්වාදය ඔවුන්ටත්, විවාහකවීමේ ආශීර්වාදය ඔවුන්ටත් ලැබෙන වබය. බැලූබැල්මට සියලු දෙනා විවාහකවූවත් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ කැමැත්ත එය නොවේ. උදාහරණයක් ලෙස පාවුල්තුමා ගත් කළ විවාහයෙන් හෝ ඔහුගේ පවුලෙන් ඔහුට වෙනත් ප්‍රශ්න හා මානසික ආතතියක් නොතිබුණි. ඔහු ඔහුගේ මුළු ජීවිත කාලයම යේසුස් වහන්සේගේ දේවවචනය ප්‍රචලිත කිරීමට වැය කළා. ඔහු එවැනි වූ පණිවිඩකාරයෙකු නොවීමට තිබුණා ඔහු විවාහක නම්.

අනිත් අතට ගත් කළ, සමහර මිනිසුන් කණ්ඩායමක් ලෙස එනම් අඹු-සැමි යුවලක් ලෙස හා සිය පවුලම දෙවියන් වහන්සේට සේවය කිරීමට තීරණය කරයි. මෙහිදී මෙම වර්ග දෙකම ඉතාම වැදගත් කොටස් දෙකකි. ජීවිතයේ ඇති වැදගත් දෙය නම් හොඳ සහකරුවෙක් සොයාගෙන දරුවන් ලැබීම නොව දෙවියන් වහන්සේට සේවය කිරීමයි. අපි අපම උන් වහනාසේගේ වචනය වචනය කියවමින් හා යාච්ඤාවෙන් උගත් (පුහුණු) කර ගත යුතුයි. අප උන් වහන්සේව එළිදරව් කරන ලෙස ඉල්ලා සිටියොත් උන් වහන්සේ අපට ප්‍රතිචාර දක්වන සේක (මතෙව් 7:7), එසේම අප උන් වහන්සේගේ යහපත් කාර්යයන් සඳහා හවුල්කරුවන් කර ගන්නා ලෙස කීවොත් උන් වහන්සේ එයද කිරීමට බලවත්ය. “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැන ගන්නා පිණිස, සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා” (රෝම 12:2).

අවිවාහක බව එම මිනිසා හෝ ගැහැනිය වරදක් නිසා සිදුවූ දෙයක් හෝ සාපයක් නිසා සිදුවූ දෙයක් යැයි ප්‍රකාශ නොකළ යුතුය. බොහෝ මිනිසුන් විවාහ වන බැවින් විවාහවීම උන් වහන්සේගේ කැමැත්ත හා විවාහ නොවීම එම කිතුනුවාගේ පහත් කමක් ලෙස හැඳින්වීමට අපට නොහැකිය. 1 කොරින්ති 7 හී පවසන ආකාරයට අවිවාහක කම ඉහළින් කරන්නාවූ ආමන්ත්‍රණයක් විය හැකියි. අප අපගේ ජීවිතයේ සෑම දෙයක්ම උන් වහන්සේගෙන් අසනවා සේම විවාහය පිළිබඳව අපට ප්‍රඥාව දෙන මෙන් අප සැමවිටම උන් වහන්සේගෙන් ඉල්ලිය යුතුය (යාකොබ් 1:5). උන් වහන්සේගේ සැලැස්ම අනුව එය විවාහවීමක්ද. අවිවාහකවීමක්ද ලෙස හඳුනා ගැනීම මතු ජීවිතයේ ඵලදායිතාවය හා ප්‍රීතිය අප කෙරෙහි වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවෙකු තනිව ජීවත්වීම පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries