කිතුණුවෙක් දේශපාලනය දෙස බැලිය යුත්තේ කෙසේද?


ප්‍රශ්නය: කිතුණුවෙක් දේශපාලනය දෙස බැලිය යුත්තේ කෙසේද?

පිළිතුර:
නිරායාසයෙන් විවාදයක් හටගන්නා ස්වල්පයක් හෝ එසේ නොමැතිනම් එකහෙළා මතර්කයක්ද, ඇදහිලිවතුන් අතර හෝ දේශපාලනය නිමග්න වූ සාකච්ජාවක්ද ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් ලෙස, දේශපාලනය පිළිබඳ අපගේ ආකල්ප සහ අපගේ නිමග්මනවීම කුමක්විය යුතුද / කෙලෙස විය යුතුද? "ආගම සහ දේශපාලනය සංකලනය නොවිය යුතුයි" යන කියමනක්ද වේ. නමුත් සැබෑවටම එය ඇත්තක්ද? අපගේ කිතුණු ඇදහිල්ලට එපිටින් අපට දේශපාලන මතයන් දැරිය හැකිද? පිළිතුර නැත යන්නයි, අපට එසේ කළ නොහැක. බයිබලය අපට දේශපාලනයේ අපගේ ඉරියව්වන් ගැන සත්‍යයයන් දෙකක් ගෙනහැර දක්වයි.

පළමු සත්‍යය දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතය පුරාවට පැතිරෙන අතර යමක් / යමෙක් වෙනුවට පත් කිරීම යන සත්‍යයන් දෙකම සිදුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත සියලු දෙය සහ සියලු දෙනා අභිබවා යයි (මතෙව් 6:33). දෙවියන්වහන්සේගේ සැලසුම් සහ පරමාර්ථයන් වෙනස් නොවන අතර, එතුමාණන්ගේ කැමැත්ත නොකෙලෙසිය යුතුවේ. එතුමාණන් වහන්සේගේ පරමාර්ථය කුමක්විද එය සිදුවිමට සලස්වන අතර, කිසිම රජයකට එතුමාගේ කැමැත්තට බධා කරන්නට / නිෂ්ප්‍රභ කරන්නට නොහැකිය (දානියෙල් 4:34-35). ඇත්ත වශයෙන් කිවහොත් "රජවරුන් පත් කරන්නේද පළවා හරින්නේද දෙවියන් වහන්සේය" (දානියෙල් 2:22). මක්නිසාද "මහෝත්මයාණන් වහන්සේ බලය පවත්වා, තමන් කැමති කෙනෙකුට ඒක දී" (දානයෙල් 4:17). මෙම සත්‍යයතාවය පැහැදිලිව වටහා ගැනීමෙන් දේශපාලනය දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කරගැනීමට එතුමා විසින් මෙහෙය වන බව තේරුම් ගැනීමට හැකි වේ. දුෂ්ට මනුෂ්‍යයන් ඔවුන්ගේ දේශපාලනික බලය අපහැරණය කළත්, තේරුමවැරදි දෙයට පාවිච්චි කළත්, දෙවියන් වහන්සේ එය යහපතට හරවන සේක, මන්දයත් තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට සියලුදේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමුව (රෝම 8:28).

දෙවනුව අප අල්ලා ගත යුතු දෙය නම් ආණ්ඩුවකට අප ගලවා ගත නොහැකි බවය. එය හැකි වන්නේ දෙවියන් වහන්සේට පමණි. අප කිසිදාක යේසුස් වහන්සේගේ අළුත් ගිවිසුමෙහි හෝ වෙනත් අපෝසතළුවරුන්ගේ ලිපි වලදී, කාලය හෝ ශක්තිය මිත්‍යා දෘෂ්ටික ලෝකය රූපනමස්කාරයෙන් හෝ අශික්ෂිත දූෂණ ක්‍රියාපරිපාටි වලින් පුනරුත්ථාපනය කිරිම සඳහා ඉගැන්වීම් කිරීමට රජයක් හරහා ක්‍රියා කරන බවට කියවා නැත. අපෝස්තුළුවරු කිසිකලෙක ඇදහිලිවතුන්ට රෝම අධිරාජ්‍යයාගේ අධර්මිෂ්ට නීතිය හා කෲර යෝජනාවන්ට එරෙහිව ඔප්පු කරන පිණිස මහජන කෝලාහල ඇති කරන්නට කැඳවූයේ නැත. නමුත් ඒ වෙනුවට පළවෙනි ශත වර්ෂයේ කිතුණුවන්ට මෙන්ම අද ජීවත් වන අපටද සුභාරංචිය ප්‍රකාශකරමින් සුභාරංචියේ ඇති වෙනස් කිරීමේ බලයට පැහැදිලි සාක්‍ෂියක් ලෙස ජීවත් වන්නට අණකර ඇත.

රාජ්‍යයයෙහි නීතියට කීකරු වෙමින් යහපත් පුරවැසියන් වීමේ වගකීම අපට ඇති බවට කිසිදු සැකයක් නැත (රෝම 13:1-2). දෙවියන් වහන්සේ සියලු අධිකාරත්වයන් ස්ථාපිත කර ඇති අතර එසේ කරනු ලැබුවේ අපගේ යහපත සඳහාය "මෙසේ නුඹලා යහපත කිරීම" ( 1 පේත්‍රස් 2:13-15). පාවුල්තුමා රෝම 13:1-8 දක්වා අධිකාරිත්වයෙන් යුතුව අපව පාලනය කිරීම රජයේ වගකීම බවත්, බදු අය කිරීම සහ සමාදනය පවත්වා ගෙනයාම අපගේ යහපත සඳහා බවත් පෙන්වා දෙයි. ඒ අතරම අදහස් දැක්වීම මෙන්ම නායකයන් තෝරා ගැනීමේ හැකියාවද අපට ඇති අතර, අප එය පරිහරණය කළ යුත්තේ අප හා සමාන්තරමතයන් දරණ අය තෝරා පත් කිරීමෙන්ය.

සාතන්ගේ විශාලතම උපායන් ගෙන් එකක් වනුයේ සංස්කෘතික සදාචාරයන් සහ භක්තිවන්ත දේශපාලනිකයන් හා රාජ්‍යය නිලධාරීන් මත බලාපොරොත්තු තැබීමට යොමු කිරීමය. ජාතියක වෙනසකට බලාපොරොත්තුව කිසිදිනක රටෙහි පාලන පංතියකින් අපේක්‍ෂා කළ නොහැකිය. බයිබලයේ සත්‍යතාවයන් හා කිතුණු සාරධර්ම රැකගැනීම සහ ආවරණයක් සැපයීම දේශපාලකයින් සතු රජකාරියක් යයි සිතීම සභාව කර ඇති බලවත් වරදකි.

සභාව අද්විතීය වන අතර, දෙවියන් වහන්සේ විසින් දුන් පරමාර්ථයන් දේශපාලන ක්‍රියාවන් මත රඳා නොපවතී. ලියවිල්ලෙහි කිසිදු ස්ථානයක අපගේ ශක්තිය කාලය සහ මුදල් රාජ්‍යය වැඩසටහන් වලට වියදම් කිරීම සඳහා යොමු කිරීමක් කර නැත. අපගේ මෙහෙවරවන්නේ රටක් ජාතියක් දේශපාලනික වශයෙන් වෙනස් කිරීම නොවන අතර, දෙවියන් වහන්සේගේ වචනය කරණකොටගෙන මනුෂ්‍යයන්ගේ හදවත් වෙනස් කිරීමය. ඇදහිලිවතුන් වර්ධනය සහ ක්‍රිස්තුස් වහන්සේගේ බලපෑම කොයියම් ආකාරයකින් හෝ රාජ්‍යයෙහි ප්‍රතිපත්තීන් සමඟ සමාන කම් ඇති බවට සිතන කල්හි ඔවුන් සභාවෙහි මෙහෙවර දූෂනයටලක් කරනු ලබයි. සභාවෙහි ඉලක්කය විය යුත්තේ සුභාරංචිය පැතිරවීමත් අපගේ කාලයේ පාපයන්ට එරෙහිව දේශනා කිරීමත්ය. සංස්කෘතියක සිටින පුද්ගලයන්, පුද්ගලික වශයෙන් එකිනෙකාගේ හදවත් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන වෙනස්වූ කල්හි සංස්කෘතිමය වශයෙන් වෙනස ප්‍රකාශ වෙනවා ඇත.

කාලපරිච්ජේදයන් හරහා ඇදහිලිවතුන් ජීවත්වී ඇති අතර ඒ කාලයන්හිදී සතුරු විරෝධතාවයන් , අවරෝධන මධ්‍යයේ වුවද මිත්‍යාදෘෂ්ටික රාජ්‍යයන් තුලද ඔවුන් සපලවිය. මෙය පළවෙනි ශතවර්ෂයේ ඇදහිලිවතුන් අතර විශේෂයෙන්ම සත්‍යතාවයවයක් වන අතර, අනුකම්පා විරහිත වූ දේශපාලන රාජ්‍යයන් කාලයේද සංස්කෘතික මහත් පීඩාවන් මධ්‍යයේද ඔවුන්ගේ ඇදහිල්ල ආරක්‍ෂා කරගත්තෝය. ආණ්ඩුව හෝ රජය නොවතමන් ලෝකයේ ආලෝකය බවත් පොළෙවෙහි ලුණු බවත් ඔවුන් දැන සිටියෝය. පාවුල්තුමාගේ ඉගැන්වීම්වලට අවනත වෙමින් රජයේ අධිකාරීන්ට කීකරු වෙමින් ඔවුන්ට ගරුත්වය දෙමින් ඔවුන් උදෙසා යාච්ඤා කළෝය (රෝම 13:1-8). ඉතාමත් වැදගත් වන්නේ ඔවුන් දෙවියන් වහන්සේ විසින්ම පමණක් සපයනු ලබන රැකවරණය යටතේ ඔවුන් වාසය කිරීමය. අද දවසේ අපටද එය එසේම වලංගුය. ලියවිල්ලෙහි ඉගැන්වීම් වලට අප අනුගාමිකයන් වන විට දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වූ ආකාරයට අප ලෝකයෙහි ආලෝකය වේ.

දේශපාලන භාවයන් ලෝකයේ ගැලවුම්කරුවාණන් නොවේ. මුළු මනුෂ්‍යයසංහතිය සඳහා ගැළවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රකාශ වේ. ලෝකයෙහි කිසිම ජාතික ආණඩුවක් පිහිටුවීමට බොහෝ කාලයකට ප්‍රථම ලොවට ගැළවීම අවශ්‍ය බව දෙවියන් වහන්සේ දැන සිටි සේක. මනුෂ්‍යයෙක් කරණකොටගෙන ලොවට මිදීම පැමිණිය නොහැකි බව එතුමන් ලොවට ප්‍රදර්ශණය කළ අතර, එතුමන්ගේ අර්ථශාස්ත්‍රීය ශක්තිය, එතුමන්ගේ මනස, තෘප්තිමත්භාවය, බලාපොරෝත්තුව, ප්‍රීතිය සහ මනුෂ්‍යය සංහතියේ ගැළවීම සම්පූර්ණවන්නේ එතුමන්ගේ ඇදහිල්ල ක්‍රියාව, ප්‍රේමය සහ අනුග්‍රහය තුළින් පමණක්මය.

English
නැවතත් සිංහල මුල් පිටුවට
කිතුණුවෙක් දේශපාලනය දෙස බැලිය යුත්තේ කෙසේද?