settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවන් පීඩාවට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

පිළිතුර


පීඩාව යනු කිතුණු ජීවිතය ගත කිරීමේ දැඩි යථාර්ථයක් බවට සැකයක් නොමැත. කිතුණු පීඩා වනාහී අපේක්ෂා කළ යුත්තකි: අපෝස්තුළු පාවුළු විසින් අනතුරු අගවනු ලැබුවේ "එසේය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විදින්නෝය" (2 තිමොති 3:12). යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් උන්වහන්සේට පීඩා කරනු ලැබුවේ නම් උන්වහන්සේගේ අනුගාමිකයන්ටද පීඩා කරනු ලබන බවය (යොහාන් 15:20). යේසුස්වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුවේ ලෝකය ක්‍රිස්තුස්වහන්සේට වෛර කරන හෙයින් ලෝකයේ සිටින අය කිතුණුවන්ට වෛර කරන බවය. කිතුණුවන් ලෝකය හා සමාන වූවා නම් නිෂ්ඵලල භූමික, කාමුක සහ විනෝදයට, ධනයට සහ අභිලාෂයට ලබා දුන්නේ නම් ලෝකය අපට විරුද්ධ නොවනු ඇත. එනමුත් කිතුණුවන් ලෝකයට අයත් නොවේ, ලෝකය කිතුණුවන්ට පීඩා කිරිමේ කාර්‍යයේ නිරතව සිටින්නේ එහෙයිනි (යොහාන් 15:18-19). කිතුණුවන්ට ලෝකයේ මූලධර්මයන්ගෙන් වෙනස් මූලධර්මයන් ඇත. අප ධෛර්‍යයමත් වන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ශුද්ධකම කරණකොටගෙන වන අතර ලෝකය මෙහෙයවනු ලබන්නේ පාපයට ඇති ප්‍රේමයෙනි. ලෝකයේ එදිරිවාදිකම ඇවිස්සෙනු ලබන්නේ අප ලෝකයෙන් වෙන්වීම කරණකොටගෙනවේ (1 පේත්‍රැස් 4:3-4).

කිතුණුවන් විසින් පීඩාවල වටිනාකම මෙන්ම ඵ්තුළ ප්‍රීතිවීම පවා ඉගෙන ගත යුත්තේ පිටස්තර අලංකාරයට ළැදී ආකාරයට නොව නිශ්චලව සහ නිහතමානීව විය යුත්තේ පීඩාවන්ට විශාල අධ්‍යාත්මික වටිනාකමක් ඇති හෙයිනි. පළමුව, කිතුණුවන්ගේ පීඩා තුළින් ඔවුන්ට ස්වාමින්වහන්සේ හා සමග අද්විතීය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ හරිනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් යටහත් කරනු ලැබූ කරුණු ගණනාවක් පාවුළු විසින් ගෙන හැර දක්වනු ලැබීය. එවන් අලාභයන් ඔහු විසින් "කුණු" ලෙස (පිලිප්පි 3:8) හෝ "අසූචි" ලෙස (කින්ග් ජේමිස් අනුවාදය) සලකනු ලැබූයේ (ක්‍රිස්තුස් වහන්සේගේ) දුක්විදීමේ පංගුකාරත්වයට සහභාගිකම් දැරීමට හැකි වනු පිණිසය (පිලිප්පි 3:10). මෙම උතුම් අපෝස්තුළුවරයා තමන්ව දම්වැල් වලින් බදිනු ලැබීම ගණන් ගනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් ඔහුට දී ඇති කරුණාවක් (වරප්‍රසාදයක්) ලෙසටය (පිලිප්පි 1;7).

දෙවනුව, සැබෑ සත්‍යය නම් කිතුණු පීඩා ඇදහිලිවන්තයන්ට යහපත්ය. යාකොබ් විසින් තර්ක කරනු ලබන්නේ පරීක්ෂාවන් කිතුණුවන්ගේ ඇදහිල්ල පරික්ෂා කරන බවත් ඔවුන්ගේ ජිවිතයේ ඉවසීම වර්ධනය කරනු ලබන බවත් පරිනතභාවය වර්ධනය කිරීමට උපකාරී වන බවත්ය (යාකොබ් 1:2-4). වානේ ලෝහය කම්මල තුළ පණ පෙවී එනවා හා සේම පරීක්ෂා සහ පීඩාවන් කිතුණුවන්ගේ චරිත ස්වභාවය ශක්තිමත් කිරීමට මෙහෙවර කරනු ලබයි. කිතුණුවකු පීඩා වලට කාරුණිකව යටහත් වීමෙන් නිදර්ශනය කරනු ලබන්නේ ඔහුට තම එදිරිවාදීන්ට සාපේක්ෂව උසස් ගුණාංගයන් ඇති බවය. (හෙබ්‍රෙව් 11:38 බලන්න) වෛරයට පාත්‍ර වීම පහසුය. නමුත් දුෂ්ට විරුද්ධවාදීකම් හමුවේ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපය තුළින් යහපත්කම සහ ආශිර්වාදය ලබාදේ. පේත්‍රස් යේසුස්වහන්සේ පිළිබදව ප්‍රකාශ කරනු ලබන්නේ "උන්වහන්සේ නින්දා ලැබූ කළ නින්දා නොකළ සේක. වධ වින්ද කල තර්ජනය නොකර ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන්වහන්සේට කාරණය භාරදුන් සේක" (1 පේත්‍රැස් 2:23).

තෙවනුව, කිතුණු පීඩා ඇදහිලිවන්තයන්ට සැබෑ මිතුරන්ගේ සහයෝගය වඩාත් හොදින් වටහා ගැනීමට ශක්තිය දෙනු ලබයි. ගැටුම් තුළින් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත දරුවන් මීට පෙරාතුව නොදැන සිටි ධෛර්‍යයමත් සහ උපකාරී අන්දමට ඔවුන් එකට එකතු කොට තැබිය හැකිවේ. පීඩාවන් වනාහී ස්වාමින්වහන්සේගේ සෙනගව එකිනෙකාට ප්‍රේම කිරිමට සහ සැනසීමට මෙන්ම යාච්දඤාවෙන් කරුණාවේ සිංහාසනය වෙතට ඔසවා තැබීමේ ස්ථිර අරමුණක් කරා පෙළඹවිය හැකිවේ. සහෝදර ප්‍රේමයේ ඉහළ මට්ටමකට ළගා වීමට උපකාර කිරිමට අප්‍රසන්න සිදුවීමක් වැනි කිසිවක් නොමැත.

කිතුණු පීඩා හමුවේ වුවද අපට ඉදිරියට යා හැකිවේ. අප කෙරෙහි ඇති කරුණාව සහ ඉවසීම පිළිබදව අපට දෙවියන්වහන්සේට ස්තුති කළ හැකිවෙමු. ස්වාමින්වහන්සේ තුළ අප ප්‍රේම කරන මෙන්ම විපත්ති කාලවලදී අප සමග සිටින අයට කෘතඥතාවය පළ කල හැකිවෙමු. එසේම අපට චෝදනා කරනු ලබන අනිසි ලෙස භාවිතා කරනු ලබන සහ අපව අපයෝජනයට ලක් කරනු ලබන අය වෙනුවෙන් අපට යාච්ඤා කළ හැකි වෙමු (2 කොරින්ති 11:24; රෝම 10:1).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවන් පීඩාවට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries