settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවෙකු තර්ක ශාස්ත්‍රය දෙස බැලිය යුත්තේ කෙසේද?

පිළිතුර


තර්ක ශාස්ත්‍රය වනාහී සෘජුවම හෝ වක්‍රව කරුණු විශ්ලේෂණය කර සත්‍යය සොයා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකි. තර්ක ශාස්ත්‍රය මගින් පූර්ව කල්පනාවන් උපයෝගි කරගෙන ඒවා විශ්ලේෂණය කොට වෙනත් කරුණු සමග සංසන්දනය කර මීට පෙර නොදත් කරුණු හඳුනාගැනීමට නිගමන කිරීම සිදුවේ. තර්ක ශාස්ත්‍රය වූ කලී අංක වෙනුවට අදහස් ඇති ගණිත ශ්‍රාස්ත්‍රයකි. විවිධ අදහස් අතර ඇති සම්බන්ධතාවයන් හඳුනාගැනීමේ මාර්ගයකි.

තර්ක ශාස්ත්‍රය දෙවියන්වහන්සේ මෙලොව මැවීමේදී නියම කල ස්වභාවික නීති වලින් එකක් බව පෙනේ. ඉන්පසුව දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයා මවන ලද්දේ තේරුම් ගැනීමේ හැකියාව ඇති මනසක් සමගිනිග තර්ක ශාස්ත්‍රය නිසි ආකාරයට භාවිතා කළ විට අපව දෙවියන්වහන්සේ වෙතට ළගා කරනු ඇත. නමුත් අවාසනාවකට මෙන් එය භාවිතා කරනුයේ වැරදි ආකාරයටය.

තර්ක ශාස්ත්‍ර විද්‍යාව උපයෝගි කරගන්නේ අදහස් සම්බන්ධ සිද්ධාන්තය. ගණිත ශාස්ත්‍රයේ අංක මෙන් වෙනත් අදහස් සමග සම්බන්ධතාවයන් සදහා තර්ක ශාස්ත්‍රය ඉවහල්වේ. මෙම සිද්ධාන්තයන්හී මූලධර්ම තේරුම් ගැනීම වාසිදායකය. නූතන තර්කයන් බොහෝ විට චිත්තවේගි හැගීම් වලින් සම්පීඩනය වී ඇති අතර එමගින් යම්කිසි කතිකාවක්, යෝජනාවක් අතරමගදී කඩාකප්පල් කොට ප්‍රයෝජනවත් තීරණ ගැනීම මග හරවයි. පාලනය කර ගත නොහැකි දැඩි ආවේගය සත්‍යය කරා යන මාර්ගය අවහිර කරයි. බොහෝවිට වැරදි මත අසත්‍යය තර්කයන් සහ වැරදි නිගමනයන් මගින් සත්‍යය වසන්වේ. වැරදි මත වනාහී අන් අයට හිරිහැර කරමින් ඔවුන් පොළඹවා ගන්නා උපක්‍රමයකි. නමුත් එම ක්‍රියාව කිසිම ඵලදායි කතිකාවකට දායකත්වය නොදෙයි.

ප්‍රායෝගිකව සලකා බැලීමේදී තර්ක ශාස්තයේ සිද්ධාන්ත සහ කරුණු අන්තර්ගතවේ. සිද්ධාන්ත සම්බන්ධතා සපයන නමුත් එම සිද්ධාන්ත විශ්ලේෂණය කිරීම සදහා මූලික අදහස් තිබිය යුතුය. සාපේක්ෂතාවාදය ඉතා මූලික නිගමනයන්හී පවා නැති වී යා හැකි මුත් බොහෝ දෙනා තමන්ගේ දැනුම මගින් එක් රැස් කරගන්නා නිරීක්ෂණ හා පර්යේෂණ මත යැපෙති. බොහෝ දෙනා "මා පවතිනවා" සහ මේසය තිබෙනවා යන ප්‍රකාශයන් විශ්වාසයෙන් කියති. තර්ක ශාස්ත්‍රය එවැනි දත්ත මගින් වැඩිදුර සත්‍යයතාවය අනාවරණය කරයි. "පටන්ගැන්මක් ඇති ඕනෑම දෙයක් බිහි වන්නේ තවත් දෙයකිනි." යන්න තර්ක ශාස්ත්‍රය මගින් නිගමනය වන ප්‍රකාශනයකි. වැඩිදුර විශ්ලේෂණ මගින් "දෙවියන්වහන්සේ වැඩ වසන සේක" වැනි සංකීර්ණ සත්‍යයතාවයන් අනාවරණයවේ. අවාසනාවකට මෙන් බොහෝ විවාදකරුවන් නොදැනුවත්වම නොමග යවන මත වලට ගොදුරු වන්නේ ඔවුන් පටන්ගැන්මේ සිට ආරම්භ නොකරන නිසාය. එසේ වන්නේ ඔවුන් පෙර නිගමනය කල ඔප්පු නොකල මතයන් නිවැරදි ලෙස සලකන නිසාය. පරිණාමවාදීන් ඔවුන්ගේ තර්කයට මුල පුරන්නේ ස්වාභාවික පරිණාමයක් මතය. ඊට හේතුව නම් ඔවුන් හාස්කම් සිදුවිය හැකි බව පිළිනොගන්නා නිසාය. බොහෝ ආගම් යේසුස්වහන්සේ වූ කලී දෙවියන්වහන්සේ මනුෂ්‍යයත්වය ගත් තැනැත්තා බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරනුයේ ඔවුන් ඥාණවාදය පෙරදැරි කොට ගන්නා බැවිනි. (කායික දේ දූෂිතය, ආත්මික දේ යහපත්ය) ලෞකිකත්වය හිස දරා ගත් අය කියා සිටිනුයේ ආගම වනාහී මරණය කෙරෙහි මනුෂ්‍යයාගේ ඇති බියට මුහුණ දීමට සහජයෙන්ම ලැබී ඇති ප්‍රතිචාරයක් ලෙසයග එමගින් ඔවුන් දෙවිකෙනෙකු නොමැති බව උපකල්පනය කරති.

සැබෑව නම් බොහෝ දෙනෙක් තමන් දැඩි ලෙස විශ්වාස කරන කරුණු වලට හාත්පසින්ම වෙනස් වූ මත ඇති තර්ක ශාස්ත්‍රය මගින් සැලකිය යුතු ලෙස බලපෑමට ලක්වීමට සූදානම් නොවීමය. සාමාන්‍යයෙන් හැගීම් වලට බරවීම තර්ක ශාස්ත්‍රය අභිබවා යයි. යේසුස්වහන්සේ හෝ එතුමන්ගේ අපෝස්තුළුවරුන් හට තර්ක ශාස්ත්‍රය නුහුරු දෙයක් නොවූවද එය ඔවුන් මූලික ආයුධයක් කර නොගත්හ. "ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතරම සූදානම්ව සිටින්න" (1 පේත්‍රැස් 3:15). පේත්‍රැස්තුමා මේ වදන් ප්‍රකාශ කළ විට දෙවියන්වහන්සේ වැඩවිසීම ගැන සත්භාවික විවාදයක් ආරම්භ කිරීමට

ඔහු අදහස් කලේ නැත. දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය සහ එමගින් අප තුළ ඇති බලාපොරොත්තුව ගැන පැවසීමට සූදානම්ව සිටින ලෙසය. තමාගේ හැගීම් මත යැපෙන යම් කෙනෙකු තර්ක ශාස්ත්‍රානුකූලව කතිකාවනට පිවිසීමට නොහැකිය. පුහුණුවක් ලද තර්ක ඉදිරිපත් කරන්නෙකු හට තර්ක ශාස්ත්‍රය බලවත් ආයුධයක් වනු ඇත. කිතුණු ජීවිතයේ "ආනුභාවික සාක්ෂිදැරීම" ඒ හා සමානව ඒත්තු ගන්වන සුළුය. "ඔබ ලෝකයේ ආලෝකය වේ." (මතෙව් 5:14) අන්ධකාරය ආලෝකයට අකමැතිය නමුත් එයට ආලෝකය ප්‍රතික්ෂේප කළ නොහැක. පාවුල්තුමා තීතස් හට මෙසේ උපදෙස් දුන්නේය. "සියල්ලෙහිදී ඔබම යහපත් ක්‍රියාවන්හී ආදර්ශයක් වන්න. ඔබ උගන්වන විට අවංකව ප්‍රතිපත්ති ගරුකව සිටින්න. විරුද්ධවාදීන්ට අප ගැන කිසි වරදක් කිරීමට ඉඩ නොතබා ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස දෝෂ්‍යාරෝපණයට ලක් කල නොහැකි අයුරින් සාරවත් ගුරුකම් දෙන්න" (තීතස් 2:7-8).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවෙකු තර්ක ශාස්ත්‍රය දෙස බැලිය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries