settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු ජීවිතය කෙබඳු විය යුතුද?

පිළිතුර


කිතුණු ජීවිතය වූ කලී ඇදහිල්ලෙන් ජීවත් වන්නාවූ ජීවිතයක් විය යුතුවේ. අප කිතුණු ජීවිතයට ඇතුළු වන්නේ ඇදහිල්ලෙන් වන අතර අප එතුළ ජීවත් වන්නේද ඇදහිල්ලෙනි. පාපයට සමාව ලබා ගැනීම පිණිස අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ කරන විට අප සොයන්නාවූ දේ ඇදහිල්ලෙන් හැර වෙනත් මාර්ගයකින් ලබා ගත නොහැකි බව අප තේරුම් ගනිමු. අපට ස්වර්ගයට යන මාර්ගය සදහා කටයුතු කළ නොහැක. මන්ද අපට කළ හැකි කිසිවක් ප්‍රමාණවත් නොවන හෙයිනි. කළ යුතු සහ නොකළ යුතු දේහී ලැයිස්තුවක් වන නීති රීති පිළිපැදීමෙන් තමන්ට සදාකාල ජීවනය ලබා ගත හැකි යැයි විශ්වාස කරන අය දේව වචනයේ පැහැදිලිව උගන්වනු ලබන දේ ප්‍රතික්ෂේප කරති. "ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය" (ගලාති 3:11). යේසුස්වහන්සේගේ වකවානුවේ පරිසිවරු ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ උන්වහන්සේ විසින් ඔවුන්ගේ සියලූ ධර්මිෂ්ඨ ක්‍රියාවන් නිෂ්ඵල බවත් ඔවුන්ට ගැළවීම ලබා ගත හැකි වනුයේ මෙසියස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කර ගැනීම තුළින් පමණක් බව ප්‍රකාශ කරනු ලැබූ හෙයිනි.

රෝම 1 හී පාවුළු ප්‍රකාශ කරනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය අපට ගැළවීම ලබා දීමේ බලය බවත් සුභාරංචිය වනාහී යහපත් පුවතක් හෙයින් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන් සදාකාල ජීවනය ලබා ගනු බවත්ය. මෙම සුභාරංචිය කෙරෙහි ඇදහිල්ලෙන් අප ක්‍රිස්තියානි ජීවිතයට පිවිසෙන විට අපව ගළවාගත් දෙවියන්වහන්සේ පිළිබද වැඩි වශයෙන් දැන ගන්නා විට අපව ගළවා ගත් දෙවියන්වහන්සේ පිළිබදව අප වැඩි වශයෙන් දැන ගැනීම කරණකොටගෙන අපගේ ඇදහිල්ල වර්ධනය වන බව අපට දක්නට හැක. ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය සැබවින්ම දෙවියන්වහන්සේ අපට එළිදරව් කරනු ලබන්නේ දිනපතා උන්වහන්සේට සමීප වීම පිණිස අප ජීවත් වන විටය. රෝම 1:17 හී ප්‍රකාශ කරනු ලබන්නේ "කුමක් හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේයයි ලියා තිබෙන ලෙස ඇදහීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව් තිබේ." එබැවින් කිතුණු ජීවිතයේ කොටසක් වනුයේ වචනය උනන්දුවෙන් කියවීම සහ අධ්‍යයනය කිරීම මෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමග වඩාත් සමීප සහ ලෙන්ගතු සබදතාවයක් ඇති කර ගැනීම සදහා අවබෝධය සහ ප්‍රඥාව ලබා ගැනීමට යාච්ඤාව අනුබද්ධ වීමෙනි.

කිතුණු ජීවිතය ඇදහිල්ලේ ජිවිතයක් ලෙස ගත කිරීමට තමාම මරණයට පත්විය යුතුවේ. පාවුළු විසින් ගලාතිවරුන්ට ප්‍රකාශ කරනු ලැබුවේ "මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; එසේවි නමුත් මම ජිවත්වෙමි; නමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජිවත්වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජිවිතය මට ප්‍රේම කළාවූ මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි" (ගලාති 2:20). ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියේ ඇණ ගැසීම යනුවෙන් අදහස් කරනුයේ අපගේ පැරණි ස්වභාවය කුරුසියට ඇණ ගසා ඇති බව අප සමාලෝචනය කරන අතර ක්‍රිස්තුස්වහන්සේගේ නව ස්වාභාවයේ ජීවත් වීමට අප තෝරා ගැනීමවේ (2 කොරින්ති 5:17). අපට ප්‍රේම කොට අප උදෙසා මරණයට පත් වූ තැනන්වහන්සේ අප තුළ ජීවත් වන අතර අප ජීවත් වනුයේ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙනිග කිතුණු ජීවිතය ගත කිරීම යනුවෙන් අදහස් කරනුයේ අපගේම ආශාවන් අභිලාෂයන් සහ කීර්තිය පරිත්‍යාග කිරීම සහ ඒවා ක්‍රිස්තුස්වන්සේගේ අභිප්‍රායයන් සමග ප්‍රතිස්ථාපනය කිරීමවේ. අපට මෙය කළ හැක්කේ උන්වහන්සේගේ කරුණාවෙන් උන් වහන්සේ අපට දෙනු ලබන ඇදහිල්ලෙන් පමණිග කිතුණු ජීවිතයේ කොටසක් නමි ඒ සදහා යාච්ඤා කිරීමවේ.

කිතුණු ජීවිතය වූ කලී අවසානය දක්වා නොපසුබට උත්සාහයක් දැරීමවේ. හෙබ්‍රෙව් 10:38–39 හී පැරණි ගිවිසුමෙහි අනාගතවක්තෘ කෙනෙකු වූ හබක්කුක් උපුටා දක්වමින් මෙම ගැටළුව ආමන්ත්‍රණය කරනු ලබයි: "ඉදින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නමුත් ඔහු පසුබට වන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත." කැපවීමෙන් අනතුරුව "පසුබට" වන කෙනෙකු පිළිබදව දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවන සේක. නමුත් ඇදහිල්ලෙන් ජීවත් වන්නන් කිසිවටෙකත් පසුබට නොවෙති. මන්දයත් ඔවුන් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් රදවාගෙන සිටින හෙයින් අප ක්‍රිස්තුස් වහන්සේ හා සමග අවසානය දක්වාම ඉදිරියට යන බවට සහතික වන සේක (එපීස 1:13-14). හෙබ්‍රෙව් ලේඛකයා විසින් 39 වන පදයේ මෙම සත්‍යය සත්‍යාපනය කරනු ලබයි: "නමුත් අපි වනාහී විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ඇදහීමට අයිතිවමුවග" සැබෑ ඇදහිලිවන්තයා නම් අවසානය දක්වා විශ්වාස කරනු ලබන අයෙකි."

එසේ හෙයින් කිතුණු ජීවිතය වනාහී අපව ගලවාගත් අපව සවිබල ගැන්වූ ස්වර්ගය කෙරෙහි මුද්‍රා තැබූ අපව සදහටම රදවාගෙන සිටින දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වන්නාවූ එකකිග ඇදහිල්ලේ එදිනෙදා ජීවිතය දෙවියන්වහන්සේගේ වචනය සහ යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේව සොයන විට වර්ධනය වන මෙන්ම ශක්තිමත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පරමාර්ථය අපගේ වන අපගේ ජීවිතයට සමාන වන වෙනත් කිතුණුවන් සමග එක්සත් වීමද තුළිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු ජීවිතය කෙබඳු විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries