settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි නායකත්වය යනු කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තියානි නායකත්වය යනු කුමක්ද? ක්‍රිස්තියානි නායකයෙක් මොනවගේ විය යුතුද? ක්‍රිස්තියානි නායකත්වයට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට වඩා හොඳ ආදර්ශයක් නැත. උන්වහන්සේ ප්‍රකාශ කළේ, "මම යහපත් බැටළු එඩේරාය. යහපත් බැටළු එඩේරා තමාගේ ජිවිතය බැටළුවන් උදෙසා දෙන්නේය" (යොහන් 10:11). කිතුනු නායකයෙකු පිළිබඳ පරිපූර්ණ විස්තරයක් අපට පෙනෙන්නේ මෙම පදය තුළය. උන්වහන්සේ තම රැකවරණය ලබන "බැටළුවන්ට" එඩේරෙකු ලෙස ක්‍රියා කරයි.

යේසුස්වහන්සේ අපව "බැටළුවන්" ලෙස හැඳින්වූවිට උන්වහන්සේ කතා කළේ සෙනෙහස පදනම් කරගෙන නොවේ. ඇත්ත වශයෙන්ම, මැවිල්ලේ ගොළු සතුන් අතර බැටළුවන්ව ගනන් ගනු ලැබිය. කුසගින්නෙන් පෙළෙන අධෛර්යයෙන් මිදීමට නොහැකි, අයාලේ යන අය සමහර ජීවීන් අතුරින් වඩාත්ම අසරණ විය හැකිය. විශාල ගංවතුර කාලවලදී පහසුවෙන්ම ප්‍රවේශ විය හැකි ඉහළ බිම් දැකිය හැකිවුවද මුළු බැටළු රංචු දියේ ගිලී මිය ගොස් ඇති බව දන්නා කරුණකි. ඒ හා සමාන වුවත් නැතත්, යේසුස්වහන්සේ අපව තම බැටළුවන් ලෙස හැඳින්වූ විට, උන්වහන්සේ පැවසුවේ එඩේරකු නොමැතිව අප අසරණ බවයි.

එඩේරා යනු තම බැටළුවන් සම්බන්ධයෙන් භූමිකාවන් කිහිපයක් ඇති අයෙකි. ඔහු මෙහෙයවීම, පෝෂණය කිරීම, සැනසීම, නිවැරදි කිරීම සහ ආරක්ෂා කිරීම වේ. සමිඳාණන්වහන්සේගේ රැළේ එඩේරා තම ජීවිතයේ දේවභක්තිය හා ධර්මිෂ්ධකම ආදර්ශයට ගැනීම සහ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අන් අයව දිරිමත් කිරීම මගින් මෙහෙයවනු ලැබේ. ඇත්ත වශයෙන්ම, අපගේ අවසාන ආදර්ශය — අප අනුගමනය කළ යුත්තේ ක්‍රිස්තුස්වහන්සේමයි. ප්‍රේරිත පාවුල්තුමා මෙය තේරුම් ගත්තේය: "මම ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන ආකාරයටම මාගේ ආදර්ශය අනුගමනය කරන්න" (1 කොරින්ති 11:1). ක්‍රිස්තියානි නායකයා ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන අතර අන් අයව උන්වහන්සේව අනුගමනය කිරීමට පොළඹවයි.

ක්‍රිස්තියානි නායකයා බැටළුවන් පෝෂණය කරන්නෙකු හා ඇති දැඩි කරන්නෙකු වන අතර අවසාන "බැටළුවන්ගේ ආහාරය" දේවවචනයයි. එඩේරා තම රැළ වඩාත් සශ්‍රීක තණ බිම් කරා ගෙනයන සේම, ඔවුන් වැඩී සමෘධිමත් වනු ඇත, එබැවින් කිතුනු නායකයා තම රැළ පෝෂණය කරන්නේ ශක්තිමත්, විචිත්‍රවත් කිතුනුවන් බිහි කරන එකම ආහාරයෙනි. නිරෝගී කිතුනුවන් බිහි කළ හැකි එකම ආහාරය බයිබලය මිස මනෝවිදයාව හෝ ලෝකයේ ප්‍රඥාව නොවේ. "මිනිසා ජීවත්වන්නේ රොටි මත පමණක් නොව සමිඳාණන්වහන්සේගේ මුවින් එන සෑම වචනයක් මය" (ද්විතීයකථාව 8:3).

කිතුනු නායකයා බැටළුවන් සනසමින්, ඔවුන්ගේ තුවාල බැඳ, අනුකම්පාවේ සහ ප්‍රේමයේ අලේපයෙන් ආලේප කරයි. ඉශ්‍රායෙල්හී ශ්‍රේෂ්ධ එඩේරා ලෙස, ස්වාමීන්වහන්සේම "තුවාලවූවන් බැඳ දුර්වලයන්ව ශක්තිමත් කරන බවට පොරොන්දුවිය" (එසකියෙල් 34:16). අද ලෝකයේ කිතුනුවන් වශයෙන්, අපගේ ආත්මයන්ට බොහෝ තුවාල සිදුවන අතර, අපට අපගේ බර දරා ගැනීමට, අපගේ තත්වයන්ට අනුකම්පා කිරීමට, අප කෙරෙහි ඉවසීම විදහා දැක්වීමට, වචනයෙන් අපව ධෛර්යමත් කිරීමට සහ අපගේ ගැටළු පියාගේ සිංහාසනය ඉදිරියට ගෙන එන දයානුකම්පිත නායකයින් අපට අවශ්‍යය.

එඩේරා තම සැරයටිය යොදා ගෙන ඉබාගාතේ යන බැටළුවෙකුව නැවත ඇදගෙන යන්නාක්මෙන්, ක්‍රිස්තියානි නායකයා තම රැකවරණය ලබන අය නොමඟ ගිය විට ඔවුන්ව නිවැරදි කරයි. කෝපයෙන් හෝ නොඉවසිල්ලෙන් තොරව, නමුත් "මෘදුකමේ ආත්මයකින්" (ගලාති 6:1) නායකත්වයේ සිටින අය ශුද්ධලියවිල්ලේ මූලධර්ම අනුව නිවැරදි කළ යුතුය. නිවැරදි කිරීම හෝ හික්මවීම කිසිවිටෙකත් එක් පාර්ශ්වයකට ප්‍රසන්න අත්දැකීමක් නොවේ, නමුත් මෙම ප්‍රදේශය තුළ අසමත්වන ක්‍රිස්තියානි නායකයා තම රැකවරණය ලබන අය කෙරෙහි ප්‍රේමය ප්‍රදර්ශනය නොකරයි. "සමිඳාණන්වහන්සේ තමා ප්‍රේම කරන අයව හික්මවයි…" (හිතෝපදේශ 3:12), ක්‍රිස්තියානි නායකයා උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.

ක්‍රිස්තියානි නායකයාගේ අවසාන කාර්ය භාරය වන්නේ ආරක්ෂකයාගේ කාර්ය භාරයයි. මෙම ප්‍රදේශයේ නොසැලකිලිමත්වූ එඩේරාට තම රැළ අතරේ සහ සමහරවිට — එහා මෙහා යන දඩයක් කරුවන්ට නිතිපතා බැටළුවන් අසුවු බව ඉක්මනින් වැටහුණි. අද වන විට දඩයක් කරුවන් වන්නේ ව්‍යාජ ඉගැන්වීම් වලින් බැටළුවන්ව රවටා ගැනීමට උත්සාහ කරන අය, බයිබලය විකාර සහ පැරණි විලාසිතාවන්, ප්‍රමාණවත් නොවීම, අපැහැදිලි හෝ නොදැන සිටීම. මෙම බොරු පැතිරෙන්නේ යේසුස්වහන්සේ අපට විරුද්ධව අනතුරු ඇඟවූ අය විසිනි: "බොරු අනාගතවක්තෘවරුන් ගැන විමසිල්ලෙන් සිටින්න. ඔවුන් ඔබ වෙතට එන්නේ බැටළුවන්ගේ වෙසයෙන්. නමුත් අභ්‍යන්තරයේ ඔවුන් දරුණු වෘකයන්ය" (මතෙව් 7:15). අපගේ නායකයන් ශුද්ධලියවිල්ලේ සත්‍යතාවයෙන් අපව නොමඟ යවන අයගේ බොරු ඉගැන්වීම්වලින් හා ගැලවීමේ මාර්ගය ක්‍රිස්තුස්වහන්සේ පමණක් බව අපව ආරක්ෂා කළ යුතුය: " මාර්ගයද, සත්‍යයද සහ ජීවනයද මම වෙමි. මාකරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත" (යොහන් 14:6).

ක්‍රිස්තියානි නායකයන් පිළිබඳ අවසාන වචනයක් පැමිණෙන්නේ ජෝන් මැක් ආතර් විසින් රචිත "අවශ්‍යය: හොඳ එඩේරුන් ස්වල්පයක් (පාද සේදීමට දැන සිටිය යුතුය)" යන ලිපියෙනි.

දෙවියන්වහන්සේ සභාව සඳහා නියම කර ඇති සැලැස්ම යටතේ නායකත්වය යනු නිහතමානී, ආදරණීය සේවයකි. සභාවේ නායකත්වය යනු දේවසේවය මිස කළමනාකරණය නොවේ. දෙවියන්වහන්සේ නායකයන් ලෙස නම් කරන අයව හඳුන්වනු ලබන්නේ රාජාණ්ඩු පාලකයන් නොව නිහතමානී වහලුන් ලෙසය. දෙවියන්වහන්සේගේ සෙනඟට නායකත්වය දෙන අය සියල්ලටම වඩා පූජා, භක්තිය, යටත්කම සහ පහත්කම ආදර්ශයට ගත යුතුය. යේසුස්වහන්සේ සිය ගෝලයන්ගේ පාද සේදීමට නැඹුරුවූ විට එම රටාව තුලින් සේවකත්වය එලිදරව් කරනු ලැබිය, වහලුන් (යොහන් 13) විශ්වයේ ස්වාමීන්වහන්සේ එසේ කරන්නේ නම්, කිසිම සභාවක නායකයෙකුට තමන් මහා උසස් පුද්ගලයකු ලෙස සිතීමට අයිතියක් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි නායකත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries