කිතුනුවෙකු රක්ෂණයක් ලබාගත යුතුද?



ප්‍රශ්නය: කිතුනුවෙකු රක්ෂණයක් ලබාගත යුතුද?

පිළිතුර:
රක්ෂණයක් ලබා ගැනිම වැරදි ද හෝ නිවැරදි හා එමඟින් දිස්වන්නේ ඇදහිල්ලේ හිඟකම ද යන ප්‍රශ්නය බොහෝ කිතුනුවන්ගේ මනස තළ දෝංකාර දෙන්නාවු බැරූරුම් පැනයකි. අනුගාමිකයන් වන අප සැමවිටම මෙම පැනයට බයිබලය තළින් යමක් ලබාගෙන, එය තදින් අල්ලාගැනීම කළ යුතුයි. සැබවින්ම මෙහි අවසානය ඉතා සැපදායකය අරගලයකි.

ප්‍රථමයෙන් අප එකඟ විය යුත්තේ, එනම් බයිබලය තුළ රක්ෂණනය පිළිබඳව විශේෂාකාරයෙන් සඳහන් කර නොමැත යන්නයි. ‍මේ සම්බන්ධව වීශේෂාකාරයෙන් දේව වචනයේ සඳහන් සඳහන් නොවන බැවින් අපගේ මීළඟ බලාපොරොතුව විය යුත්තේ ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ප්‍රතිපත්ති හා එහි සඳහන් ශුභාරංචි ඉගැන්වීමි පිළිබඳවය. පරික්ෂාකර ලබා ගත් ශුභාරංචි ප්‍රතිපත්ති, විවිධ විශ්වාසකයින්ගේ හා ඔවුන්ගේ පුද්ගලක විශ්වාස හා ඇදහිලි අතර ගැටෙයි. එබැවින් රෝම 14 පරිච්ඡේදයේ සඳහන් කරන්නේ එවැනි අවස්ථාවකදී අන් අයගේ විශ්වාස හා වැටහීම්වලට ගරු කරමින් ජීවත් වන්න යනුයි. එම පරිච්ජේදයෙහිම සඳහන් වන්නේ ඇදහිලිවන්තයන් ඔවුන්ගේම මනස හා සිතුවිලි පිළිබඳව වඟකිය යුතුයි යන්නයි. රෝම 14:5 හි පවසන්නේ , අප විසින්ම දේව වචනය අධ්‍යනය කර උන්වහන්සේගේ පෞද්ගලික මතය හෙවත් විශ්වාසය දැනගැනීම අත්‍යවශ්‍ය වන බවයි. එහි අවසාන පදය පැහැදිලිව පෙන්වා දෙන්නේ, අප තීරණය කරනු ලබන ඕනෑම ක්‍රියාවක් ඇදහිල්ලේ ක්‍රියාවක් බවට පත් විය යුතුයි යන්නයි.

අපට රැකවරණය දීමට බයිබලය දී ඇති අවවාද ගා අනුශාසනා පහත දැක්වේ. අපට එරෙහිව ඇති බලයන් වලට අප අපගේ ගෞරවය දැක්විය යුතුයි. මෙසේ නීතියෙන් අප රැකවරණයක් ලබා ගත යුතුයි. එනම් ස්වංක්‍රියව නීතියෙන් ඇති බැඳීම එම නිසා එම නීතියට අප අවනත විය යුතුයි. අප සැමවිටම අපගේ පවුල ගැන සොයා බැලිය යුතුයි. අප පවුලේ ඉදිරි වාසි පිළිබඳව අප සැළසුම් කළ යුතුයි. නොකල හා බලාපොරොත්තු නොවු දෙමාපියන්ගේ දේපළ , උරුමය පවරාදීමද මෙහි ඇතුළත් වේ. ජීවිත ආරක්ෂණය අපට පිළිඹ්බු වන්නේ ඇදහිල්ල මඳ කමත්, මුදල් වලට ආශා වීමත්, ඉතා සැළකිළිමත්ව සැළසුම් කර අර මුදල් රැස්කිරිමත් යන මේවාය. එක එක මනුෂ්‍යාගේ තත්වයයන් හා විශ්වාස මෙවැනි අවස්ථාවලදී වෙනස් වේ. උත්පත්ති 41 වන පරිච්ජේදයේ සටහන් වන ජෝසෙප්ගේ මනා සැළසුම වුයේ ඊජිප්තු ජාතිය පමණක් නොව ඊශ්‍රායෙල් ජනයා හා යේසුස් වහන්සේගේ පරම්පරාව බේරා ගැනීමය.

අවසානය නම් අප දේව වචනය කියවා උන්වහන්සේට කථා කළ යූතුයි. උන් වහන්සෙගේන් අප අපගේ ජීවිත වල කළ යුතුදේ විමසිය යුතුය. හෙබ්‍රව් 11:6 හි පවසන ආකාරයට ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප්‍රසන්න කීරීමට අපට නුපුළුවන. රක්ෂණය, ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේව සතුටු කරන කාරණයක් ද යන්න සැබෑ පැනයකි. තවත් වැදගත් පදයක් නම් ජාකොබ් 4: 17, එහි පවසන ආකාරයට යහපත් වැඩක් කිර්මට අවස්ථාවක් ඇත්නම් එය කිරීම යහපත් බවත එසේත් නැත්නම් අප පව් කරන බවත්ය. මෙම පණිවිඩය අපට1 තිමෝති 5 :18 පවසයි. අප අන් අයට උපකාර කිර්මට කැමති නම්, අප අපගෙ පවුලෙන්ම එය පටන් ගත යුතුය. රක්ශණය ඉතාම වැදගත් අංගයක් හා යහපත් උපකාරයක් විය හැක්කේ අපගේ ඉලක්කයන් හා එවා අත්පත කර ගැනීමේ දීය.



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවෙකු රක්ෂණයක් ලබාගත යුතුද?