settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවෙක් හඳහනබැලිය යුතුද?

පිළිතුර


හඳහනක පරමාර්ථය පූද්ගලයෙකුගේ චරිතය ගැන ඇතුලාන්තර දැක්මක් සහ අනාගතය පිළිබඳ අනාවැකියක් ලබා දීම වේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳ මූලික විශ්වාසය නම් ග්‍රහලෝක සහ තාරකා අපගේ ජීවිත වලට යම් බලපෑමක් යොදන බවය. විශේෂ දැනුමක් ඇති නක්ෂත්‍රඥයන්ට කෙනෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් පෙන්වා දිය හැක. කණගාටුවට කරුණක් නම් සෑම ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රයකම හඳහන / ජන්ම පත්‍රය සඳහා තීරුවක් වෙන් කර තැබීමයි. ඊටත් වඩා දුක්ඛිත කරුණ නම් කිතුණුවන් ජන්ම පත්‍රයබැලීමයි.

බයිබලය විශේෂයෙන්ම නිමිතිකීම, කොඩිවින කරණය සහ ගුප්ත ශාස්ත්‍රත හනම් කර ඇත (ද්වීතීය කථාව 18:10-14). දෙවියන් වහන්සේගේ සෙනඟ අවධානය දිය යුත්තේ දෙවියන් වහන්සේට පමණකි (ද්වීතීය කථාව 18 :15). ඉන් එහා වූ ඕනෑම මඟ පෙන්වන්නාවූ හෝ තොරතුරු සපයන මූලාශ්‍ර, හෝ එළදරව්වන් ඝෘජූවම ප්‍රතික්‍ෂේප කළ යුතුය (ක්‍රියා පොතෙහි 16:16-18 බලන්න). බයිබලයඇදහිල්ලේ ඔබින / උචිත කේන්ද්‍රය යේසුස් වහන්සේ බව පෙන්වා දෙයි (ක්‍රියා 4:12, හෙබ්‍රෙව් 12:2). අපගේ විශ්වාසය දෙවියන් වහන්සේ මත පමණක්ම රඳා පැවතිය යුතු අතර එතුමන් අපේ මාවත් සමතලා කරනවා ඇත (හිතෝපදේශ 3:5-6). දෙවියන් වහන්සේ හැර වෙනත් යමක් මත විශ්වාසය තැබීම වැරදි තැනක විශ්වාසය තැබීමක් වේ.

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය බයිබලීය ඉගැන්වීම් වලට අඩුම වශයෙන් දෙයාකාරයකින්වත් විරුද්ධ වේ. එය දෙවියන් වහන්සේ හැර වෙනත් දෙයක් මත විශ්වාසය තැබීම වෙනුවෙන් කතා කරන අතර එය නිමිති බැලීම වැනි දෙයක් වේ. අපගේ ජීවිත පිළිබඳ දෙවියන් වහන්සේගේ කැමැත්ත හඳහනක් තුළින් තීරණයකළ නොහැක. කිතුනුවන් ලෙස ඥාණය සහ මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා අප කළ යුත්තේ බයිබලය කියවීම සහ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම වේ. හඳහන් බැලීම දෙවියන් වහන්සේ තම දරුවන් සමඟ සන්නිවේදනය කරන ආකාරය උල්ලංඝනය කිරීමක් වේ. අප ප්‍රබල ලෙස විශ්වාස කරනු ලබන්නේ කිතුනුවන් හඳහන් ප්‍රතික්‍ෂේප කළ යුතු බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවෙක් හඳහනබැලිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries