settings icon
share icon
ප්‍රශ්නය

දරුවෙකුට කිතුණු අධ්‍යාපනය ලබාදීම වැදගත්ද?

පිළිතුර


ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඇදහිලිවන්තයෙකුට කිතුණු අධ්‍යාපනය වැදගත්ද නැද්ද යන්න පැහැදිලිය. පිළිතුර විය යුත්තේ ප්‍රබලවම "එසේය / ඔව් "යන්නය. එසේ නම් ප්‍රශ්ණයක් පැනනඟින්නේ මන්ද? එනම් කිතුණු ඇදහිල්ල තුළ ශත සහ ස්‍රසංඛ්‍යාත යථා දර්ශණයන් ඇති නිසාය. එබැවින් ප්‍රශ්ණය විය යුත්තේ "මගේ දරුවාට කිතුණු දහම හදුන්වාදීම කාගේ වගකීමක්ද හෝ මගේ දරුවාගේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ පොදු, පෞද්ගලික හෝ නිවස මුල් කරගත්තාවූ ක්‍රමයක්ද? මෙම මාතෘකාව පිළිබඳ බොහෝ මතයන් ඇති අතර ඒවා සමඟ ප්‍රබල ලෙස නිමා නොවන ලෙසද හැඟීම්බරවද විවාද කර ඇත.

බයිබලීය යථා දර්ශණය කුමක්දැයි සොයන්නට ආරම්භ කිරීමේදි, පරණ ගිවිසුමෙහි දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ගැන සඳගන් වන ස්ථීර පදයක් ද්වීතිය කථාව 6: 5-8 මුණ ගැසේ, "නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න. මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා නූඹ ගෙයි හිඳන කලද මග යන කලද නුඹ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරපන්න. ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳගනින්න. ඒවා නුඹේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා." පියා විසින් තම දරුවන්ගේ අධ්‍යාත්මික වර්ධනය සහ යහපත් දිවි පැවැත්මක් සඳහා දෙවියන් වහන්සේගේ වචනය සහ ඒවා පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ඉතා උනන්දුවෙන් ගුරුහරුකම් දිය යුතු බව හෙබ්‍රෙව් ඉතිහාසය ප්‍රකාශ කරයි. මෙම ජේදයෙහි ඇති පණිවිඩය අළුත් ගිවිසුමෙහි නැවත වතාවක් පාවුල්තුමා එපීස 6:4 හි දරුවන් "ඇති දැඩි කිරීමෙහි සහ දැනමුතුකම්" දීමෙහි උනන්දු කරයි. හිතෝපදේශ 22:6 හිද මෙසේ සඳහන් කරයි. දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේය. විධිමත් අධ්‍යපනය පමණක් පුහුණු කිරීමකට ඇතුළත් නොවන අතර දරුවෙකුට පළමු ගුරුහරුකම් ලබාදීම සිදුවිය යුත්තේ ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයේදීය. මෙම පුහුණුවීම සැළසුම් කර ඇත්තේ ඔහුගේ ජීවිතය පදනම් විය යුතු ස්ථීර අත්තිවාරම මතය.

විධිමත් අධ්‍යාපනය යන විෂය කෙරෙහි අප යොමු වන කළ එහි ඇති දුරව බෝධයන් ගැන කතා කළ යුතුව ඇත. ප්‍රථමයෙන් දරුවන් හැකි පමණ දෙමව්පියන් විසින් පමණක් විය යුතු බව දෙවියන් වහන්සේ කිසි විටකත් නොපවසන අතර, දෙවනුව ප්‍රසිද්ධ / පොදු අධ්‍යාපනය නොසුදුසු බවත් අප දරුවන්ට ඉගැන්වීම් කළ යුත්තේ ක්‍රිස්තියානි පාසල්වල හෝ ගෘහ පාසල්වල බව නොපවසයි. ලියවිල්ල පුරාවටම සඳහන් වන්නේ මූලික වගකීම ගැනය. දෙවියන් වහන්සේ කිසි විටෙක නිවෙසින් බැහැර අධ්‍යාපනය නොකළ යුතු බවට දෙමව්පියන්ට මඟ පෙන් වන්නේ නැත. එබැවින් නිවැසි පාසල් හෝ කිතුණු පාසල් අධ්‍යාපනය "බයීබලීය" ක්‍රමය බැව් පැවසීම දෙවියන් වහන්සේ වචනයට යමක් එකතු කිරීමක් සහ අපගේ මතයන් තහවුරු කරගැනීමට ගන්නා උත්සාහයක් වේ. නමුත් එහි ප්‍රතිවිරුද්ධ අදහස සැබෑව වේ. එනම් අපගේ මතයන් බයිබලය මත පදනම් විය යුතු බවය. එලෙසම අධ්‍යාපනය ලබාදිය හැක්කේ හැකියාවන් ඇති "පුහුණු" ලත් ගුරුවරුන්ට පමණක් යන විවාදය අත්හැරීමට අපටද අවශ්‍යවී ඇත. නැවතත් මෙහි මූලික වගකීම රැඳී ඇත්තේ දෙමව්පියන් වෙතය.

ලියවිල්ලෙහි ඇති කාරණාව නම් අප දරුවන්ට කුමන අන්දමේ සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා දිය යුතුද යන්න නොව කුමන සුසමාදර්ශයක් තුල එම තොරතුරු පෙරා ගත යුතුද යන්නය. උදාහරණයක් ලෙස නිවැසි පාසල් දරුවෙකුට "කිතුණු" අධ්‍යාපනයක් ලබා දිය හැකි නමුදු එම දරුවා ලියවිල්ලෙහි ප්‍රතිපත්ති සැබෑ ලෙස නොදැනීම සහ වටහා නොගැනීම වේ. එලෙසම පොදු / ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ දරුවෙකු ලෝකයේ ඥානය ගැන තේරුම් ගැනීමට හැකි වන අතර ඉන් ඇති වන පරාජයන් පිළිබඳව දෙවියන් වහන්සේ ගේ වචනය හරහා තේරුම් ගැනීමට හැකි වන්නේ ඉතා උනන්දුවෙන් දේව වචනය නිවසෙහිදි ඉගැන්වූ නිසාය. තොරතුරු ප්‍රවේසමෙන් සෝදිසි කරබැලීම දෙයාකාරයෙහිම බයිබලීය කාවය සිදු කරහැකි නමුදු සැබෑ ආත්මීක වටහා ගැනීමක් විය හැක්කේ දෙවනියට සඳහන් කරනලද ආකාරයෙනි. එලෙසම, සිසුවෙකුට ක්‍රිස්තියානි පාසලකට ඇතුල්වූවද කිසිම දිනෙක දෙවියන් වහන්සේ සමඟ ඇති ඉතා කිට්ටු පුද්ගලික සම්බන්ධතාවය හදුනා නොගෙන සිටිය හැක. අවසානවශයෙන් පැවසුවහොත් දරුවෙකුව ආත්මීක අධ්‍යාපනය තුළ සකස්කිරීම් දෙමව්පියන්ගේ වගකීම වේ.

හෙබ්‍රෙව් 10:25 හි දෙවියන් වහන්සේ කිතුණුවන්ට අඥාවක් නිකුත් කරඇත. "සමහරුන්ගේ පුරුද්ද ලෙස, අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු." ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දරුන්වට ඉගැන්වීමෙහිදී අඛණ්ඩ කොටසක් වන අතර, එහිදී දෙමව්පියන්ට දරුවන් ආත්මික පෝෂණය කිරීමේදී හා ආත්මික කාරණා වලදී මහඟු උපාකාරයකි. මෙම කාරණාවෙහිදී පවුල් ආකෘතියෙන් පිටත යමක් අනාවරණය වීම සභාවෙන් සහදහම් පාසලෙන් ලැබෙන සාරවත් බයිබලීය ඉගැන්ව්ම් ඉතා යහපත් වන අතර ඉතා අවශ්‍ය වේ.

එබැවින්, අධ්‍යාපනය සඳහා අප කුමන ආයතනයක් තෝරා ගැනීම ප්‍රශ්ණයක් නොවන අතර, දෙමව්පියන් දරුවන්ගේ ආත්මීක අධ්‍යාපනය සඳහා මූලික විය යුතුය. සමහර දේව ධර්මකාරණා වලදී කිතුණු පාසලෙහි ගුරුවරයා හෝ සභාපාලකතුමා හෝ දහම් පාසල් ගුරුවරයා සාවද්‍ය විය හැක. එබැවින් අප දරුවන්ට ආත්මික කාරණා ඉගැන්වීම් වලදී අවිශේෂ සත්‍යතාවයවන්නේ ලියවිල්ල බව ඔවුන් වටහා ගත යුතුය (2 තිමොති 3:16). එම නිසා දරුවන්ට අපට ඉගැන්විය හැකි ඉතාමත් වැදගත් පාඩමවන්නේ බෙරියායෙහි වැසියන්ව අනුගමනය කරන ලෙසය. එනම් "පාවුල්තුමා පැවසූ දේවල් සත්‍යයදැයි සොයා බලන පිණිස දවස් පතා ලියවිලි සොයා බැලුවෝය" (ක්‍රියා 17:11). එමෙන්ම ඔවුන්ට උගන්වනු ලැබූ සියල්ල පරීක්‍ෂා කර එම මූලාශ්‍ර දේව වචනයට විරුද්ධද යන්න සෝදිසි කරනු ලැබීය. (1 තෙසලෝනික 5:21).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දරුවෙකුට කිතුණු අධ්‍යාපනය ලබාදීම වැදගත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries