settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු ධර්මනියාමක මෙතරම් විසංවාදී වන්නේ මන්ද?

පිළිතුර


සමහර කිතුණුවන් "ධර්මනියාමක " යන වචනය මුළුමනින්ම පාහේ සලකනු ලබන්නේ ශාපයේ වචනයක් ලෙසිනි. සිතීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍යයෙන්ම "ධර්මනියාමක" මග හැරිය යුත්තේ ධර්මනියාමක කිතුණුවන් අතර භේදයක් ඇති කරනු ලබන හෙයිනුත් යොහාන් 17:21හී පවසන පරිදි දෙවියන්වහන්සේ අභිප්‍රාය කරනුයේ කිතුණුවන් එක්සත් වීමය යනුවෙනි. ධර්මනියාමක බෙදීමට හේතු වන බව සත්‍යයක් වන නමුත් බෙදීම හට ගනුයේ වැදගත් දේව වචනානුකූල ඉගැන්වීමක් පිළිබද එකග නොවීමක් නිසා වේ නම් බෙදීම අනිවාර්‍යයෙන්ම එය අයහපත් දෙයක් නොවේ. පාවුළු ප්‍රකාශ කරනුයේ "මක්නිසාද ඔවුන් සාරවත් ධර්මනියාමක නොඉවසා කසන කන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන... කාලය පැමිණෙන්නේය" (2 තිමොති 4:3). තීතස් 1:9, 2:1 ප්‍රකාශ කරනුයේ "තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාද කරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබිද කරන්ටත් පුළුවන් වන පිණිස ඉගැන්වීමට එකගවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින් ඕනැය... නමුත් සාරවත් ගුරුකමට හොබනා දේ කථා කරන්න."

කිතුණු ඇදහිල්ල අන්කිසිවකටත් වඩා ඉගැන්වීම මත පදනම් වන්නකි. ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබද ඉගැන්වීම් (යොහාන් 1:1, 14), ක්‍රිස්තුස්වහන්සේගේ ආදේශනීය පූජාවීම (2 කොරින්ති 5:21), ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය (1 කොරින්ති 15:17), ඇදහිල්ල කරණකොටගෙන අනුග්‍රහයෙන් ගැළවීම ලබා ගැනීම (එපීස 2:8-9) ආදිය බෙහෙවින්ම අත්‍යවශ්‍යය වන අතර වෙනස් කළ නොහැක. මෙම ඉගැන්වීම් කිසිවක් හෝ ඉවතලුවොත් ඇදහිල්ල නිරර්ථක මෙන්ම නිශ්ඵලවේ. ත්‍රිත්වයල ශුද්ධ ලියවිල්ලේ අනුප්‍රාණය සහ සදාකාලික රාජ්‍යයේ යථාර්ථය වැනි ඉතාමත් වැදගත් ඉගැන්වීම කිතුණු ඇදහිල්ල තුළ ඇත. කිතුණු ඉගැන්වීම් මෙම කරුණු හේතුකොටගෙන බෙදීමකට ලක්වේ නම් එය එසේ විය යුතුය. මන්දයත් මෙම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්නවුන්ගෙන් වෙන් වී සිටිය යුතුවේ.

කෙසේ නමුත් "තීරණාත්මක" තත්වයක් නොමැති හෝ අවම වශයෙන් නොකළ යුතු ඉගැන්වීම් හේතුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ අති විශාල බෙදීම් ඇති වී තිබේ. නිදසුන් තුළ අන්තර්ගත වනුයේ ඔසවා ගැනීමේ වේලාවන්, කල් නොගියාවූ පෘථිවි මැවුම්වාදයට එදිරිව පැරණි පෘථිවි මැවුම්වාදය, ජනකාන්තයට එදිරිව ජනකාන්ත නොවීම, පූර්ව සහශ්‍රවාදයට එදිරිව නිසහශ්‍ර වාර්ෂිකය ආදිය වේ. මෙම කිතුණු ඉගැන්වීම් ඉතා වැදගත්වේ. සෑම කිතුණු ඉගැන්වීමක්ම යම් වැදගත්කමක් දරයි. ඇතැම්විට මෙම ඉගැන්වීම් බෙදීමට / වෙන් කිරීමට වටින්නාවූ ඒවා නොවේ. මෙම කාරණාවල දෙපැත්තෙන්ම කැපවූ ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන ඇදහිලිවන්තයන් සිටිති. අත්‍යවශ්‍යය නොවන කාරණා සම්බන්ධව අප බෙදිය යුතු නොවෙමු. අවම වශයෙන් වෙනත් පුද්ගලයෙකුගේ ඇදහිල්ලේ වලංගු භාවය ප්‍රශ්න කරන තරමට හෝ නොවිය යුතුය.

කෙසේ නමුත් අත්‍යවශ්‍යය නොවන කිතුණු ඉගැන්වීම් සම්බන්ධයෙන් පවා අදාළ නොවන බෙදීම් මට්ටම් තිබේ. ඉලක්කයන්, ප්‍රමුඛතා සහ දේව සේවය හා සම්බන්ධව ගත් කළ සභාවක් එක්සත් මෙන්ම සමාන අදහස් දරන්නන් විය යුතුය. එක්සත් දේව සේවයේ ඉලක්කයට බාධා ඇති කරවන ඉගැන්වීම් තිබේ නම් යම් පුද්ගලයෙකුට ඒ තුළ ගැටුම් සහ බෙදීම් ඇති කරනු වෙනුවට වෙනත් සභාවක් සොයා ගැනීම වඩාත් යෝග්‍යය. ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ බොහෝ කොට්ඨාශයන් / නිකායන් ඇතිවීම මේ ආකාරයේ බෙදීම් හේතුකොටගෙන විය. සමහරුන් විසිළු කරනු ලබන්නේ නව සභාවක් රෝපණය කිරීමට පහසුව ක්‍රමය සභා දෙදරා යාම් බවය. අසමගිය සහ ගැටුම් වලක්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය නොවන ඉගැන්වීම් කරණකොටගෙන බෙදීම් අවශ්‍යවේ නම් එම බෙදීම් සිදුවිය යුත්තකි.

සෑම කෙනෙක්ම පූර්ව නිගමනල පක්ෂග්‍රාහී සහ පූර්ව ආකල්පනයන් පසෙකට දමා දේව වචනය උගන්වන් ලබන කිතුණු ඉගැන්වීම් පිළිගනු ලබයි නම් බෙදීම් ගැටළුවක් නොවනු ඇත. නමුත් අප සියල්ලන්ම වැටී පාපයට ගොදුරුවූවෝ වන්නෙමු (දේශනාකාරයා 7:20; රෝම 3:23). දෙවියන්වහන්සේගේ වචනය හොදින් වටහා ගැනීමෙන් සහ ක්‍රියාවට නැංවීම පාපය මගින් අපව වළක්වයි. කිතුණු ඉගැන්වීම අවබෝධ කර ගැනීම සහ එයට යටත් නොවීම බෙදීමට හේතුවේ, ඉගැන්වීමම නොවේ. කිතුණු ඇදහිල්ලේ මූලික ඉගැන්වීම පිළිබදව එකග නොවීම පිළිබද අප නියත වශයෙන්ම බෙදිය යුතු වෙමු. සමහර විට අත්‍යවශ්‍යය නොවන කාරණා සම්බන්ධයෙන් බෙදීමද අවශ්‍යයවේ (අඩු මට්ටමක බෙදීම වුවද) එහෙත් බෙදීමේ වරද කිසිවිටෙකත් ඉගැන්වීම මත පැටවිය යුතු නොවේ. කිතුණු ඉගැන්වීම යථාර්ථයට අනුව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සත්‍යය, පූර්ණ සහ දේව වචනානුකූල එක්සත්කමට ඇති එකම මාර්ගයවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු ධර්මනියාමක මෙතරම් විසංවාදී වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries