settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානිකාරයකු සහ ගෝලයකු අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තියානිකාරයා සහ ගෝලයා යන පදයන් දෙක එකිනෙකට සම්බන්ධ නමුත් ඒවා තුල්‍යමාන නොවේ. නව ගිවිසුමෙහි "ගෝලයා" යන පදය ග්‍රීක භාෂාවෙන් මාතිටිස් වන අතර එහි අර්ථය "සිසුවා" නොහොත් "ආධුනිකයා" යන්නට වඩා යමක්වේ. ගෝලයකු යනු "අනුගාමිකයෙකු" වන අතර ඔහු වෙනත් කෙනෙකුගේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම පිළිපදින කෙනෙකු වන්නේ ඒතුළින් ඔහු තමාගේ ජීවන රටාව සහ හැසිරීම පාලනය කර ගනු ලබන හෙයිනි. පරිසිවරුන් මෝසෙස්ගේ ගෝලයන් වීම පිළිබදව උඩගු වූහ (යොහාන් 9:28). යේසුස්වහන්සේගේ අනුගාමිකයන් "ගෝලයන්" ලෙස හඳුන්වනු ලැබුවේ ඔවුන්ව "ක්‍රිස්තියානිකාරයා" ලෙස හැදින්වීමට බොහෝ කාලයකට ඉහත දීය. ඔවුන්ගේ ගෝලත්වය ආරම්භ වූයේ යේසුස්වහන්සේගේ කැදවීමෙන් වන අතර උන්වහන්සේව අනුගමනය කිරීමට කැමැත්ත ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නියම විය (මතෙව් 9:9).

උන්වහන්සේව අනුගමනය කිරීමේ මිලය පිළිබදව යේසුස්වහන්සේ ඉතා නිශ්චිතව පැවසූ සේක. ගෝලත්වයට වනාහී මුළුමනින්ම කැපවූ ජීවිතයක් අවශ්‍යය කරයි: "එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය" (ලුක් 14:33). පරිත්‍යාගයද අපේක්ෂා කරනු ලබයි (මතෙව් 16:24). "යේසුස්වහන්සේ තම ගෝලයන්ට කථා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා" (මතෙව් 16:24).

යේසුස්වහන්සේගේ අනුගාමිකයන් සියල්ලන්ටම එවැනි කැප කිරීමක් කිරීමට නොහැකි වූහ. කලකට පසුව යේසුස්වහන්සේව අතහැර ගියවුන් බොහෝමයක් සිටියහ. "මේ නිසා එවක පටන් උන්වහන්සේගේ ගෝලයන් බොහෝ දෙනෙක් පසුබටවී උන්වහන්සේ සමග තවත් නොහැසිරුණෝය" (යොහාන් 6:66).

යේසුස්වහන්සේ විසින් ගෝලයා යන යෙදුම භාවිත කළ නමුත් ක්‍රිස්තියානිකාරයා යන්න කිසිවිටෙක භාවිතා නොකළ සේක. ක්‍රිස්තියානිකාරයා යන වචනය ප්‍රථම අවස්ථාවට හමුවන්නේ ක්‍රියා පොතෙහිය: "...ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝ යයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය" (ක්‍රියා 11:26). බොහෝ බයිබල් විද්වතුන් එකග වන්නේ ඇදහිලිවන්තයන් විසින්ම "ක්‍රිස්තියානිකාරයා" යන නාමය සිතීම අසම්භාව්‍ය බවය. මුල් සභාවෙහි ඔවුන්ට "ගෝලයන්" (ක්‍රියා 13:52; 20:1; 21:4) මෙන්ම "ශුද්ධවන්තයන්" (රෝම 1:7; 1 කොරින්ති 16:1; එපිස 1:1) සහ "සහෝදරයන්" (1 කොරින්ති 1:9; 1 පේත්‍රැස් 3:8) වැනි නාමයන්ද තිබුණි.

"ක්‍රිස්තියානිකාරයා" යන යෙදුමේ අර්ථය "ක්‍රිස්තුස්වහන්සේට අයත්" යන්න වන අතර එය සභාවෙන් පිටත සිටින්නවුන් විසින් ප්‍රබන්ධ කරනු ලැබූවක් බව පෙනේ. එය බොහෝ දුරට අදහස් කරනු ලැබුවේ අපහාසාත්මක යෙදුමක් ලෙසය. නව ගිවිසුමේ මෙම වචනය ප්‍රකාශ වන්නේ තවත් අවස්ථා දෙකකදී පමණි (ක්‍රියා 26:28; 1 පේත්‍රැස් 4:16). ක්‍රිස්තියානිකාරයා යන යෙදුම මුලින්ම අපහාසාත්මක එකක් යන අදහස වූවත් 1 පේත්‍රැස් 4:16 පදය අපට රුකුලක්වේ: "නමුත් යමෙක් ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විදී නම් ඔහු ලජ්ජා නොවී ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරවා".

දේව වචනානුකූලව කථා කෙරේ නම් ක්‍රිස්තියානිකාරයෙකු වූ කලී ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකි. ක්‍රිස්තියානිකාරයෙකු යනු ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල තැබූ අයෙකි (යොහාන් 1:12). ක්‍රිස්තියානිකාරයෙකු නැවත උත්පාදනය ලබනුයේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙනි (යොහාන් 3:3. ක්‍රිස්තියානිකාරයෙකු "ක්‍රිස්තුස් වහන්සේට අයත්" වන අතර උන්වහන්සේගේ ස්වරූපයට දිනපතා වෙනස් කරනු ලබයිණ" (2 කොරින්ති 3:18).

සැබෑ ක්‍රිස්තියානිකාරයෙකුට (නමින් පමණක් කිතුණු නොවන අයකුට) ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වීමටද සිදුවේ. එනම් ඔහු මිලය ගණනය කොට යේසුස්වහන්සේව අනුගමනය කිරීම සදහා සිය ජීවිතය කැප කර ඇත. ඔහු පරිත්‍යාග කිරීමට ඇති කැදවීම පිළිගෙන ස්වාමින්වහන්සේ මෙහෙයවන ඕනෑම තැනක් අනුගමනය කරනු ලබයි. ක්‍රිස්තියානිකාර ගෝලයා යේසුස්වහන්සේගේ ඉගැන්වීමි තදින් අල්ලා ගනු ලබන අතර ක්‍රිස්තුස්වහන්සේව අංක එකේ ප්‍රමුඛතාවය බවට පත් කොටගෙන ඒ අනුව ජීවත්වේ. වෙනත් ක්‍රිස්තියානි කාරයන්ව ගෝලයන් බවට පත් කිරීමට ඔහු ක්‍රියාශීලීව සම්බන්ධවේ (මතෙව් 28:19-20).

සැබෑ ක්‍රිස්තියානිකාර ගෝලයා ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙකු වන අතර තමන් තුළ වාසය කරනු ලබන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන නව ජීවනයක් අත්පත් කොට ගනියී. ඔහු ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන බැවින් ක්‍රිස්තියානිකාරයෙකු කීකරු ගෝලයෙකුදවේ (යොහාන් 14:15). පාවුළු විසින් ක්‍රිස්තියානිකාර ගෝලයකු වීමේ යථාර්ථය විස්තර කරනු ලබයි: "මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; එසේ වී නමුත් මම ජීවත්වෙමිත නමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වන සේක. තවද මා දැන් මාසංයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළාවූ මා උදෙසා තමන්ම පාවා දුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි" (ගලාති 2:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානිකාරයකු සහ ගෝලයකු අතර ඇති වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries