settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු තම සහකරු මුණ ගැසීම සදහා එවැනි සේවා භාවිතා කළ යුතුද?

පිළිතුර


සහකරු මුණගැසීමේ සේවාවන් ගැන දේව වචනයේ කිසිවක් සඳහන් නොවේ. එවැනි කිසිම ක්‍රමයක් ගැනද එහි සඳහන් වී නොමැත. බයිබලීය යුගයේ එවැනි හමුවීම් සිදු වුයේ වර්ථමානයේ දී මෙන් නොවේ. අතීතයේ දී පවුලේ වැඩිමහලූ අය තම අවිවාහක දූ දරුවන් හට තම සහකරුවන් මුණ ගැසීමට උදව් දුන්හ. ඒ අතරම ඔවුන් විසින්ම තම දරුවන්ට සහකරුවන් තෝරා දුන්හ. මෙම මැදහත් වීමේ චාරිත්‍රය වර්ථමානයේ දීද බොහෝ පවුල් වල පවතී. එහෙත් අන් සමහර පවුල් වල අවිවාහක අය තම සහකරුවා තමන් විසින්ම තෝරා ගැනීමට නැඹුරු වෙති. තමන්ට සුදුසු සහකරුවා දෙවියන්වහන්සේ විසින් තෝරා දේ යයි යන විශ්වාසය මත සමහර අවිවාහක අය තමාට සහකරුවකු සොයා ගැනීමට උත්සහ නොකරන අතර, අන් සමහරු තමාට සුදුසු සහකරුවකු නොලැබේයයි සිතා නිරතුරුවම එවැන්නෙකු සෙවිමේ නිරත වෙති. මෙහි සමබරතාවයක් තිබිය යුතුය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය සර්ව සම්පුර්ණය. (එපීස 3:18, යොහාන් 3:16-18) එසේය සෑම විටම හා සෑම අවශ්‍යතාවයකදීම උන්වහන්සේ සර්ව සම්පුර්ණ ලෙස ස්වෛරීයය (ගීතාවලිය 109 :21, රෝම 8:38-39) මනුෂ්‍යාගේ විවාහය සිදුවීම සඳහා දෙවියන්වහන්සේ අපගේ කැමැත්ත, අන් අයගේ මැදහත් වීම සහ ඇතැම් විට නවීන තාක්ෂණ ක්‍රමද උපයෝගී කරගන්නා සේක.

මෙම නවීන ක්‍රම උපයෝගී කොට තම සහකරුවා සොයා ගැනීමට තැත් කිරීමේ දී, කිතුනුවනු විසින් එමගින් තමාට යම් අවැඩක් සිදු වේ දැයි සිතා බැලීම වැඩදායකය. තම මනසේ ඇති සුරංගනා කුමරා හෝ කුමරිය තෝරා ගැනීමට අප වඩාත් උනන්දු වනවා විය හැක. එමගින් අපට සුදුසුම දේ ගැන හොඳින් දන්නා දෙවියන්වහන්සේ සෑම කිතුනුවකු හට ආරාධනය කරුනුයේ තවත් කිතුනුවකු සමග පමණක් විවාහ වීම බව අප එමගින් අමතක කරනවා නොවේද? (2 කොරින්ති 6:14) එසේ නොමැති නම් අප විවාහ වීමට තෝරා ගන්නේ එම විවාහය දෙදරා යා හැකි අන්දමේ පාපිෂ්ඨයකට සම්බන්ධ වු කෙනෙක්ද? කිතුනු පුරුෂයකු විවාහය ගැන සම්බන්ධතාවයක් පැවැත්වීමේ මුලිකත්වය ගත යුතු අතර, එම සම්භන්ධතාවය මගින් සෑම විටම ක්‍රිස්තුස් වහන්සේ මහිමයට පත්වනබව සහතික කර ගත යුතුය. දෙවියන්හන්සේ පුරුෂයා හට ලබා දුන් නායකත්වයට ප්‍රථම ස්ථානය හිමි වීමට කිතුනු ස්ත්‍රිය ඉඩ දිය යුතුය. එසේම අවසන් වශයෙන් සැදැහැවතුන් ලෙස අපට දෙපයින් නැගී සිටීමට හැකි විය යුතු අතර, විවාහය මගින් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට වඩා, සමිදාණන් අපව සර්ව සම්පුර්ණ අය කරන බව විශ්වාස කරමින් එතුමාණන් මත යැපිය යුතුය. මෙම පොදු වෑයම් සමතයකට පත් කර ගත් විටදී, විවාහය සඳහා පුරුෂයා තමට ස්ත්‍රියකගේ අවධානය ලබා ගැනීමට හෝ ස්ත්‍රියකට පුරුෂයකුගේ අවධානයට ලක්වීම සිදු වීම ආරම්භ වනු ඇත.

සෑම තීරණයකදීම අපට මග පෙන්වන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය. අප ඇසුරු කරන මිතුරන් බොහෝ දෙනෙක් දැනටමත් විවාහ වී ඇති බැවින් අවිවාහක කිතුනු සංසදයන් මගින් එවැනි අය හමුවීමට අවස්ථා අපට උදා කර ගත හැක. අප ස්වේච්ඡාවෙන් යම් ක්‍රියාවලියකට සම්භන්ධ වන්නේ අපට ඒ ගැන තැකීමක් තිබෙන නිසා හෝ එමගින් අන් අය හමුවීම අප සතුටට පත් කිරීම බැවින් මිස, ජිවිත සහකරුවකු එමගින් හමුවන චේතනාවෙන් නොවිය හැක. සමහර අය තම මිතුරන්, පවුලේ සාමාජිකයන් මගින් හෝ සමාජයේ ගැවසේන අවස්ථාවක කම සහකරුවා මුණ ගැසීමට කැමැත්ත දක්වති. නමුත් සමහර අය විශ්වාස කරනුයේ ඔවුන්ගේ වෘත්තිමය තත්ත්වය, දේශසීමාවේ විශාලත්වය හෝ තමාගේ ක්‍රියාකාරකම් වලදී හමුවන පිරිස සීමාසහිත බවය. එවැනි අය වෙනත් ක්‍රම වේදයන් අනුගමනය කළ යුතුය. සමහර නවීන හමුවීමේ ක්‍රම අතරට අන්තර්ජාලය, වෘත්තිය මංගල සේවය ආදීය ඇතුලත් වේ. මෙම සෑම ක්‍රමයකම වාසි සහ අවාසි ලක්ෂණ ඇති අතර සෑම දෙනාටම ගැලපෙන එක් ක්‍රමයක්වත් නැත. එබැවින් අප මේ කුමන ක්‍රමයක් හෝ අනුගමනය කිරීමට පෙර යාච්ඤාවේ යෙදී, අපගේ තීරණය දෙවියන් වහන්සේගේ කැමැත්තද යන්න උන්වහන්සේගේන් විමසීම කළ යුතුය.

අන්තර්ජාලය හරහා ලබා ගන්නා තොරතුරු මගින් සහකරුවකු තෝරා ගැනීම වර්ථමාන අවිවාහක අය අතර ජනප්‍රිය වී ඇත. එම තොරතුරු සපයා ගැනීම සම්බන්ධයෙන් සමහර කිතුනු හා ලෞකික සේවාවන් තම පාරිභෝගීකයන්ට කිතුනුවන් සම්බන්ධ තොරතුරු පමණක් ලබා ගැනීමට ඉඩ දී ඇත. (දෙවියන් වහන්සේ කිතුණු හෝ ලෞකික මංගල සේවා කිසිවක් අනුමත නොකරන බව කරුණාකර සටහන් කර ගන්න).

අන්තර්ජාලය මගින් සහකරුවකු මුණගැසීමේ ඇති මහත් අහිතකර තත්ත්වය වනුයේ තමා ඇසුරු කරන තැනැත්තා පිටතින් පෙනෙන අවංක පුද්ගලයාමද යන්න සහතික කර ගත නොහැකි වීමය. එමගින් ඇති වන ප්‍රතිඵලය විනෝදාත්මක විය හැකි අතර, එය භයානකද විය හැක. ඥානවන්ත ක්‍රියාව වනුයේ විදෙස් රටක ජීවත් වන කෙනෙකු සමග සන්නිවේදන සම්භධතානයක් පැවැත්වීම ආරම්භ කිරීමට පෙර ඔහු හෝ ඇය ගැන මනා ලෙස සොයා බලා කටයුතු කිරීමය. සමහර මෙවැනි අය තමාට එලෙස මුණ ගැසෙන පුරුෂයන් හෝ ස්ත්‍රින් රවටා ගැනීමට උත්සහ කරති. එබැවින් මෙම තාක්ෂණ ක්‍රම මගින් කිසිම පුද්ගලික තොරතුරක් හුවමාරු කර නොගැනීමහට සැලකිලිමත් විය යුතුය. විද්‍යුත් සංන්නිවේදන මගින් ඉතා කිට්ටු සම්භන්ධතාවයක් යම් කෙනෙකු සමග ඇතිකර ගැනීමට පෙර එම තැනැත්තා සමග මුහුණලා හමුවීම ප්‍රඥාචෝර වේ. ඔබ එවැනි තැනැත්තකු ප්‍රථම වතාවට මුණ ගැසෙන ස්ථානය පොදුජනයා ගැවසෙන විවෘත ස්ථනයක් විය යුතු අතර, කිසිවිටකත් හුදකලා විය හැකි ස්ථනයකට ඔබව ගෙන යාමට ඉඩ නොදිය යුතුය. එසේම තම මිතුරකු ද එම මුණ ගැසීමට සහභාගිකර ගැනීමෙන් එම ආගන්තුක තැනැත්තා සම්භන්ධ ඔහුගේ නිරීක්ෂණයද ලබා ගත හැක. ඔබට එම තැනැත්තා සම්බන්ධව ඇති වන ස්වභාවික ආකල්පයට සිත යොමු කර එම තැනැත්තාගෙන් යම් අයහපතක් ඔබට සිදුවේයයි හැගෙන්නේ නම් වහාම එතැනින් ඉවත් විය යුතුය. මෙවැනි අහිතකර තත්ත්වයක් පැවතියද අන්තර්ජාලය මගින් ඇති වන සම්භන්ධතා ප්‍රීතිමත් කිතුණු විවාහයන් බහුලව බිහි කර ඇත.

වෘත්තිය මංගල සේවා, අන්තර්ජාලිය මංගල සේවාවන්ට වඩා සුරක්ෂිත වුවද, එය වර්ථමාන ජනතාව අතර එතරම් ජනප්‍රිය නැත. එලෙසම තෝරා ගැනීම සඳහා අවශ්‍ය තරම් පිරිසක් එම සේවාව යටතේ බහුලව නැත. එම පිරිස සමග ගනුදෙනු කිරීමේ දී වියදම වැඩි වන අතර, ඔවුන්ගේ පසුබිම සොයා බැලීමට දීසි කාලයක් වැය වනු ඇත. ඒ නමුත් සුරක්ෂිත ලෙස හා නැනවත්ව ක්‍රීයා කරන්නේ නම් වෘත්තීමය මංගල සේවාව සාර්ථක විවාහයක් සඳහා මග පාදනු ඇත.

ක්ෂණික හමුවීමේ ක්‍රමවේදය යනු අවිවාහක අය එක් රැස් වී එකිනෙකා සම!ග වෙන් වෙන්ව විනාඩි කීපයක් කථාබස් කොට තමාට සුදුසු සහකරුවා ක්ෂණිකව තෝරා ගැනීමය. දවසේ අවසානයේ දී තමා තෝරාගත් තැනැත්තා කවුරුද යන්න කාඩ්පතක් මගින් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව එම තෝරාගත් යුවල එකිනෙකාට මනාප නම් ඔවුන්ට සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ස!දහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැක. ඒ අතරම එය සුරක්ෂිතව හා නැනවත්ව සිදු කරන්නේ නම් එය සාර්ථක ක්‍රිස්තියානි විවාහයක් කරා ම!ග පාදනු ඇත.

අප තෝරා ගන්නේ කිනම් ක්‍රමවේදයක් වුවද, අපට සහකරුවකු සමග එක්වීමට සලස්වන්නේ දෙවියන්වහන්සේ බව මතක තබා ගැනීම ඉතා වැදගත්ය. එයින් සරලව අදහස් වනුයේ සහකරුවකු සොයා ගැනීම ස!දහා අප තනිවම වෙහෙසනවා වෙනුවට එම සහකරුවා ගැන අපගේ මනසේ රඳවා ගෙන ජීවත් වෙමින් දෙවියන්වහන්සේ සෑම විටම අපගේ අභිලාෂ වල මුලිකත්වය ගන්නා බව දැනගැනීම යහපත් බවය.

ඔබ දෙවියන්වහන්සේ සොයන්නේ නම් එතුමා ඔබගේ අභිලාෂයන් ඉටු කර දීම (හෝ වෙනස් කිරීම) (ගීතාවලිය 103:5, රෝම 12:2) එතුමාගේ පරිපුර්ණ සැලසුමට හා කාලයට අනුව ඉෂ්ඨ කර දෙන සේක. (රෝම 5:6, රෝම 8:26–27) එබැවින් අපට වෙනත් ක්‍රමයක් අවශ්‍යද? දෙවියන්වහන්සේ ඊසාක් සහ රෙබෙකා එක්කල අන්දම දැක්වෙන කථාවට අවධානය යොමු කරන්න. (උප්පත්ති 24) එය දෙවියන්වහන්සේ ස්වෛරිය ලෙස සැලසුම් කොට පාලනය කරන ලදී. අපගේ සෑම අවස්ථාවක්ම උන්වහන්සේ අතේ රැඳී ඇත. (ගීතාවලිය 31:15) එසේම උන්වහන්සේ තම අතැගිලි අතරින් ගිලිහී යාමට අපට ඉඩ නොදෙන ඇත. උන්වහන්සේ අපගේ ජීවිත රැකවල් කරමින් අපගේ හදවත් උන් වහන්සේ තුල දරා සිටින සේක. එසේම උන්වහන්සේ තම දරුවන් අමතක නොකරන සේක. ඔබට විවාහයකට ඇතුලත් වීම උන්වහන්සේගේ අභිප්‍රාය වේ නම් එය ඵල ගන්වා අපට එම භූමිකාව සාර්ථක කර ගැනීමට මග පෙන්වන සේක. ඒ අතරේ අප ගැන උන්වහන්සේගේ අභිප්‍රාය දැනගැනීම සඳහා උන්වහන්සේගේ උපකාරය පතන්න. විවාහක හො අවිවාහක වුවද අප එකිනෙකා සඳහා උන්වහන්සේට අරමුණක් ඇත. ඔබ දැනට සිටින කුමන හෝ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරමින් උන්වහන්සේ ඔබට ලබා දීමට යන තත්ත්වය හා අරමුණ මග හැර ගැනීම ලජ්ජා සහගත වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු තම සහකරු මුණ ගැසීම සදහා එවැනි සේවා භාවිතා කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries