settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවන් රාත්‍රි සමාජශාලා වලට යා යුතුද? සමාජශාලා ගත වීම පාපයක්ද?

පිළිතුර


අවංකව සහ සෘජුවම කිවහොත් රාත්‍රි සමාජශාලා යනු සාතන් විසින් පාලනය කරනු ලබන ලෝකයේ කොටසකි. ඒවා නිර්මාණය කර ඇත්තේ පව්කාර ආශාවන්ට යටත් වීමේ අරමුණින්ය. රාත්‍රි සමාජශාලා පවතින්නේ මූලික වශයෙන් අරමුණු දෙකක් සදහාය: මත්පැන් පානය කිරීම සහ බොහෝ විට ලිංගික ක්‍රියාකාරකමි මනසේ තබාගෙන විරුද්ධ ලිංගික සාමාජිකයන් හමුවීම පිණිසය. එසේය, සංගීතය සහ රංගනයන් ඇත, එනමුත් මූලික වශයෙන් තනිකඩයන් විශේෂයෙන්ම මත්පැන් පානය කර යමෙකු හමුවීමට යති. රාත්‍රි සමාජශාලා ලෝකයට අයත් වන අතර කිතුණුවන් ලෝකයේ සිටිය යුතු නමුත් අප එයට අයත් නොවිය යුතු වෙමු. ලෝකයට අයත් වී සිටීම යන්නෙන් අදහස් කරනුයේ පව්කාර ස්වභාවයට ආකර්ෂණය වන දෑ කෙරෙහි උනන්දුවක් දැක්වීම සහ ආශා කිරීමය.

පාවුළු කිතුණුවන්ට කථා කරමින් එපීස 4:17-24 හී ලෞකික පිළිවත් පිළිබදව ආමන්ත්‍රණය කරනු ලබයි. "එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක් මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලායි ස්වාමින්වහන්සේ තුළ සාක්ෂි දෙමින් කියමි. ඔවුන් තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිතිග ඔව්හූ හැගීමක් නැතුව සියලූ අපවිත්‍ර කම් ගිජු ලෙස කරන පිණිස සල්ලාල කමට භාරවුණෝය. නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය. (එසේ ඉගෙනගත්තේ) නුඹලා ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නාවූ පරණ මනුෂ්‍යයා පහකර දමා නුඹලා නුඹලාගේ චිත්තාමයෙන් අලූත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියනවහන්සේට සමානව මවන ලද්දාවූ අලූත් මනුෂ්‍යයා පැළද ගන්නා ලෙසය." මෙහිදී පාවුළු විසින් සෑම ආකාරයකම අපවිත්‍රකම් ගිජුකමින් යුතුව ක්‍රියාවට නැංවීම සදහා දෙවියන් වහන්සේව බැහැර කර කාමුක හැගීම් වලට යටත් වන අය පිළිබදව විස්තර කරනු ලබයි.

නිසැකවම දෙවියන්වහන්සේ අප පාපයට ඉතා පහසුවෙන් සහ සිතුමැතිව යොමු වීම පිළිබදව කිසිඳු අභිරුචියක් නොදක්වයි. දෙවියන්වහන්සේ මෙහි පවසන දේ පිළිබදව සැලකිල්ලට ගන්න: "රැවටිල්ලේ තෘෂ්ණාවන් අනුව දූෂ්‍ය වන්නාවූ පරණ මනුෂ්‍යයා පහකර දමා" දෙවියන්වහන්සේ පවසනු ලබන්නේ අප අපගේ පාප ස්වභාවයට යටත් වූ විට අපගේ ආශාවන්ගෙන් අප රැවටී සිටින බවය. සාතන් වනාහී අති දක්ෂ ව්‍යාජකරුවෙකි. වෙනත් වචන වලින් කිවහොත් සාතන් මතුපිටින් පෙනෙන දෙයක් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ලබයි. සමාජශාලා වල ඇති ආකර්ෂණය නම් එය ඉතා සුඛදායක, විනෝද ජනක මෙන්ම උද්දීපනයක් ඇති කරනු ලබයි. අප විසින් නොදකින දේ නම් ඒවායෙහි ප්‍රතිවිපාකය, මන්දයත් සාතන් විසින් කාමුක ආකර්ෂණයන් අපගේ මනස ඉදිරියෙහි තබයි. බොහෝ රාත්‍රී සමාජශාලාවන්හී දක්නට ලැබෙන්නේ ලිංගිකත්වය, මත්පැන් සහ මත්ද්‍රව්‍යය වන අතර ඒවා ශාරිරිකව සහ අධ්‍යාත්මිකව ඉතා විනාශකාරීවේ. දෙවියන්වහන්සේ විසින් ලිංගිකවත්ව අත්විදීම සදහා අවස්ථාවක් දී ඇත – එනම් විවාහය වේ. එහි ලිංගාශ්‍රිත රෝග, එච් අයි වී රෝග, සාවද්‍යතාවය සහ හුදෙකලාව ආදිය නොමැති මෙන්ම දෙවියන්වහන්සේව විශ්වාස නොකරන අය තමන්වම රිදවා ගනු ලබති.

අප ධර්මිෂ්ඨව සහ ශුද්ධව සිටිනු දැකීම දෙවියන්වහන්සේ විසින් අපේක්ෂා කරනු ලබන්නේ අප ඒ ආකාරයෙන් සිටිනු පිණිස උන්වහන්සේ අපව මවනු ලැබූ හෙයිනි. දෙවියන්වහන්සේ විසින් අපේක්ෂා කළ ජීවිතය ගත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ වූ කලී මේ ලෝකය ලබා දෙන සුළු කෙටි කාලීන වින්දනය ඉක්මවා යයි. බොහෝ රාත්‍රී සමාජශාලා ජීවන රටාවන්හී යෙදී සිටින හෝ පුරුදුවී සිටින බොහෝ දෙනෙක් පවසන්නේ එකම දෙයකි – කිසිඳු ප්‍රීතියක් නොමැත, සම්පූර්ණ වීමක් නොමැත, ඇත්තේ හිස්කමක් පමණි. අපගේ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම අප සැවොම බලාපොරොත්තු වන ප්‍රීතිය සහ සතුට ලබා දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. සමාජශාලාගත වීම ලාභ අනුකරණයකට වඩා යමක් ඉදිරිපත් කරනු නොලබයි. රාත්‍රී සමාජශාලාවල සදාකාලික ප්‍රීතියක් දක්නට නොලැබෙන අතර එහි ඇත්තේ පාපයට පෙළඹවීමක් පමණකි.

එවන් ස්ථාන කිතුණුවන් සදහා නොවේ. පැහැදිලි පරීක්ෂාවන් පසෙකලා දැමුවත් මේ ලෝකයේ කිතුණු සාක්ෂිකරුවන් වීමේ ප්‍රශ්නය මතුවේ. තමා කිතුණුවකු බව ප්‍රසිද්ධියේ කියා පාන්නකු මෙවන් පාපිෂ්ඨ ජීවන රටාවක නියැලී සිටිනු නොඇදහිල්වන්තයෙකු දුටුවහොත් ඒතුලින් ක්‍රිස්තුස්වහන්සේව අපකීර්තියට මෙන්ම අවමානයට ලක්වේ. මනුෂ්‍යයන් විසින් අපගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස අපගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බැබළවිය යුතුවෙමු (මතෙව් 5:16). ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ නව ජීවිතයේ ආලෝකය රාත්‍රී සමාජශාලාවක බැබළෙන්නේ කෙසේදැයි දැකීමට අපහසුය. කිතුණුවා පව්කාර ක්‍රියාවල නිරත නොවූවද ඔහුව හෝ ඇයව ඉතා ඕනැ කමින් බලා සිටින ලෝකයට ඉදිරිපත් කරන සාක්ෂිය කරණකොටගෙන එවන් ස්ථාන වල රැදී සිටීම පවා විනාශකාරි වන අතර ඒවා වළක්වා ගත යුතුවෙති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවන් රාත්‍රි සමාජශාලා වලට යා යුතුද? සමාජශාලා ගත වීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries