settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු මානව විද්‍යාව නම් කුමක්ද?

පිළිතුර


මානව විද්‍යාව නම් මනුෂ්‍යයත්වය පිළිබදව කරන අධ්‍යයනයකි. මානව විද්‍යාව නම් කිතුණු / දේව වචනානුකූල දෘෂ්ඨි කෝණයකින් බලන කල මනුෂ්‍යයත්වය පිළිබදව කරන අධ්‍යයනයකි. එය මූලිකවම අවධානය යොමු කරනු ලබන්නේ මනුෂ්‍යයත්වයේ ස්වභාවය – එනම් මිනිසාගේ අද්‍රව්‍යයමය සහ ද්‍රව්‍යයමය අංගයන් එකිනෙකාට අදාළ වන්නේ කෙසේද යන්න පිළිබදවය. කිතුණු මානව විද්‍යාවේ පොදු ප්‍රශ්න කිහිපයක් පහත සදහන්වේ:

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මනුෂ්‍යයා මවා ඇත යන්නෙහි අර්ථය කුමක්ද? (උත්පත්ති 1:26-27) දෙවියන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍යයාගේ අද්‍රව්‍යයමය කොටස පිළිබදව සදහන්වේ. මනුෂ්‍යයා සත්ත්වයන්ගෙන් වෙන් කරනු ලැබ දෙවියන්වහන්සේ විසින් අදහස් කරනු ලැබූ "අධිපතිකම් කිරිම" සදහා ගැළපීම මෙය වන අතර (උත්පත්ති 1:28), තමන්ගේ මැවුම්කරුවාණන් හා සමග සංවාදයේ යෙදෙනු පිණිස මේ කරණකොටගෙන හැකියාව ලැබේ. එය මානසික, සදාචාරාත්මක සහ සමාජීය වශයෙන් සමාන කිරීමකි.

අපට ඇත්තේ කොටස් තුනක්ද දෙකක්ද? අප ශරීරය, ප්‍රාණය සහ ආත්මයද නොහොත් ශරීරය, ප්‍රාණ – ආත්මය වේද? මනුෂ්‍යයා දෙවියන්වහන්සේ හා සමග සබදතාවයක් ඇති කරගැනීම බලාපොරොත්තු වනු ලැබූ අතර එසේ හෙයින් දෙවියන්වහන්සේ අපව අද්‍රව්‍යයමය සහ ද්‍රව්‍යයමය අංගයන් යන දෙආකාරයෙන්ම මවනු ලැබූ සේක. ද්‍රව්‍යයමය අංග ප්‍රත්‍යක්ෂ ලෙසම ස්පර්ශනීය වන අතර ඒවා පවතිනු ලබන්නේ යම් පුද්ගලයකු ජීවත්ව සිටින තාක් පමණි. අද්‍රව්‍යයමය අංගයන් වූ කලී ස්පර්ශ කළ නොහැකි ඒවාවේ: එනම් ප්‍රාණය, ආත්මය, බුද්ධිය, අභිප්‍රාය, හෘද සාක්ෂිය යනාදියවේ. මෙම චරිත ලක්ෂණ පුද්ගලයාගේ භෞතික ආයුකාලය අභිබවා පවතියි.

ප්‍රාණය සහ ආත්මය අතර වෙනස කුමක්ද? මේ දෙකොටසම මනුෂ්‍යයාගේ අද්‍රව්‍යයමය කොටස පිළිබදව සදහන් කරන බව අවබෝධ කර ගැනීම වැදගත් වන නමුත් දෙවියන්වහන්සේ සමග මනුෂ්‍යයා ගමන් කිරීම යනුවෙන් අදහස් කරනුයේ "ආත්මය" පමණි. "ආත්මය" යනුවෙන් අදහස් කරනුයේ ලෝකය තුළ මනුෂ්‍යයා ගමන් කිරීමය, එය අද්‍රව්‍යයමය සහ ද්‍රව්‍යයමය යන දෙආකාරයෙන්ම වේ.

විවිධ ජාතීන්ගේ මූලාරම්භය කුමක්ද? විවිධ "ජාතීන්" පිළිබදව හෝ මනුෂ්‍යය වර්ගයාගේ සමේ වර්ණ වල මූලාරම්භය පිළිබදව දේව වචනයේ අපට නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කර නැත. තත්ත්වාකාරයෙන්ම ඇත්තේ එක ජාතියකි – එනම් මනුෂ්‍යය සංහතියවේ. මනුෂ්‍යය සංහතිය තුළ සමේ වර්ණය සහ අනෙකුත් භෞතික චරිත ලක්ෂණ වල නානාවිධත්වයක් ඇත.

කිතුණු මානව විද්‍යාව කටයුතු කරනු ලබන්නේ අප කව්රුන්ද යන්න සහ අප දෙවියන්වහන්සේ හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබදවය. දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමේදී මනුෂ්‍යයන් සහජයෙන්ම යහපත් හෝ සහජයෙන්ම පව්කාරයන්ද යන්න නිර්ණායකවේ. මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන් මරණයෙන් පසු ඉදිරියට යනවාද යන්න බොහෝ දුරට තීරණය වන්නේ මේ ලෝකයේ අපගේ අරමුණ පිළිබද අපගේ දැක්මවේ. කිතුණු මානව විද්‍යාව දෙවියන්වහන්සේගේ දෘෂ්ඨිකෝණයෙන් අපව දැකීමට උපකාරීවේ. අප මෙම විෂය පිළිබදව ගැඹුරින් සොයා බලන කළ අපගේ වැටී ඇති ස්වභාවය පිළිබදව අවබෝධයක් අපට ලැබෙන අතර අපගේ අසරණ තත්වය දැක අපව මුදවා ගැනීමට කුරුසියට ගිය ගැළවුම්කරුවාණන්ගේ ප්‍රේමය පිළිබදව විශ්මයකට මග පෙන්වනු ලැබේ. අප එම පූජාව පිළිගෙන එය අපගේම දෙයක් ලෙස පිළිගන්නා කල අපව සම්පූර්ණයෙන්ම නව පුද්ගලයෙකු ලෙස නිර්මාණය කරනු ලබන දෙවියන් වහන්සේ විසින් අපගේ ස්වභාවයන් පරිණාමනය කරනු ලබන සේක. (2 කොරින්ති 5:17) – උන්වහන්සේගේ ආදරණීය දරුවන් ලෙස අපට අවශ්‍යය පරිදි උන්වහන්සේ හා සම්බන්ධ විය හැක්කේ මේ නව පුද්ගලයාටය.

කිතුණු මානව විද්‍යාව පිළිබද ප්‍රධාන පදයක වන්නේ ගීතාවලිය 139:14 වේ. "මම ඔබට ස්තුති කරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්මත්ය; මාගේ ආත්මවයද ඒබ ව මනාකොට දනියි."

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු මානව විද්‍යාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries