settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්ලාම් නම් කුමක්ද?

පිළිතුර


ක්‍රිස්ලාම් වනාහී කිතුණු ධර්මය ඉස්ලාම් ධර්මය හා සමග මත සංකලනය කිරීමට ගන්නා ප්‍රයත්නයකි. මෙය 1980 වර්ෂයන්හී නයිජීරියාවෙහි ආරම්භ වූ අතර ක්‍රිස්ලාමීය අදහස් ලොව පුරා පැතිර ගොස් ඇත. ක්‍රිස්ලාම් යන්නෙහී අත්‍යවශ්‍යම සංකල්පය නම් කිතුණු ධර්මය සහ ඉස්ලාම් ධර්මය එකිනෙක හා අනුරූප වන බවත් යමෙකුට එක වර කිතුණුවකු සහ මුස්ලාම් භක්තිකයෙකු විය හැකි බවත්ය. ක්‍රිස්ලාම් යන්න ස්වාධීන සැබෑ ආගමක් නොවන අතර සැබවින්ම කිතුණු ධර්මයෙහි සහ ඉස්ලාම් ධර්මයෙහි වෙනස්කම් සහ විශිෂ්ටභාවයන් අතර අපැහැදිලිතාවයක් ඇති කරන්නකි.

ක්‍රිස්ලාම් යන්නට පක්ෂවාදීන් කරුණු යොමු කරනු ලබන්නේ කුරාණයේ යේසුස්වහන්සේ පිළිබද 25 වතාවක් සදහන් කොට තිබීම නොහොත් සදාචාරයන් සහ ආචාර ධර්මයන්හී සමරූපී ඉගැන්වීම් කිතුණු ධර්මයෙහි සහ ඉස්ලාම් ධර්මයෙහි අනතර්ගත වීම නොහොත් විශාලතම ඒකදේවවාදී ආගම් දෙක එකමුතු වීම තුලින් අදේවවාදය සහ විකල්ප අධ්‍යාත්මයන් ඉහළ යාමට විරුදධව සටන්කිරීමට බවයග ක්‍රිස්ලාම් යන්න සමහරුන් විසින් දකිනු ලබන්නේ අතිප්‍රමුඛ වශයෙන් කිතුණුවන් ඇති බටහිර ලෝකය සහ අතිප්‍රමුඛ වශයෙන් ඉස්ලාම් භක්තිකයන් ඇති මැදපෙරදිග හා සමග ඇති අඛණ්ඩ ගැටුමට විසඳුමක් ලෙසය.

කිතුණු ධර්මය සහ ඉස්ලාම් ධර්මය (සම යුදෙව් ආගම) අතර බොහෝ සමානකමි ඇති බව ප්‍රතිෂේධනය කළ නොහැක්කක් වන අතරම ක්‍රිස්ලාමය අසාර්ථක වනු ලබන්නේ කිතුණු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අත්‍යන්තයෙන්ම වැදගත්ම කාරණා වලින් – එනමි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනන්‍යතාවයට විරුද්ධ වන හෙයිනි. සැබෑ කිතුණු ධර්මය ප්‍රකාශ කර සිටින්නේ යේසුස් වහන්සේ වනාහී මනුෂ්‍ය ස්වරූපයක් ගෙන ආ දෙවියන්වහන්සේ බවය. කිතුණුවන්ට ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය වෙන කිසිවක් හා සමග හුවමාරු කර ගත් නොහැක්කක් වන අතර උන්වහන්සේගේ දේවත්වය නොමැතිව යේසුස්වහන්සේගේ කුරුසි පූජාව මුළු ලෝකයාගේම පාප වලට පව්කමා කිරීමේ පූජාවක් වීමට ප්‍රමාණවත් නොවනු ඇත (1 යොහාන් 2:2)

ඉස්ලාමි ධර්මය දැඩි ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කරනු ලබයි. කුරාණයේ ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ යන අදහස දේව අපහාසයක් ලෙසය (5:17). ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබද විශ්වාසය මුස්ලාම් ජාතිකයන් විසින් සලකනු ලබන්නේ බහුදේවවාදය එනමි "අශික්කිත" ලෙසයග තවද ඉස්ලාම් ධර්මය කුරුසිය මත ක්‍රිස්තුස් වහන්සේගේ මරණයද ප්‍රතිෂේධනය කරනු ලබයි (4:157–158). කිතුණු ඇදහිල්ලේ නිර්ණායකම ඉගැන්වීම ඉස්ලාම් ධර්මය මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි.එහි ප්‍රතිඵලයක් ලෙස ආගම් දෙක නියත වශයෙන්ම අනුරූප නොවන්නේ ක්‍රිස්ලාම් යන සංකල්පය කිතුණුවන් සහ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කළ යුත්තක් බවට පත් කරමිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්ලාම් නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries