settings icon
share icon
ප්‍රශ්නය

දරුවන් සෑමවිටම දෙවියන්වහන්සේගෙන් වන ආශිර්වාදයක්ද?

පිළිතුර


ශුද්ධ ලියවිල්ලෙහි ඉතා පැහැදිලිව සදහන් කරනු ලබන්නේ සෑම මනුෂ්‍යයෙකුගේ නිර්මාණ ක්‍රියාවලියෙහි දෙවියන්වහන්සේ විද්‍යාමාන බවය. මෙහි ඉතාමත් විචිත්‍ර සංවර්ණයක් අපට ගීතාවලිය 139:13–18 හී දක්නට ලැබේ. දෙවියන්වහන්සේ ශ්‍රේෂඨත්වයෙන් යුක්තව දාවිත්ගේ නිර්මාපණය පාලනය කළා යන කාරණය කරණකොටගෙන එය ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාවක් බවට පත් කළේය. දාවිත් විසින් පෙන්වා දුන් තවත් කරුණක් නම් දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතයේ විස්තර සියල්ල සදාකාලිත්වයට ප්‍රථම සැළසුම් කර ඇති සේක් බවය. යෙරමියා 29:11 හි දෙවියන්වහන්සේ දාවිත්ගේ සිතිවිලි ස්ථිර කරනුයේ: "මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනා යයි ස්වාමින්වහන්සේ කියන සේක." සැබවින්ම මෙතුළින් යහපත් ප්‍රශ්නාර්ථයක් පැණ නැගේ. ස්ත්‍රී දූෂණය හෝ අවජාතකත්වය කරණකොටගෙන පිළිසිද ගන්නවුන් කෙසේවේද? එම දරුවා පිළිබද වගකීමක් ඇත්තාවූ එක් මව්පියකු හෝ මව්පියන් එම දරුවා දෙවියන්වහන්සේගෙන් වන ආශිර්වාදයක්ද යන්න "හැගී" නොයා හැකි නමුත් එම දරුවා පිළිසිඳුනු ආකාරය දාවිත් ප්‍රකාශ කරන ආකාරයට දෙවියන්වහන්සේගේ ශ්‍රේෂඨත්වයෙන් යුක්තව ගර්භාෂයේ නිර්මාණය වීම පාලනය කළ ආකාරයක් දක්නට නොලැබේ. පිළිසිද ගැනීම සිදුවූ අන්දම නොසලකා හරිතත් දෙවියන්වහන්සේට සෑම පුද්ගලයෙකු පිළිබදව සැළසුමක් සහ අභිමතාර්ථයක් තිබෙන සේක. මෙය එසේ නවේ නම්, ශුද්ධ ලියවිල්ලෙහි එසේ නොපවසයි. නව ගිවිසුමෙහි අපට කියවීමට ලැබෙන්නේ දෙවියන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරන සේක්ද කිවහොත් අප වෙනුවෙන් ජීවිතය පූජා කරනු වස් උන්වහන්සේගේ පුත්‍රයාව අප වෙතට එවනු ලැබූ සේක (යොහාන් 3:16).

මෙම ප්‍රේමය වනාහී ගැළවුම්කාරයාණන්වහන්සේට දෙවියන්වහන්සේගේ වචනය ශ්‍රාවකයින්ට ඉගැන්වීමට සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය උන් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම තුළින් අපට ආදර්ශනය කිරීමට බැදී සිටින්නාවූ ප්‍රේමයවේ (1 යොහාන් 4:7–8) දෙවියන්වහන්සේට අපට ප්‍රේම කරන සහ අපට ආශිර්වාද කිරීමට ඇති අභිරුචියේ ප්‍රමාණයට අවසානයක් නොමැත. මනුෂ්‍යයා මැවීමේදී දෙවියන්වහන්සේගේ එක් අභිප්‍රායක් වූයේ මනුෂ්‍යයාට උන්වහන්සේ හා සමග සහයත්වයක් ඇති කර ගැනීමය. 1 යොහාන් 4 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ අප දෙවියන්වහන්සේගේ ප්‍රේමය අවබෝධ කරගත් පසුව ඒ කරණකොටගෙන අනෙක් අයට ප්‍රේම කිරීමට හැකවේ. සෑම දරුවෙක්ම දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක්ද යන්න රඳා පවතින්නේ දෙවියන්වහන්සේ දකින ආකාරයට අපි කෙතරම් එම දරුවාව දකිනවාද යන්න මතය. අප සෑම දරුවෙකුව දෙස දෙවියන්වහන්සේගේ කෝණයෙන් බලන කල සෑම කෙනෙකුම උන්වහන්සේගේ ආශිර්වාදයක් වන බවට අපට කිසිඳු ප්‍රශ්නාර්ථයක් නොමැත. අප එම දරුවා දෙස පාපිෂ්ඨ කෝණයකින් බලන්නෙමු නම් එම ආශිර්වාදය අප විසින් අනුමාන කරනු ලබන්නේ අපගේ ඉලක්කය මැවිල්ල කෙරෙහි විනා මැවුම්කරුවාණන් කෙරෙහි යොමු කරන හෙයිනි.

දෙවියන්වහන්සේගේ අභිප්‍රාය නම් සෑම දරුවෙකුම උන්වහන්සේ අපට දී ඇති සැලැස්ම අනුව උපත ලැබීමය, එනම් විවාහයක් තුළින්ය. විවාහ බන්දනයකින් පිටත දරුවෙකු උපන්නහොත් ඒ කරණකොටගෙන එම දරුවාට දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සැලකිල්ල දැක්වීම බැහැර නොවේ. ගීතාවලිය 139:17 හී දාවිත් නිම කරනු ලබන්නේ තම සෙනග කෙරෙහි දෙවියන් වහන්සේගේ සිතුවිලි කෙතරම් අනර්ඝ සහ ගණනින් මහත්ද ලෙසය. මෙහි ඉතාමත්ම ප්‍රායෝගික යෙදුම අපට දක්නට ලැබෙන්නේ මතෙව් 1 හි සදහන් වන ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපතෙහිය. එම නාම ලැයිස්තුවෙහි අපට යම් ආකාරයකින් අසාර්ථක වූවන් සහ අවජාතක්වය මෙන්ම පාපය කරණකොටගෙන උපත ලැබූවන්ද හඳුනාගැනීමට ලැබේ. මේ හේතුකොටගෙන දෙවියන්වහන්සේගේ වචනය ඉෂ්ට වීම හෝ ගැළවුම්කරුවාණන්ගේ පැමිණීමෙහි කඩාකප්පල් වීමක් හෝ සිදුනොවීය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දරුවන් සෑමවිටම දෙවියන්වහන්සේගෙන් වන ආශිර්වාදයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries