settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයේ අපට දරුවෙකුගේ හා සමාන ඇදහිල්ලක් ඇති කර ගැනීමට උපදෙස් දෙනු ලබයිද?

පිළිතුර


අවිවාදයෙන්ම කිතුණු ජීවිතයේ සාරය වනාහී ඇදහිල්ලවේ. ඇදහිල්ල දේව වචනය පුරාවටම අනුශාසනා කොට ඇති අතර එය අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස ගෙන හැර පානු ලබයි. සැබවින්ම, "ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්ට නුපුළුවන" (හෙබ්‍රෙව් 11:6). හෙබ්‍රෙව් 11 සම්පූර්ණ පරිච්ඡේදය ඇදහිල්ල සහ එය සතු අය පිළිබදවවේ. අපට එපීස 2:8-9 හී දක්නට ලැබෙන ලෙස ඇදහිල්ල වනාහී දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයක් මිස අප විසින්ම ඉදිරිපත් කරනු ලබන දෙයක් නොවේ. සියලූ කිතුණුවන්ට දෙවියන්වහන්සේගෙන් ඇදහිල්ල නමැති ත්‍යාගය ලැබී ඇති අතර ඇදහිල්ල දෙවියන්වහන්සේගේ සන්නාහයේ කොටසකි. එනම් "නපුරාගේ සියලූ ගිනිහෙල්ල" කෙරෙන් අපව ආරක්ෂා වන පලිහවේ (එපීස 6:16).

දේව වචනයේ කිසිවිටෙකත් "දරුවෙකුගේ හා සමාන" ඇදහිල්ලක්ල එනම් අවම වශයෙන් බොහෝ වචන වලින් අනුශාසනා කරනු නොලබයි. මතෙව් 18:3 හී යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන්නේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට නම් අප "කුඩා දරුවන් මෙන්" විය යුතු බවය. යේසුස්වහන්සේගේ ප්‍රකාශනයේ පෙළ යෙදුම නම් ගෝලයන්ගේ ප්‍රශ්නයවේ. "ඉදින් ස්වර්ග රාජ්‍යයේ ඉතා උතුමි වන්නේ කවිද" (1 වන පදය යන්නවේ. ඊට ප්‍රතිචාර ලෙස යේසුස්වහන්සේ "උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළගට කැදවා ඔවුන් මැද සිටුවාථ සැබවක් නුඹලාට කියමි – නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත් වන කවුරු නමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය. තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය" (2-5 දක්වා පදයන්).

එසේ හෙයින් ගෝලයන් ස්වර්ගයේ "ශ්‍රේෂ්ඨත්වය" සංස්ථාපනය කරනු ලබන කළ යේසුස්වහන්සේ විසින් නව දෘෂ්ඨිකෝණයක් ඉදිරිපත් කරනු ලබන සේකථ "ඉහළට" යන මාර්ගය තිබෙන්නේ "පහළය". මොළොක් ගුණය තිබීමට අවශ්‍යයවේ (මතෙව් 5:5). යේසුස්වහන්සේ විසින් ගෝලයන්ට (සහ අපට) අනුශාසනා කරනු ලබන්නේ ඔවුන්ගේ ඇදහිල්ලට අමතරව දරුවෙකු හා සමාන විනීතභාවයක් අත්පත් කර ගනු ලබන ලෙසය. සිය කැමැත්තෙන්ම පහත්ම ස්ථානය ගනු ලබන්නන් ස්වර්ගයේ ඇස් හමූහයෙහි සිටින ශ්‍රේෂ්ඨතම අයවේ. තරුණ දරුවෙකු අභිලාෂයල උඩගුකම සහ අහංකාරය හේතුකොටගෙන අසරණ වන අතර එබැවින් එය අපට හොද ආදර්ශයකි. දරුවන් ගතිලක්ෂණමය ලෙස යටහත් මෙන්ම ඉගැන්විය හැකි අයද වේ. ඔව්හූ උඩගුකමට හෝ කුහකනමට ගොදුරු නොවෙති. නිහතමානිකම වනාහී දෙවියන්වහන්සේ විසින් විපාක දෙන ගුණාංගයකි: යාකොබ් ප්‍රකාශ කරන ආකාරයට "ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පහත්වන්න. එවිට නුඹලා උසස් කරන සේක" (යාකොබ් 4:10).

මතෙව් 18:1-5 හී ඇදහිල්ල පිළිබදව සදහන් කර නොමැති වූවත් පුද්ගලයෙකු ස්වර්ගයට ප්‍රවේශ කරනු ලබන්නේ නිහතමානිකම පමණක් නොවන බව අප දනිමුවත එය වනාහී දේව පුත්‍රයා කෙරෙහි ඇති ඇදහිල්ලවේ. නිහතමානි, උඩගුකමි නොමැති ඇදහිල්ල නිවැරදි ලෙස "දරුවෙකුගේ හා සමාන ඇදහිල්ල" ලෙස හැදින්විය හැක. යේසුස්වහන්සේට කුඩා දරුවන්ට ආශිර්වාද කිරීමට අවශ්‍යය වූ කළ උන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබූයේ "ළදරුවන් මා ළගට එන්ට ඉඩ හරින්න; ඔවුන් වලක්වන්නට එපා. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය. සැබවක් නුඹලාට කියමි – යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේය" (මාර්ක් 10:14-15). දරුවෙකු විසින් ත්‍යාගයක් පිළිගනු ලබන්නේ කෙසේද? විවෘතව, අවංකව සහ අසීමිත ප්‍රීතියකින් යුක්තවවේ. ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ත්‍යාගය අපට ලැබෙන බැවින් එම ප්‍රීතිමත් අව්‍යාජභාවය අපගේ ඇදහිල්ලේ ප්‍රමුද්‍රාවක් විය යුතුවේ.

සැබවින්ම දරුවන්ව පහසුවෙන්ම රවටා නොමග යැවිය හැකිවේ. ඔවුන්ගේ අහිංසකත්වය තුළ ඔවුන්ට සත්‍යය මග හැරීමට නැඹුරුවන අතර මනංකල්පිතයන් වෙත ඇදී යති. එනමුත් දරුවෙකුගේ හා සමාන ඇදහිල්ල තිබීම යන්නෙන් අර්ථවත් වනුයේ එය නොවේ. යේසුස්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙහි නිහතමානි අවංක ඇදහිල්ලක් ඇති කරගත් අතර උන් වහන්සේ විසින් දරුවෙකුගේ අහිංසකත්වය ආදර්ශයක් ලෙස භාවිතා කළ සේක. දරුවන්ගේ ඇදහිල්ල අනුකරණය කරමින් අප දෙවියන්වහන්සේගේ වචනයට එකග විය යුතු වෙමු. දරුවන් විසින් තමන්ගේ ලෞකික පියවරුන්ව විශ්වාස කරනු ලබන හා සේම අප විසින් විශ්වාස කළ යුත්තේ "ස්වර්ගයෙහි වැඩ සිටින පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත දේ නොදෙන සේක්ද"? (මතෙව් 7:11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයේ අපට දරුවෙකුගේ හා සමාන ඇදහිල්ලක් ඇති කර ගැනීමට උපදෙස් දෙනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries