settings icon
share icon
ප්‍රශ්නය

මම දේව දරුවෙක් වන්නේ කෙසේද?

පිළිතුර


“නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක (යොහන් 1:12).

“ඔබ නැවත ඉපදිය යුතුය”
නිකදේමුස් නම් ආගමික නායකයා යේසුස් වහන්සේව මුණ ගැසීමට ආකල උන් වහන්සේ එක පාරටම ඔහුට ස්වර්ග රාජ්‍යය නියතයයි නොපැවසුවේය. “සැබෑවක් සැබෑවක් නුඹට කියමි යමෙක් අළුතෙන් නූපන්හොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකි යැයි කී සේක (යොහන් 3:3).

පුද්ගලයෙකු උත්පත්තියෙන්ම ඒදන් උයනේදී ආදම්ගේ පාපය උරුමකර ගෙන උපදී. දරුවෙකුට පව් කිරීමට කිසිවෙකු විසින් උගන්වන්ට අවශ්‍ය නැත. ඔහු ස්වභාවයෙන්ම ඔහුගේ වැරදි ආශා වෙතට යොමු වේ, බොරුකීම, සොරකම හා එපා කිරීම, යන පව් වලට ඔවුන් යොමුවේ. දේව දරුවෙකු වෙනවා වෙනුවට ඔහු අකීකරුකමේ හා උදහසේ දරුවෙකු ලෙස වේ.

“නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කළ උන් වහන්සේ නුඹලා ජීවත් කළ සේක. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්රිවයා කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමති දේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව (එපීස 2:1-3).

උදහසේ දරුවෙක් ලෙස, අප දෙවියන් වහන්සේගෙන් වෙන්වූ නිරය හිමි විය යුතුය. නමුත් ස්තුතිවන්ත විය යුතුය පාඨය තවත් ඉදිරියටම යන නිසා. “නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සේක, අපට ප්‍රේම කළාවූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හී පවා, ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර-නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන් වහන්සේ සමග අප නැගුටුවා (එපීස 2:4-5).

අප ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වන්නේ කෙසේද? / නැවත ඉපදීම / දේව දරුවකු වීම? අපි යේසුස් වහන්සේව අප තුළට ආරාධනා කළ යුතුය.

යේසුස් වහන්සේව ලබා ගැනීම
“නමුත් යම් පමණ දෙනෙක් උන් වහනාසේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්ට බලය දුන් සේක (යොහන් 1:12).

මේ පාඨයේ ඉතා පැහැදිළව පවසනවා දේව දරුවකු වන්නේ කෙසේද කියා. අපි යේසුස් වහන්සේ ලබා ගත යුත්තේ උන් වහන්සේ කෙරෙහි ඇදහිමෙන්. යේසුස් වහනාසේ කෙරෙහි අප කුමක් විශ්වාස කළ යුතුද?

පළමුව, අපි විශ්වාස කළ යුතුයි උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස් වෙසක් ගත්. ශුද්ධාත්මයාණන් කරණකොට කන්‍යා මරියාගේ කුසේ පිළිසිඳගෙන බිහිවිය. යේසුස් වහන්සේට ආදම්ගේ පාපය උරුම නොවේ. එමනිසා, උන් වහන්සේව දෙවන ආදම් ලෙස හඳුන්වයි (1 කොරින්ති 15:22). ආදම්ගේ එක පාපයක් මුළු ලෝකයාට පාපයේ ශාපය ගෙන දුන් අතර, ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ ජීවිතයට හැකි විය. අපගේ සියලු පාපයන් ආවරණය කර පිරිසිදු කිරීමට. අපගේ ප්‍රතිචාරය විය යුත්තේ පසු තැවීමයි (පාපයෙන් හැරීමයි), උන් වහන්සේගේ සම්පූර්ණ ජීවිතය කෙරෙහි විශ්වාස කරීම අපව පිරිසිදු කිරීමට.

දෙවනුව, අපගේ ගැලවුම්කරුවා ලෙසට අප යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිය යුතුය. දෙවියන් වහන්සේගේ සැලැස්ම වූයේ උන් වහන්සේගේ සම්පූර්ණ පුත්‍රයා අපට හිමි මරණය (පාපය නිසා) කුරුසියට යැවීමයි. මරණය, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මුදා හරිනවා උන් වහන්සේව ලබා ගන්නා අයගේ පාපයේ කුලිය.

අවසාන වශයෙන්, අප යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස අනුගමනය කළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ මරණය හා පාපයට විරුද්ධව ජයග්‍රහාකයා ලෙස ඔසවා තැබීමෙන් පසුව, දෙවියන් වහන්සේ උන් වහන්සේට සියලු ආධිපත්‍ය දුන්නා (එපීස 1:20-23). යේසුස් වහන්සේව පිළිගන්නා අයට උන් වහන්සේ මග පෙන්වයි, උන් වහන්සේව එපා කරන සියලු දෙනා විනිශ්චය කරයි (ක්‍රියා 10:42).

දෙවියන් වහනාසේගේ කරුණාව කරණකොටගෙන අපට පව් සමාව හා ගැලවුම්කරුවා හා ස්වාමින් කෙරෙහි ඇදහිල්ල දීම, අප දේව දරුවන් හැටියට අලුත් ජීවිතයක් ලබයි. යේසුස් වහන්සේව පිළිගන්නා අයටයි, උන් වහන්සේ ගැන දැන ගෙන ගැලවීමට පමණක් උන් වහන්සේව පිළිගැනීම පමණක් නොව, උන් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙසට යටහත් වීම, ඉහළම (අති ශ්‍රේෂ්ඨ) වස්තුව ලෙසට උන් වහන්සේට ප්‍රේම කිරීම, දේව දරුවකු වීමට අදාල හේතු වේ.

දේව දරුවකුවීම
“නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක. ඔවුහු ලෝක‍ෙයන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් උපන්නෝය (යොහන් 1:12-13).

අපගේ සාමාන්‍ය උපතේදී අපට කිසිවක් කිරීමට නැතිසේම, උන් වහන්සේගේ පවුලට එකතුවීම වෙනුවෙන් යහපත්දේ කිරීම හෝ අපගේම හැකියාවෙන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම තුළින් අපට එය කරගත නොහැක. ඉහත පාඨයේ පවසන පරිදි දෙවියන් වහන්සේ තමයි “අපට හැකියාව” දුන්නේ. උන් වහනාසේගේ උතුම් කැමැත්ත ලෙස. “අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපදී වදාළ සේක් දැයි බලාපල්ලා (1 යොහන් 3:1). දේව දරුවන් කිසි පාරට්ටු කරගැනීමක් නැත. යේසුස් වහන්සේව වර්ණනා කළ යුතුය (එපීස 2:8-9).

දරුවා වැඩෙන විට ඔහුගේ දෙමවිපියන්ගේ හැඩරුව ගනී. එසේම දෙවියන් වහන්සේට අවශ්‍ය උන් වහන්සේගේ දරුවෝ යේසුස් වහන්සේගේ ස්වරූපය දැරීමයි. ස්වර්ගයට ගියදාටයි අප සම්පූර්ණ වන්නේ වූවත් දේව දරුවකු පුරුදු ලෙස පව් කර පසු නොතැවී නොසිටි. “මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙල්ලා, උන් වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටීයි. පව් කරන තැනැත්තේ යක්‍ෂයාගෙන්ය, මක්නිසාද යක්‍ෂයා පටන් ගැන්මේ සිට පවි කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්‍ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන් වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්ට ඔහුට නුපුළුවන. මෙයින් දෙවියන් වහන්සේගේ දරුවෝද යක්‍ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන් වහන්සේගෙන් නොවෙයි (1 යොහන් 3:7-10).

කිසි වරදක් නොකරන්න, දේව දරුවෙකුට පව් කිරීම “එපා නොකර” සිටීමට නොහැක. නමුත් කෙනෙකු පාපය ක්‍රියාත්මක කරනවා නම් (කියස්තුස් වහන්සේව හා උන් වහන්සේගේ වචනය අනුගමනය නොකර පාපය රස විඳිනවා නම්) එයින් පිළිබ්ඹු වන්නේ ඔහු නැවත ඉපදී නැති බවයි. එවැනි අය ගැන යේසුස් වහන්සේ පැවසුවා “නුඹලා නුඹලාගේ පියවූ යක්‍ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ට කරන්ට කැමතිය” (යොහන් 8:44). දේව දරුවන් අනෙක් අතින්, පාපයට වහල් නොවී ප්‍රේම කිරීමට ආශාවී, උන් වහන්සේව මහිමයට පත් කරයි.

දේව දරුවන් වීමේ විපාකයට මිමිමක් නැත. දේව දරුවන් ලෙසට අප උන් වහන්සේගේ පවුලේ (සභාව) කොටසකි, ස්වර්ගයේ නිවසක් පොරොන්දුව හිමි, දෙවියන් වහන්සේට පියාණනි කීමේ හැකියාව ලබා ඇති (එපීස 2:19; 1 පේත්‍රැස් 1:3-6; රෝම 8:15).

දෙවියන් වහනාසේගේ කැඳවීමට ප්‍රතිචාරය ලෙස පාපයට සමාව ඉල්ලා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම, අද දේව දරුවන් වීමට අවසර දෙයි.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දේව දරුවෙක් වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries