settings icon
share icon
ප්‍රශ්නය

මා වඩාත් සතුටු සිතින් දෙනු ලබන්නෙකු වන්නේ කෙසේද?

පිළිතුර


ලොව මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම දෙනු ලබන්නා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අධ්‍යයනය කිරීම තුළින් අපට සතුටු සිතින් දීමට ඉගෙන ගත හැකිවේ. උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ධනය හා මහිමය අත්හැර දමා උන්වහන්සේ පෘථිවියට පැමිණ අපගේ ජීවිත රැක ගත හැකි වනු පිණිස ස්ව කැමැත්තෙන්ම උන්වහන්සේගේ ජීවිතය පූජා කළ සේක. දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන්ට පූර්වයෙන් නියම කළා හා සේම (රෝම 8:29), යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පරාර්ථකාමීව කළාසේ උන්වහන්සේව අනුකරණය කිරීමට වෙනත් යහපත් ක්‍රමයක් නොමැත. අපගේ ගැළවුම්කරුවාණන් විසින්ම අපට පවසනු ලැබූයේ "ගැනීමට වඩා දීම ආශිර්වාදයක්" බවය (ක්‍රියා 20:35). එසේ නම් ඉතා සරලව කිවහොත්, සතුටු සිතින් සහ ඉතා ත්‍යාගශීලි ලෙස දීම සදහා අපගේ විශාලතම අභිචේතනය විය යුත්තේ එතුළින් ස්වාමින්වහන්සේව සතුටු කරනු ලබන අතර උන්වහන්සේ අපට ලබා දුන් ගැළවීමේ ත්‍යාගය පිළිඹ්බු වීමය.

අපව වඩාත් සතුටු සිතින් දෙනු ලබන්නන් බවට පත් වීමට උපකාර වන ප්‍රබෝධමත් කරුණු ගණනාවක් කොරින්තිවාසීන්ට ලියනු ලැබූ දෙවන යැවුම් පත්‍රය තුළින් අනාවරණය කරනු ලබයි. පාවුළු ප්‍රඥාවන්තව කොරින්තිවාසීන්ට අනුශාසනා කළ ආකාරයටථ "නුමුත් මේක කියමි: මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය" (2 කොරින්ති 9:6). මීට වසර දහසකට ප්‍රථමයෙන් සලමොන් විසින් මෙම නොමැකෙන සත්‍යය ප්‍රකාශ කරන ලදී: "නුඹගේ සම්පතින්ද නුඹගේ සියලූ අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමින්වහන්සේට ගෞරවය කරන්න. එවිට නුඹගේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය..." (හිතෝපදේශ 3:9-10). එසේම ක්‍රිස්තුස්වහන්සේ විසින්ම අපට ප්‍රකාශ කරනු ලැබුයේ "දෙන්න එවිට නුඹලාටත් දෙනු ලබන්නේය; ඔව්හූ ඔබමින් සොලවමින් උතුරවමින් නුඹලාගේ ඔඩොක්කු වලට හොදාකාර මැනදෙන්නෝය...." (ලුක් 6:38). සැබවින්ම "කරුණාකරන ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්වේ..." (ගීතාවලිය 112:5).

මෙම මූලධර්මය සහතික වශයෙන්ම පැහැදිලිය – අපට කිසිවිටෙකත් අපගේ කරුණාවන්ත මැවුම්කරුවාණන්ට අභිබවා ගොස් දිය නොහැක. අප ස්වාමින් වහන්සේට සේවය කරන ප්‍රමාණය වැඩි වන තරමට අපට ප්‍රතිලාභද වැඩිවේ. ඇත්ත වශයෙන්ම කිවහොත් දෙවියන්වහන්සේව පරික්ෂා කර බැලීමට උන්වහන්සේ අපට ආරාධනා කරනු ලබන දේව වචනයේ සදහන් එකම ස්ථානය වනුයේ අප විසින් උන්වහන්සේට ගෙන එනු ලබන එසවීම් පූජාවන් පිළිබදව සදහන් කරනු ලබන මලාකි 3:10 පදය වේ: "මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත් මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශිර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලන්නැයි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක". නැවත වරක් සලමොන්ගේ වදන් මෙලෙස දෝංකාර දෙනු ලබන්නේ: "විසුරුවනු නුමුත් වස්තුව වැඩිකර ගන්න කෙනෙක්ද හිගකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වා ගන්න කෙනෙක්ද ඇත. ත්‍යාගශීලි තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය" (හිතෝපදේශ 11:24-25).

පාවුළු ප්‍රකාශ කළා හා සේම "සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක" (2 කොරින්ති 9:7). එබැවින් සතුටු සිතින් දීම දෙවියන් වහන්සේගේ කරුණාව අවබෝධ කරගන්නාවූ කිතුණුවන්ගේ ජිවන ක්‍රියා මාර්ගයක් විය යුතුය. අප ත්‍යාගශීලිව සහ කැමැත්තකින් යුතු හදවතකින් දෙනු ලබන කළ දෙවියන්වහන්සේ අපට සහතිකයක් වී උන්වහන්සේ අපව රැකවල් කරමින් අපට අවශ්‍යයදේ සපයන සේක (යෙසායා 58:9; ගීතාවලිය 41:1-3; හිතෝපදේශ 22:9; 2 කොරින්ති 9:8, 11) දෙවියන්වහන්සේට සතුටු සිතින් ආපසු දීම අපගේ වස්තුව පමණක් නොවන බව අප මතක තබා ගත යුතුවෙමු. දාවිත් රජ පෙන්වා දුන් පරිදි අපට ඇති සියල්ල දෙවියන්වහන්සේගෙන් වන අතර (1 ලේකම් 29:14) අපගේ තලෙන්ත සහ කාලයද මෙයට ඇතුළත්වේ. අපගේ ජීවිතයේ දින ගණනය කොට ඇති හෙයින් (ගීතාවලිය 139:16), සැබවින්ම අපගේ කාලය දෙවියන්වහන්සේට අයත්වේ. අප සතුවන්නාවූ සෑම දීමනාවමක්ද උන්වහන්සේගෙන් වේ; එසේ හෙයින් "දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරන්න" (1 පේත්‍රැස් 4:10).

මක්නිසාද දෙවියන්වහන්සේ ලෝකයාට ප්‍රේම කළ සේක් බැවින් උන්වහන්සේ දුන් සේක (යොහාන් 3:16). අපගේ දෙවියන්වහන්සේ නොමසුරුව දුන් හෙයින් අපට ගැළවීම ලැබුණු බව මතක තබා ගැනීම යහපත්යග උන්වහන්සේගේ දරුවන් ලෙස අපව කැදවා ඇත්තේ "ලෝකයේ ආලෝකය" වීම පිණිසය (මතෙව් 5:14). අපගේ කාලයල වස්තුව සහ තලෙන්ත නොමසුරුව ලබා දීමෙන් අප දෙවියන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේට ගෞරව කරන කළ අප සැබවින්ම අපගේ ආලෝකය මනුෂ්‍යයන් ඉදිරියෙහි බැබළෙන්ට ඉඩ හරින්නෙමු. අපගේ යහපත්කම ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ කෙරෙහි දීප්තිමත් ලෙස පිළිඹ්බුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා වඩාත් සතුටු සිතින් දෙනු ලබන්නෙකු වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries