ජනකාන්ත සංවිධානය යනු කුමක්ද?



ප්‍රශ්නය: ජනකාන්ත සංවිධානය යනු කුමක්ද?

පිළිතුර:
ජනකාන්ත සංවිධානය යනු අන්තර් නිකායික කිතුණු ප්‍රතිසංස්කරණ සංවිධානයක් වන අතර අද කිතුණු ලොව තුළ සීග්‍රයෙන් වර්ධනය වන ඉතාමත් ජනප්‍රිය බලකායකි. මෙම සංවිධානයෙහි මූලාරම්භය 1906 මෙතෝදිස්ත අනුග්‍රහයෙන් කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්හි අසූසා ධර්ම දූත සේවයෙහි පැත්වුන පිබිදීමේ රැළිය බවට අනුරේඛනය කරයි. ක්‍රියා පොතෙහි සඳහන් වී ඇති ආකාරයටම පෙන්තකොස්තදා සැමරීම ආකාරයෙන්ම ශුද්ධාත්මයාණන් ගේ බෞතීස්මය ලැබූ බව සඳහන් වේ. අන්‍යභාෂා වලින් කතා කිරිම සුවවීමේ හාස්කම් වලට මනුෂ්‍යයන් ප්‍රබෝධවත්වී ආත්මීක ප්‍රබෝධනයකට ලක්විය. එයට සහභාගී වූ මනුෂ්‍යයන් එයින් ලැබූ කුල්මත්වීම පිළිබඳව මුළු අමෙරිකා දේශය පුරා පැතිරී ගිය අතර ජනකාන්ත සංවිධානය බිහි විය.

1970 මුල් භාගයේදී, මෙම සංවිධානය යුරෝපය දක්වා පැතිර ගිය අතර, 1980 තවත් නව නිකායන් විකාසනයට පත්වීමත් සමඟම සංවිධානය පුළුල් විය. එහි බලපෑම බැප්ටිස්ට්, එපිස්කෝපල් සහ ලුතරන් මෙන්ම නිකායකට අයිති නොවන වෙනත් සභාවන් වලටද ඇතුළුවීම අසාමාන්‍ය දෙයක් නොවීය.

මෙම සංවිධානයේ නම සදා ගනු ලැබුවේ ග්‍රීක් වචනයක් වන “කැරිස්” යන ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනය වන අනුග්‍රහය සහ “මටා” යන ග්‍රීක් වචනය අරුත දීමනා යන්න කැටිකොට ගෙනය. ශුද්ධ ආත්මයාණන් වහන්සේගේ අභිමුඛය ආත්මික දීමනා ප්‍රකාශවීමෙන් තහවුරු කරය්. මෙම දීමනා බයිබලයේ “කැරිස්මස්” හෝ ආත්මික දීමනා යනුවෙන් පවසන්නේ විශාල සෙනඟකට හෝ තනි පුද්ගලයෙකුට හෝ බලපෑමක් ඇති කළ හැකි නිසාය. මෙම දීමනා අතර ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ අන්‍යභාෂාව හා අනාගතවාක්‍ය පැවසීමයි. පළවෙනි ශතවර්ෂයේ සභාව ශුද්ධාත්මයාණන් වහන්සේ කෙළෙස අත් දකිනු ලැබුවේද අදත් එලෙසම හැකි බව ජනකාන්තයන් තරයේ විශ්වාස කරණු ලබයි.

ජනකාන්ත සංවිධානය බොහෝ අය දැන සිටින්නේ අන්‍ය භාෂාවෙන් කතා කිරීම (ග්ලොසොලලියා), දිව්‍යමය සුවය සහ අනාගතවාක්‍ය පැවසීම ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩ සිටීමට සාක්‍ෂියක් / ඔප්පුවක් ලෙස පිළිගන්නා අය ලෙසය. ඔවුන්ගේ බොහෝ රැස්වීම් වෙන් කරනු ලබන්නේ යාච්ඤාවට, ආත්මික ගීත ගායනා කිරීමත් සමඟ නැටුම් කෑගැසීම් සහ “ආත්මයාණන් වහන්සේ තුළ” අත් ඔසවා යාච්ඤා කිරීමටද වේ. නමස්කාර මෙහෙයේ තවත් කොටසක් වන්නේ රෝගීන්ට තෙල් ආලේප කර යාච්ඤා කිරීමද වේ. මෙම ක්‍රියාවන් සංවිධානයේ සීග්‍ර වර්ධනයට මෙන්ම ජනප්‍රියත්වයටද මූලික හේතු විය. වර්ධනයට සහ ජනප්‍රියත්වයට අභිමතයක් ඉන් ගොඩනැඟුනත් එහි සත්‍යතාවය ඔප්පු කිරීමට එය විභාගයක් නොවිය.

නමුත් ප්‍රශ්ණය වන්නේ ජනකාන්ත සංවිධානය බයිබලයට අනුකුලද යන්නයි. මෙම ප්‍රශ්ණයට හොඳම පිළිතුර මෙසේ ඉදිරිපත් කළ හැකිය. මනුෂ්‍ය සංහතිය මැවූදා පටන් සාතන්ගේ කපටි වංචනික ප්‍රධාන සැලසුම වූයේ දෙවියන් වහන්සේගේ දරුවන් හා නිවරද්‍ය දෙවියන් වහන්සේගේ වචනය අතර වැස්මක් ඇති කිරිමය. එහි ආරම්භය සාතන් ඒව ගෙන් “දෙවියන් වහන්සේ ඇත්තෙන්ම කීවාද” (උත්පත්ති 3:1) අසමින් දෙවියන් වහන්සේගේ වචනයේ අධිකාරිත්වය සහ නිසැක බවට සැකයක් ඇති කළේය. එදා පටන් බයිබලයේ නිවරද්‍ය භාවයට හා සම්පූර්ණත්වයට සාතන් පහර දෙමින් සිටියි. සාතන් තමාගේ උපායශීලිත්වය ඉහළම තලයකට ගෙන ආ බව අපි දන්නෙමුව (1 පේත්‍රැස් 5”:8).

හාස්කම නැමති වටපිටාව තුළ යක්‍ෂනික ක්‍රියා වැඩිවෙමින් එය තර්ජනයක්ව පවතින බව අපි දන්නෙමුව. සාතන් අපගෙන් බයිබලය උදුරා ගැනීමේ සටනින් පරාජය වූ විට, අපිව බයිබලයෙන් පිටතට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් දරයි. මෙය සඳහා සාතන්ගේ ක්‍රියාව වන්නේ පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ යම් අද්විතීය අත්දැකීම් වෙත මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කිරීමෙනි. මෙහි ප්‍රතිඵලය වන්නේ අන් අයගේ අත්දැකීම් පසුපස යන අය ලිවිල්ලෙහි ඇති සැබෑ වූ දේව වචනය සොයා බැලීමෙන් ඈත් වීමයි.

දෙවියන් වහන්සේ හාස්කම් කරණ බව අපි කිසිසේත් ප්‍රතික්‍ෂේප නොකරන්නෙමුව. සමහර ජනකාන්ත සංවිධාන තුළ සිදුවන ක්‍රියාවන් සැබවින්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාවන් විය හැකිය. කෙසේ වුවද සැබෑ සත්‍යතාවයේ සාරය නම් මෙය වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට නව අපෝස්තලිකවරුන් හෝ නව ඇදහිල්ලෙන් සුව කරන්නවුන් හෝ තමාට ආවේනික වූ ආකාරයකින් හාස්කම් මෙහෙයවන අය අවශ්‍ය නොවේ. සභාවට අවශ්‍යව ඇත්තේ නැවතත් දෙවියන් වහන්සේගේ වචනය වෙතට හැරී ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් හා ප්‍රේමයෙන් යූක්තව දෙවියන් වහන්සේගේ මුළු මන්ත්‍රණය ප්‍රකාශ කිරීම වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



ජනකාන්ත සංවිධානය යනු කුමක්ද?