settings icon
share icon
ප්‍රශ්නය

විරාමය, බයිබලයට අනුකුලද?

පිළිතුර


විරාමයයනු 'ආශ්චර්යන් කිරීමේ දීමනා' වන අන්‍යභාෂා වලින් කතා කිරීම හා සුව කිරීමේ දීමනාව ක්‍රියාත්මකවීම නැවතුණ බවය. අපොස්තලික යුගයේ පැවති එම ආශ්චර්ය දීමනා යුගයේ අවසානයත් සමඟ ක්‍රියා විරහිතවූ බවත්, අදත් දෙවියන් වහන්සේට හාස්කම් කිරීමට හැකියාව තිබියදීත්, බොහෝ විරාමවාදින් විශ්වාස කරණු ලබන්නේ ශුද්ධ ආත්මයාණන්වහන්සේ තනි පුද්ගලයෙකු හාස්කම් සහ ලකුණු සිදු කිරීමට පාවිච්චි නොකරණ බවය.

බයිබලීය වාර්ථා පෙන්වා දෙනු ලබන්නේ විශේෂ කාල සීමාවකදී හාස්කම් සිදු වූයේ දෙවියන් වහන්සේ වෙතින් පැමිණි විශේෂ අළුත් / නව පණිවිඩයේ පරමාර්ථය හා කතෘත්වය ඔප්පු කර පිණිස බවය. මෝසෙස්ට හාස්කම් කිරීමට බලය දෙනු ලැබුයේ තමාගේ සේවය පාරාවෝ ඉදිරියෙහි ඔප්පු කරණ පිණිසය (නික්මයාම 4:1-8). එලියාට හාස්කම් කිරීමට බලය පවරනු ලැබුයේ ඔහුගේ සේවය ආහබ් ඉදිරියෙහි ඔප්පු කරණ පිණිසය (1 රාජාවලිය 17:1,18:24). අපෝස්තුළුවරුන්ට හාස්කම් කිරීමට බලය දෙනු ලැබුවේ ඊශ්‍රායෙල් ඉදිරියෙහි තම සේවය ඔප්පු කරණ පිණිසය ( ක්‍රියා 4:10,16).

යේසුස් වහන්සේගේ සේවයද හාස්කම් වලින් සනිටුහන් වූයේ අපොස්තුළු යොහාන් සඳහන් කළපරිදි 'ලකුණ' යන්නට ගැලපෙන ආකාරයෙන්ය (යොහාන් 2:11). යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයත් සමග සභාව ස්ථාපිත වූ අතර අළුත් ගිවිසුම ග්‍රන්ථානුකරණයට ලක්විමත් සමඟ, අපෝස්තුළුවරුන් අන්‍යභාෂා වලින් කතා කිරීම සුව කිරීමට බලය ලැබීම වැනි දේවල් ප්‍රදර්ශණය කරණ ලදී. අන්‍යභාෂාව අදහන්නන් සඳහා නොව නොඇදහිලිවතුන්ට ලකුණක් විය. (1 කොරින්ති 14:22 පදය දීමනාව සභාව ශීක්‍ෂණය සඳහා නොවූ බව ඉතා පැහැදිලිව ප්‍රකාශකරයි).

අන්‍යභාෂාව නැවෙතෙන බවට පාවුල්තුමා පෙන්වා දෙන ලදී (1කොරින්ති13:8) . දැනටමත් එය නැවතී ඇති බවට තහවුරු කිරීමට සාක්‍ෂි හයක් මෙහි පෙන්වා දෙයි.

1. අන්‍යභාෂාව පැමිණියාවූ අපොස්තුළුවරුන් අද්විතීයයන් විය. ඔවුන්ගේ සේවය සම්පූර්ණ වූ කළ, විශ්වාසණීය බව තහවුරු කිරීම සඳහා ලකුණු වල අවශ්‍යතාවය ක්‍රියාත්මකවීම / ප්‍රවර්තනය වීම නතර විය.

2. හාස්කම් (හෝ ලකුණු) දීමනා මුල් කාලීන ලිපි වල සඳහන් විය. එනම් 1 කොරින්ති පොත. පසු කාලීන පොත් ලෙස එපීස පොත හා රෝම පොතෙහි ආත්මයාණන් වහන්සේගේ සවිස්තරාත්මක පරිච්ජේදයන් ලියනු ලැබුවත් හාස්කම් දීමනා එහි සඳහන් නොවුනත් රෝම පොත අනාගතවාක්‍ය පැවසීම පිළිබඳ සඳහන් කරයි. අනාගතවාක්‍ය නැමති වචනයට අදාළ ග්‍රීක් වචනය අර්ථ ගන්වන්නේ 'ඉදිරිය පිළිබඳ කතා කිරීම' වේ. නමුත් එහි අනාගතය පිළිබඳ පෙන්වා දීමක් හෝ ප්‍රකාශ කිරීමක් අනිවාර්ය ඇතුලත්වීමක් සිදු නොවේ.

3. අන්‍යභාෂාවේ දීමනාව, දැන් වෙනත් ජාතීන්ට දෙවියන් වහන්සේගේ ගැලවීම විවෘත වී ඇති බව නොඇදහිලිකාර ඊශ්‍රායෙල්වරුන්ට පෙන්වා දීමට පරිහරණය කළ සළකුණක් විය.1 කොරින්ති 14:21-22 සහ යෙසායා 28:11-12 බලන්න.

4. අන්‍යභාෂාව අනාගතවාක්‍ය පැවසීම / දේශණා කිරීමට වඩා පහළ මට්ටමක විය. දේව වචනය දේශණා කිරීමෙන් ඇදහිලිවතුන් වර්ධනය කිරීමක් සිදුවන අතර අන්‍ය භාෂාවෙන් එසේ සිදු නොවේ. ඇදහිලිවතුන්ට අන්‍ය භාෂාවෙන් කතා කිරීමට වඩා අනාගතවාක්‍ය පැවසීමට සොයන්න යයි පවසනලදී ( 1කොරින්ති 14:1-3).

5. අන්‍යභාෂා දීමනාව නැවතුන බවට ඉතිහාසය පෙන්වා දෙයි. පසුකාලීන අපෝස්තුළු පියවරුන් අන්‍යභාෂා ගැන සඳහන් නොකරයි. තවත් ග්‍රන්ථ කතෘවරුන් වන ජස්ටින් මාටර්, ඔරිගන්, ක්‍රිසෝස්ටම් සහ ඔගස්ටින් වැනි අය අන්‍යභාෂාව සළකණු ලැබුවේ මුල් කාලීන සභාවේ සිදු වූ දෙයක් ලෙසය.

6. නූතන නිරීක්‍ෂයින් සනාථ කරනු ලබන්නේ අන්‍යභාෂා දීමනාව නැවතී ඇති බවය. දීමනාව වර්ථමානයේ පවතින්නේ නම් මිෂනාරීවරුන්ට භාෂාවන් අධ්‍යනය කිරීම සඳහා භාෂා පාඨශාලාවන්ට ඇතුළත් වීමට සිදු නොවේ. මිෂනාරීවරුන්ට ඕනෑම රට කට ගොස් එහි භාෂාවන් චතුර ලෙස කතා කිරීම සිදු විය යුතුය. ක්‍රියා පොතෙහි 2 වන පරිච්ජේදයේ අපෝස්තුළුවරුන්ට හැකි වූ ආකාරයෙන්ම විය යුතුය. සුව කිරීමේ දීමනාවද අපි ලියවිල්ලෙන් දකින්නේ එය යේසුස් වහන්සේගේ හා අපෝස්ළුවරුන්ගේ සේවය තුළ සිදු වූ බවක්ය (ලූක් 9:12). එමෙන්ම අපෝස්තුළුවරුන්ගේ යුගයේ අවසානය ළඟා වෙත්ම සුව කිරීම හා අන්‍යභාෂාව නිරතුරුව සිදු නොවූ බවය. යුතිකස්ව මරණින් නැඟිට වන ලද පාවුල්තුමා (ක්‍රියා 20:9-12) එපප්‍රොදිතස් සුව කළේ නැත. ත්‍රොපිමස් (පිලිප්පි 2:25-27) තිමොති (1 තිමොති 5:23) තමාවද (2 කොරින්ති 12:7-9) . පාවුල්තුමාට සුව කිරීමට නොහැකි වූයේ 1. දීමනාවකින් බලාපොරොත්තු වූයේ හැම කෙනෙක්ම සුව කිරිම නොවන නිසාත්, අපොස්තලිකත්වය තහවුරු කිරීම සඳහාත් වන නිසාය. 2. අපෝස්තුළුවරුන්ගේ අධිකාරිත්වය ඒ වන විටත් තහවුරු වූ තිබූ බැවින් තවත් හාස්කම් අවශ්‍ය නොවීය.

ඉහත සඳහන් කරුණු විරාමයට සාක්‍ෂි වේ. සියල්ලට වඩා ඉහළින් වූ 'ප්‍රේමය' වන දීමනාව ලුහුබැඳ යාමට අපි උත්සුක වෙමු. අපි ආත්මික දීමනා වලට ආශා වන්නේ නම් සෑම කෙනෙකුටම වර්ධනය වීමට හැකි වන දේව වචනය කතා කිරීමට ආසා වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විරාමය, බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries