settings icon
share icon
ප්‍රශ්නය

අපගේ වියපත් දෙමව්පියන් රැකබලා ගැනීම සම්බන්ධව දේවවචනය අපට පවසන්නේ කුමක්ද?

පිළිතුර


තම වියපත් දෙමව්පියන් සහ තමන්ගේ වැඩකටයුතු තනිවම කරගත නොහැකි පවුලේ අනෙකුත් සාමාජිකයන් අන් අය වෙනුවෙන් සමාජ සේවක මෙහෙවරක් ඉටුකරන මධ්‍යස්ථානයක් ලෙස මුල් කිතුනු සභාව ක්‍රියාකර ඇත. තමන් වෙනුවෙන් උපකාර කිරීමට කිසිවකු නොමැති දුගී, රෝගී, වැන්දඹු සහ අනාථවු අය වෙනුවෙන් ඇප උපස්ථාන කළහ. තම පවුලේ යම් අයවලූන් එවැනි අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නේ නම් ඔවුන්ට උපකාර කිරීම, කිතුවන්ගෙන් බලාපොරොත්තු වන සේවයකි. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් තම වියපත් දෙමව්පියන් රැකබලා ගැනීම තමන්ගේ යුතුකමක් ලෙස තවදුරටත් සැලකීමට අකමැති වෙති.

වියපත් අය ආශීර්වාදයකට වඩා බරක් ලෙස පෙනිය හැක. සමහර විට තම දෙමවිපියන් හට ඇප උපස්ථාන අවශ්‍ය වන විට,ඔවුන් තමන් වෙනුවෙන් සිදුකළ කැපවීම් ඉක්මණින් අපට අමතක වේ. ඔවුන්ට සුරක්‍ෂිතම සහ සුවපහසුම ස්ථානය වන අපගේ නිවසට ඔවුන් පිළිගන්නවා වෙනුවට අප කරන්නේ සමහර විට ඔවුන්ගේ අකමැත්තෙන් පවා, වැඩිහිටි නිවාස වල හෝ සාත්තු නිවාස වල ඔවුන් නතර කර වීමය. ඔවුන්ගේ දීර්ඝායුෂ තුළින් ඔවුන් ලබාගත් ඥානය අගය නොකර, ඔවුන්ගේ උපදෙස් යල් පැන ගිය අදහස් ලෙස සමච්චලයට පත් කිරීමටද අපට හැකි වනු ඇත.

අපගේ දෙමව්පියන් හට ගරු කරමින් ඔවුන් රැක බලා ගන්නා විට අප දෙවියන්වහන්සේටද සේවය කරමුව. දේව වචනයේ අපට පෙන්වා දෙනුයේ ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන් පිළිබඳ වගකීම භාර ගන්න. එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම් තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමව්පියන් පිළිබඳ යුක්තිය ඉෂ්ඨ කළ යුත්තෝ ඔවුහුය. මන්ද, එය දෙවියන්වහන්සේට ප්‍රිය හෙයිනි. යමෙක් තමන්ගේ නෑයන්, විශේෂයෙන් තමන්ගේ පවුලේ අය නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමුවෙකි. මිථ්‍යාදෘෂ්ඨියකුටම වඩා අයහපත් තැනැත්තෙකි. (1 තිමෝති 5:3–4,8)

සෑම වියපත් කෙනෙකුටම සදාකාලිකව තමන්ගේ දරුවන් රැකවරණය යටතේ ඔවුන්ගේ නිවෙස් වල රැඳී සිටීමට අවශ්‍යතාවයක් හෝ උවමනාවක් නැත. ඔවුන් තමන්ගේ වයස් පරාසයේ අන් අය සමග සමාජයේ ජීවත් වීමට හෝ සම්පූර්ණ නිදහසේ ජීවත් වීමට ඔවුන් ප්‍රිය කළහ. මේ කුමන තත්වයක් යටතේ වුවද තම දෙමව්පියන් රැක බලා ගැනීම අප ඔවුන් වෙනුවෙන් ඉටුකළ යුතුකමකි. ඔවුන්ට මුදලින් ආධාර අවශ්‍ය නම් එමඟින් උදව් විය යුතුය. ඔවුන් රෝගාතුර වු විට උපස්ථාන කල යුතුය. ඔවුන්ට වාසය කිරිමට ස්ථානයක් අවශ්‍ය නම් අපගේ නිවෙස් ඔවුන් වෙනුවෙන් විවෘත විය යුතුය. ඔවුන් හට ගෙදර දොර කටයුතු, වතුපිටි නඩත්තු කිරීම සඳහා උපකාර අවශ්‍ය නම් එය ඉටුකර දිය යුතුය. තවද ඔවුන් උපස්ථායක මධ්‍යස්ථානයක රඳවා ඇත්නම් ඔවුන්ගේ සුවපහසුව ගැන සොයා බලා ඔවුන් නිසි ආදරය ලබමින් උපස්ථාන ලබන බවට වගබලා ගත යුතුය.

ජනතාව, විශේෂයෙන් පවුලේ අය රැක බලා ගැනීමෙන් අප දෙවියන්වහන්සේට සේවය කරනවා යන වැදගත් කාර්‍යය ලෝකයේ වෙනත් ක්‍රියාකාරකම් නිසා බොඳවී යාමට අප කිසි දිනක ඉඩ නොතැබිය යුතුය. දේව වචනයේ මෙසේ සඳහන් වේ. "ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න." යනු පොරොන්දුවක් ඇති පළමුවන ආඥාවය "එනම් එසේ කිරිමෙන් ඔබට සෙත සැලසෙනු ඇත. ඔබ මිහිපිට බොහෝ කල් ජීවත් වනුද ඇත" (එපීස 6:2–3)

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ වියපත් දෙමව්පියන් රැකබලා ගැනීම සම්බන්ධව දේවවචනය අපට පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries