settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයට අයත් ග්‍රන්ථ මොනවාද යන්න බයිබලය සඳහන් නොකරන හෙයින් බයිබලයට අයත් ග්‍රන්ථ මොනවාද යන තීරණයකට එළඹෙන්නේ කෙසේද?

පිළිතුර


බයිබලය අපගේ අසාහය එකම අධිකාරිත්වය වීමට නම්, බයිබලයේ කුමන පොත් ඇතුලත් විය යුතුද යන්න බයිබලය සඳහන් නොකරනබැවින්, කුමන අධිකාරිත්වයක් යටතේ, බයිබලයට අයත් ග්‍රන්ථ මොනවාද යන්න දැන ගත හැකිද? මෙය ඉතා වැදගත් ප්‍රශ්ණයක් වේ. දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය ප්‍රජාව අතර සන්නිවේදනය යන දම්වැලෙහි දුර්වල සබඳතාවයක් වේද? එසේ වුවහොත් මුළු දම්වැලම අසමත්වන අතර සන්නිවේදනය විශ්වාස භාවයෙන් තොර වේ.

දෙවියන් වහන්සේ හා අප අතර පවත්නා විවිධ සන්නිවේදනයන් ගැන සළකා බලන්න. දෙවියන් වහන්සේගේ ප්‍රථම ආශාව වූයේ සන්නිවේදනය / අදහස් හුවමාරු කර ගැනීමයි. මෙය දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ මුල් බැස තිබුණ අතර, ඉතා යහපත් දෙවියන් වහන්සේට කළ හැකි අතීශයින් ප්‍රේමණීය දෙය නම් තමන් වහන්සේ පිළිබඳ තමන්ගේ මැවිල්ලට එළිදරව් කිරීමයි. ඊළඟ සත්‍ය සංක්‍රමණය වූයේ මනුෂ්‍ය රචකයන් කරණකොට ගෙන දෙවියන් වහන්සේගේ වචනය එවීමයි. බයිබලය සඳහන් කරන පරිදි මීට "ආනුභාවය" යන ක්‍රියාවලිය ඇතුල්වු අතර, වචනය දෙවියන් වහන්සේ හුස්ම හෙලන ලද අතර මනුෂ්‍ය නියෝජිතයින් එය වාර්ථා කරණලදී (2 තිමොති 3:16). ඉන් පසුව ප්‍රචාරණය / ව්‍යාප්තිය පැමිණි අතර, දේශණා කිරීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් ප්‍රේක්‍ෂයින්ට වචනය දෙන ලදී. ඊළඟට හදුනාගැනීම සිදු විය. දෙවියන් වහන්සේ ගේ සෙනඟ ශුද්ධ ලියවිල්ල වෙනත් ආගමික ලියවිලි වලින් වෙන් කොට හදුනා ගන්නා ලදී. ඉන් පසුව ආරක්‍ෂා කරගැනීම, කරණකොට ගෙන මේ දවස දක්වාම විනාශ කිරීමට බොහෝ වර උත්සාහ කළද දේව වචනය තව දුරටත් නොනැසී පවතී. අවසාන වශයෙන් ආලෝකාකරණය / ප්‍රදීපනය, ශුද්ධාත්මයාණන් වහන්සේ දේව වචනය ලබා ගැනීම සඳහා ඇදහිලිවන්තයාගේ තේරුම් ගැනීම විවෘතකරයි.

දෙවියන් වහන්සේගේ ප්‍රේමය විදහා දක්වන "දම්වැල" නම් එතුමාගේ වචනයේ ආනුභාවය, ව්‍යාප්තිය, ප්‍රත්‍යාභි ඥානය, ආරක්‍ෂා කරගැනීම හා ආලෝකා කරණය / ප්‍රදිපනයයි. මෙම ක්‍රියාවලියේ සෑම පියවරකදීම දෙවියන් වහන්සේගේ සහභාගිත්වය වූ බව අප විශ්වාස කරන්නේ එතුමාගේ වචනය දේවානුභාවය තුළට ගෙනෙන පිණිස මේතාක් දුරක් පැමිණි දෙවියන් වහන්සේ එය ආරක්‍ෂා නොකරයිද? එතුමාණන් වහන්සේ අපට කතා කර, එතුමාගේ කතාව වටහා ගන්නට අපට මඟ පෙන්වන්ට අසමර්ථ වේද?

දේව වචනය ප්‍රත්‍යාභි ඥානය කරගැනීම සම්මත කරගැනීම වේ. දෙවියන් වහන්සේ ධර්මග්‍රන්ථ නාමාවලිය නිවැරදිව තහවුරු කළ අතර, සභාව ධර්ම ග්‍රන්ථ නාමාවලිය සොයාගත් බව පැවසීමේදී අප ප්‍රවේසම් විය යුතුය. සම්මත ශුද්ධ ලියවිල්ල සාදනු ලැබුවේ සභාව විසින් නොවන අතර මෙන්ම සභාව සොයා ගත්තේ හෝ ප්‍රත්‍යාභි ඥානය කරගත්තේද නැත. දේව වචනය ආරම්භයේ පටන්ම දේවානුභාවයෙන්ද අධිකාරිත්වයෙන්ද යුක්ත වූ අතර "සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ" (ගීතාවලිය 119:89). සභාවසැකයක් නොමැතිව එම කරුණ ප්‍රත්‍යාභි ඥනය කරගත් අතරම පිළිගන්නා ලදී.

දෙවියන් වහන්සේගේ වචනය ප්‍රත්‍යාභි ඥානය කර ගැනීම හා රැස්කර ගැනීම සඳහා සභාව අනුගමනය කළ මිනුම් දණ්ඩ පහත සඳහන් ආකාරයෙන් වේ.

1. පොත දෙවියන් වහන්සේගේ අනාගතවත්කෘකෙනෙකු විසින් ලියන ලද්දක්ද?

2. තමාගේ පණිවිඩය ස්ථීර කිරීම සඳහා කතෘවරයා හාස්කම් සහ සළකුණු වලින් තහවුරු කර ඇත්ද?.

3. මෙම පොත කිසිම අඩුවීමක් / ලොප්වීමක් හෝ මුසාවක් නොමැතිව දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යතාවය ප්‍රකාශ කරන්නේද?

4. මෙම පොතට ජීවිත පරිවර්ථනය කිරීමේ දිව්‍යමය ධාරිතාවක් ඇති බවට තහවුරු කරන්නේද?

5. ප්‍රථම වතාවට පොත ප්‍රදානය කරනු ලැබූ සෙනඟ එම පොත දෙවියන් වහන්සේ ගේ වචනය ලෙස පිළිගත්තෝද?

මෙම මිනුම් දණ්ඩට අනුව, ඉතාම වැදගත් මිනුම් දණ්ඩ වනුයේ පළවෙනි කරුණ වන පොත අනාගතවතෘවරයෙකු විසින් ලියනලද දයන්නය. එහි ක්‍ෂනික නිගමනය වූයේ "පොතට අපෝස්තලික අනුමැතිය ලැබූණාද යන්නය", එනම් මුල් සභාවේ ග්‍රන්ථ සම්මත කිරීමේ ප්‍රධාන පරීක්‍ෂණය විය. මෙම මිනූම් දණ්ඩ "අපෝස්තුළුවරයෙක්" යනු කව්ද දැන ගැනීම සඳහා තර්කානුකුල ප්‍රථිපලයක් විය. සභාවක් ආරම්භ කිරීමේ සහනායකයෙක්වීමේ දීමනාව දෙවියන් වහන්සේ විසින් අපෝස්තුළුවරුන්ට දෙන ලදී. එබැවින් ඔවුන් කරණකොටගෙන සභාව පාලනය කරණ පිණිස වචනය පැමිණි බව පිලිගැනීම යුක්ති සහගතය.

ක්‍රිස්තුස් වහන්සේ පැවසූ දෙය සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේ විසින් මතකයට නංවන බවට (යොහාන් 14:26) සහ "සියළු සත්‍යතාවයන්" කරා ගෙන යන බවට අපෝස්තළුවරුන්ට පොරොන්දු දී තිබුණේය (යොහාන් 16:13). ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු තමන්ගේ වැඩය කරගෙනයන පිණිසත් ඔවුන්ගේ පණිවිඩය ස්ථීර කරණ පිණිසත් සොබා දහමඉක්මවූ දීමනා අපෝස්තළුවරුන්ට ලැබූණි (ක්‍රියා 2:4). දෙවියන් වහන්සේගේ ගෙවැසියන් / නිවැසියන් "අපෝස්තුළුවරුන්ගේ හා අනාගතවක්තෘවරුන්ගේ අත්තිවාරම පිට ගොඩ නඟන ලදී (එපීස 2:20). අපොස්තළුවරුන්ට විශේෂ අධිකාරිත්වය දීමෙන් ආගමික නීතිය අනුව ධර්ම දූතනය පළමූවෙනි පරීක්‍ෂණය විය. ඒ අනුව මතෙව්තුමා විසින් ලියන ලද ශුභාරංචි පොත ආගමික නීතිය අනුව වූ පොතක් ලෙස සළකන ලද අතර (එම පොත අපෝතුළුවරයෙකු විසින් ලියන ලද අතර) මාර්ක් විසින් තමාගේ කිට්ටු සගයා වන අපොස්තුළු පේත්‍රැස් සමග ලියන ලද අතර එම පොතද පිළිගන්නා ලදී.

අළුත් ගිවිසුම ලියන ලද කල්හි, තනි තනි පොත් සහ ලිපි ක්‍ෂණයකින් දෙවියන් වහන්සේ ගේ වචනය ලෙස පිළිගන්නා ලද අතර අන් අයගේ සුභසාධනය සඳහා බෙදා හරින ලදී. තෙසලෝනික සභාව පාවුල්තුමාගේ වචනය දෙවියන් වහන්සේගේ වචනය ලෙස පිළිගන්නා ලදී (1 තෙසලෝනික 2:13). පාවුල්තුමාගේ ලිපි අපොස්තලික කාල සීමාවේදී පවා සභාවන් අතර සංසරණය විය (කොලොස්සි 4:16). පේත්‍රැස්තුමා පාවුල්තුමාගේ ලිපි දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් හා "ලියවිල්ලෙහි ලිපි සමඟ සමාන බව ප්‍රත්‍යාභි ඥානය කර ගත්තේය (2 පේත්‍රැස් 3:15-16). පාවුල්තුමා ලූක්තුමා විසින් ලියන ලද ශුභාරංචි පොත සඳහන් කර එය "ලියවිල්ල" ලෙස ප්‍රකාශ කරණ ලදී (1 තිමොති 5:18). මෙම විශාල ලෙස පැතුරුණ පිළිගැන්ම විවාදයට ලක්වූ පොත් කිහිපයක පැහැදිලි වෙනස බලා ගන්නා පිණිසවූ අතර සුළු කාලීන ජනප්‍රිය වු මෙම පොත් සම්මතග්‍රන්ථ නොවන බවට ප්‍රතික්‍ෂේප විය.

ඉන් පසුව මිත්‍යාවාදයන් වැඩි වෙන්නට පටන් ගත් අතර සමහර සභාවන් තුළ සිටියවුන් ව්‍යාජ ධර්ම ලියවිලි පිළිගන්නා ලෙස අවුල් හඬක් නඟන්නට වූ බැවින් සභාව අළුත් ගිවිසුමෙහි පොත් 27 පිළිගන්නා පිණිස නිල වශයෙන් මන්ත්‍රණ සභාව රැස් කරණ ලදී. මෙම මිනුම් දණ්ඩ මනුෂ්‍යාගෙන් හටගත් දෙය හා දෙවියන් වහන්සේ ගෙන් වූ පැහැදිලිව වෙන් කර හදුනා ගැනීමට උපකාර විය. ඔවුන්ගේ අවසන් නිගමනය වුයේ සමස්ත විශ්වීය පිළිගැනීමේ පොත් අතර රැඳීමටය. එසේ කිරීමෙන් "අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීම්" සමඟ ඉදිරියට යාමට ස්ථීර අධිෂ්ඨානයක් ඇති කරගත්තේය (ක්‍රියා 2:42).



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයට අයත් ග්‍රන්ථ මොනවාද යන්න බයිබලය සඳහන් නොකරන හෙයින් බයිබලයට අයත් ග්‍රන්ථ මොනවාද යන තීරණයකට එළඹෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries