settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ කැනනය (න්‍යාය) එකට එකතු කරන ලද්දේ කවදාද? හා කෙසේද?

පිළිතුර


“කැනනය” යන පදය භාවිතා වනුයේ දිව්‍ය අනුභාවයකින් ලැබී බයිබලයේ අන්තර්ගත පොත් වලටය. ඉතා අපහසු අංගය බයිබලානුකුල කැනනය තහවුරු කිරීමට නම් බයිබලයට අඩංගු පොත් ලැයිස්තුව අපට නොදීමයි. කැනනය තහවුරු කිරීම ක්‍රියා වලියක්. පළමුව යුදෙව් ගුරුවරු (යුදෙව් ධර්මාචාර්යවරු) හා විශාරදයන් (විද්වතුන්) හා මුල් කිතුනුවන්ගේ ලිපි තුළින්. අවසානයේදී දෙවියන් වහන්සේ තමයි තීරණය කළේ බයිබලීය කැනනයේ පොත් ලැයිස්තුව. ලියවිල්ලේ පොතක් කැනනට අඩංගු වන්නේ එය දේවානුභාවයෙන් ලියනු ලැබූ මොහොතේදීය. එය ඉතාමත් සරළ දෙයක් වන දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අනුගාමිකයන්ට හඳුන්වා දෙනවා කුමන පොත්ද බයිබලයට අඩංගු වන්නේ කියලා.

අළුත් ගිවිසුම සමග සසඳන විට පරණ ගිවිසුමට ඇත්තේ සුළු මත භේද පමණයි. හෙබ්‍රෙව් ඇදහිලිවතුන් දෙවියන් වහන්සේසේගේ පණිවුඩකරුවන් හඳුනා ගත්තා. එමෙන්ම ඔවුන්ගේ ලියවිලි දේවානුභාවයෙන් ලියූ බවට පිලිගනී. මේ වන විටත් පරණ ගිවිසුමේ කැනනය පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ක පැණ නැගී තිබුණි. ක්‍රි. ව. 250 වන විට හෙබ්‍රෙව් ලියවිල්ලේ කැනනය පිළිබඳව විශ්වීය වශයෙන් පිළිගන්නා ලදී. ඉතුරු වුන කාරණාව නම් ඇපොක්‍රිපා බයිබලයට අළුතින් එකතු කරන ලද පොත්, අදටත් වාද හා සංවාද මේ පිළිබඳව ඇත. හෙබ්‍රෙව් විද්වතුන් බොහෝ දෙනෙක් බයිබලයට අළුතින් එකතු කරන ලද පොත් / ඇපොක්‍රිපා ඉතා හොඳ ඓතිහාසික හා ආගමික ලේඛන ලෙස හඳුන්වයි. නමුත් හෙබ්‍රෙව් ලියවිලි හා සමාන නැත.

අළුත් ගිවිසුමට, හඳුනා ගැනීම හා එකතු කිරීම ආරම්භ වූයේ පළමු ශත වර්ශයේ මුල් කිතුනු සභාවේ. බොහෝ ඉක්මනින් සමහර අළුත් ගිවිසුමේ පොත් හඳුනාගන්නා ලදී. පාවුල් සඳහන් කරන පරිදි ලූක්ගේ ලේඛන පරණ ගිවිසුම මෙන් විශ්වාසය තැබිය හැකි බව (1 තිමෝති 5:18; ද්විතිය කථාව 25:4 හා ලූක් 10:7). පේත්‍රැස් හඳුනා ගත්තා පාවුල්ගේ ලේඛන ලියවිල්ල ලෙස (2 පේත්‍රැස් 3:15-16). සමහර අළුත් ගිවිසුමේ පොත් සභාවන් අතර බෙදා දෙන ලදී (කොලොස්සි 4:16; 1 තෙසලෝනික 5:27). රෝමයේ ක්ලෙමන්ට් සඳහන් කරනවා අඩුම තරමින් අළුත් ගිවිසුමේ පොත් 8 ක් (ක්‍රි.ව.95). අන්තියෝකියේ ඉග්නේෂස් සොයා ගත්තා පොත් 7 ක් පමණ (ක්‍රි.ව.115). පොලික්‍රැප්, (අපෝස්තුලු යොහාන්ගේ ගෝලයෙක්) පොත් 15 ක් සොයා ගන්නා ලදී (ක්‍රි.ව.108). පසුව ඉරේනියස් සොයා ගත්තා පොත් 21 ක් (ක්‍රි.ව.185). හයිපොලිටස් පොත් 22 ක් (ක්‍රි.ව.170-235) දී සොයා ගන්නා ලදී. අළුත් ගිවිසුමේ පොත් වලින් මත භේදයට ලක් වූයේ හෙබ්‍රෙව්, යාකොබ්, 2 පේත්‍රැස්, 2 යොහාන් හා 3 යොහාන්.

පළමු “කැනනය” මුරටෝරියන් කැනනය. එය එකතු කරන ලද්දේ (ක්‍රි.ව.170). මුරටෝරියන් කැනනය තුළ අළුත් ගිවිසුමේ හෙබ්‍රෙව්, යාකොබ් හා 3 යොහාන්ගේ පොත් නොමැතිව අන් සියලු පොතක්ම අඩංගුය. ක්‍රි.ව.363, ලවෝදිසියාවේ සම්මේලනයේ ප්‍රකාශ කළේ පරණ ගිවිසුම පමණයි (අලුතින් බයිබලයට එකතු කරන ලද පොත් සමග) ඒ වගේම අළුත් ගිවිසුමේ පොත් 27 සභාවන් තුළ කියවීමට. හිපෝ හී සම්මන්ත්‍රණයේ (ක්‍රි.ව.393) දී අළුත් ගිවිසුමේ පොත් 27 ද විශ්වාසය තැබිය හැකි බවට පැවසූහ.

මේ සම්මේලන තබන ලද්දේ අළුත් ගිවිසුමේ පොත් සැබවින්ම දේවානුභාවයෙන් දැයි තහවරු කර ගැනීමට. 1) කතෘ හෝ අපොස්තුලුවරයාට සමීප සම්බන්ධතාවයක් අපොස්තුලු සමග ඇද්ද? 2) ප්‍රධාන කිතුනු ශරීරය විසින් පොත පිලිගන්නා ලදීද? 3) ඒ පොත මූලධර්ම හා සාධාර්මික ඉගැන්වීම් වලින් සමන්විතද?” 4) පොතෙහි දැඩි ලෙස සදාචාරාත්මක හා ආත්මික අගයන් ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාව පෙන්නුම් කරයිද? නැවත, එය මතක තබා ගැනීමට ඉතා වැදගත් එනම් සභාවන් නිවැරදිභාවය නිවැරදිවල් තහවුරු කළේ නැත. දැන් මුල් සභා මන්ඩලය කැනනය ගැන තීරණය කර ඇත. එය දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ පමණයි. කව්ද තීරණය කරන්නේ මොන පොත්ද බයිබලයට අඩංගු කියලා. එය සැබවින් දෙවියන් වහන්සේ තමයි උන් වහන්සේගේ අනුගාමිකයින්ට පැහැදිලි කළා උන් වහන්සේගේ සැලැස්ම පිළිබඳව. මනුෂ්‍යාගේ ක්‍රියාව මේ පොත් එකතු කිරීමේ වැඩය පලුදු විය. නමුත් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ බලයෙන් අපගේ අතපසුවීම් තුළදී නොසැලකිල්ල හා හිතුවක්කාරකම තුළදීත් මුල් සභාවට උන් වහන්සේගේ අනුභාවයෙන් දුන් පොත් හඳුන්වාදුනී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ කැනනය (න්‍යාය) එකට එකතු කරන ලද්දේ කවදාද? හා කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries