settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ විසින් කාන්තාවන් සහ දරුවන් ඇතුළුව කානානීය යන්ගේ, සමූල ඝාතනයට / ජන ඝාතනයට නියෝග කරනු ලැබුවේ මන්ද?

පිළිතුර


1 සාමුවෙල් 15:2–3 හී දෙවියන්වහන්සේ විසින් සාවුල්ට සහ ඉශ්‍රායලිතයන්ට නියෝග කරනු ලැබුවේ "සේනාවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුනට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි. දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී ඔවුන් ඉතිරි නොකොට ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශ කරදමා පුරුෂයන් සහ ස්ත්‍රීන්ද බාලයන් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරා දමාපන්නැයි කියන සේකැයි කීවේය." ඉශ්‍රායලිතයන් පොරොන්දු දේශය ආක්‍රමණය කරන කලද දෙවියන් වහන්සේ විසින් මේ හා සමානම දෙයක් නියෝග කළ සේක (ද්විතීය කථාව 2:34; 3:6; 20:16–18). කාන්තාවන් සහ දරුවන් ඇතුළුව මුළු සමූහයක්ම විනාශ කිරීමට දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායලිතයන්ට ඉඩ හරිනු ලැබුවේ මන්ද?

මෙය අසීරු කරුණකි. දෙවියන්වහන්සේ විසින් එවන් දෙයක් කිරීමට නියෝග කරන්නේ මන්දැයි අපට මුළුමනින්ම වැටහෙන්නේ නැති වූවත් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ යයි අපි විශ්වාස කරමු — ශ්‍රේෂ්ඨ, අපරිමිත සහ සදාකාලික දෙවියන්වහන්සේව සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට අපට නොහැකි බව අප හඳුනා ගනිමු. මෙවැනි දුෂ්කර කාරණා දෙස බලන විට දෙවියන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ග වලට වඩා උසස් බවත් උන්වහන්සේගේ සිතුවිලි අපගේ සිතුවිලි වලට වඩා උසස් බවත් අප මතක තබා ගත යුතු වෙමු (යෙසායා 55:9; රෝම 11:33–36). දෙවියන්වහන්සේගේ මාර්ග තේරුම් ගත නොහැකි විටදී පවා දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට හා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට අප කැමැත්තෙන් සිටිය යුතු වෙමු.

අප මෙන් නොව, දෙවියන්වහන්සේ අනාගතය දන්නා සේක. ඉශ්‍රායලිතයන් අමලෙක්වරුන්ව මුලිනුපුටා නොදැමුවේ නම් එහි ප්‍රතිඵල මොනවාදැයි දැන සිටි සේක. ඉශ්‍රායලය දෙවියන්වහන්සේගේ නියෝග ක්‍රියාත්මක නොකලෝ නම් අමලෙක්වරු අනාගතයේදී ඉශ්‍රායලිතයන්ට හිරිහැර කිරීමට නැවත පැමිණෙනු ඇත. සාවුල් පවසා සිටියේ අමලෙක්වරුන්ගේ රජ වන අගාග් හැරුණු කොට අන් සියල්ලන්ම මරා දැමූ බවය (1 සාමුවෙල් 15:20). නිසැකවම සාවුල් බොරු කීවේය – දශක කිහිපයකට පසුව දාවිත් සහ ඔහුගේ පවුලේ අයව වහල්භාවයට ගෙන යාමට ප්‍රමාණවත් අමලෙක්වරු සිටියහ (1 සාමුවෙල් 30:1–2). දාවිත් සහ ඔහුගේ පිරිස අමලෙක්වරුන්ට පහර දීමෙන් සහ ඔවුන්ගේ පවුල් බේරා ගත් පසුව අමලෙක්වරුන් 400 බේරී පලා ගියහ. දෙවියන්වහන්සේ විසින් නියෝග කරනු ලැබූ දේ සාවුල් විසින් කරනු ලැබී නම් මෙසේ සිදු නොවන්නට තිබිණි. අවුරුදු සිය ගණනකට පසුව අගාග් ගෙන් පැවත එන්නෙකු වූ හාමාන් මුළු යුදෙව් ජනතාවම සමූල ඝාතනය කිරීමට උත්සාහ දැරුවේය. (එස්තර් පොත බලන්න) එසේ හෙයින් සාවුල්ගේ අසම්පූර්ණ කීකරුකම කරණකොටගෙන ඉශ්‍රායලයේ විනාශය හේතු වන්නට තිබිණි. දෙවියන්වහන්සේ විසින් මෙය සිදු වන බව දැන සිටි හෙයින් කල් තියාම අමලෙක්වරුන්ම මුලිනුපුටා දමන ලෙස උන්වහන්සේ අණ කළ සේක.

කානානිවරුන් සම්බන්ධව දෙවියන්වහන්සේ විසින් නියෝග කරනු ලැබුවේ "එහෙත් නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනගගේ නුවර වල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න. තමුන්ගේ දෙවිවරුන් සදහා ඔවුන් කළ පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් නුඹලාට නූගන්වන පිණිසද එසේ නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට විරුද්ධව නුඹලා පව් නොකරන පිණිසද හිත්තිවරුද අමෝරිවරුද කානානිවරුද පෙරුස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුමට අණ කල ලෙස නුඹ විසින් සහමුලින්ම විනාශ කර දැමිය යුතුය" (ද්වීතිය කථාව 20:16–18).

මෙම මෙහෙයුමේදීද ඉශ්‍රායලිතයන් අසමත් වූ අතර දෙවියන්වහන්සේ විසින් පැවසූ දේම සිදු වනු ඇත (විනිශ්චයකාරයන්ගේ පොත 2:1–3; 1 රාජාවලිය 11:5; 14:24; 2 රාජාවලිය 16:3–4) දෙවියන්වහන්සේ විසින් මෙම මිනිසුන්ව සමූලඝාතනය කිරීමට නියෝග කරනු ලැබුවේ කුරිරු ලෙස නොව ඊටත් වඩා විශාල නපුරක් සිදුවීම වැළැක්වීමටය.

ඇතැම්විට දෙවියන්වහන්සේගෙන් ලද නියෝග වලින් ඉතාමත්ම දුෂ්කරම කොටස වන්නට ඇත්තේ දෙවියන්වහන්සේ විසින් දරුවන්ගේ මෙන්ම කිරිදරුවන්ගේද මරණය නියෝග කළ හෙයිනි. අහිංසක දරුවන්ගේ මරණය දෙවියන්වහන්සේ විසින් නියෝග කරනු ලැබුවේ මන්ද? (1) දරුවන් අහිංසක නැත (ගීතාවලිය 51:5; 58:3) (2) මෙම දරුවන් දෙමව්පියන්ගේ දුෂ්ට ආගම් සහ පිළිවෙත් අනුගමනය කරන්නන් ලෙස හැදී වැඩෙන්ට තිබිණි. (3) දරුවන් ලෙස ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමෙන් දෙවියන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයට ඇතුළු වීමට අවස්ථාව ලබා දුන් සේක. මිය යන සියලූ දරුවන් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් ස්වර්ගයට පිළිගනු ඇතැයි අපි තරයේම විශ්වාස කරමු (2 සාමුවෙල් 12:22–23; මාර්ක් 10:14–15; මතෙව් 18:2–4).

නැවතත් මෙම පිළිතුර සියලූ ගැටළු හා සමග සම්පූර්ණයෙන්ම කටයුතු කරනු නොලබයි. අපගේ ඉලක්කය විය යුත්තේ දෙවියන්වහන්සේගේ මාර්ග අපට නොතේරෙන විටදී පවා ඔහු කෙරෙහි විශ්වාසය තැබීමය. දෙවියන්වහන්සේ කාරණා දෙස බලනු ලබන්නේ සදාකාලික දෘෂ්ඨිකෝණයකින් බවත් උන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ග වලට වඩා උසස් බවත් අප විසින් මතක තබා ගත යුත්තෙමු. දෙවියන්වහන්සේ යුත්කි සහගතය, ධර්මිෂ්ඨය, ශුද්ධය, ප්‍රේමවන්තය, දයාවන්ත සහ කරුණාවන්තය. උන්වහන්සේගේ ගුණාංග ක්‍රියාත්මක කරන ආකාරය අපට අභිරහසක් විය හැක – එනමුත් දේව වචනයේ උන්වහන්සේ යැයි ප්‍රකාශ කරන ආකාරයේ තැණන්වහන්සේ උන්වහන්සේ නොවන බව ඉන් අදහස් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ විසින් කාන්තාවන් සහ දරුවන් ඇතුළුව කානානීය යන්ගේ, සමූල ඝාතනයට / ජන ඝාතනයට නියෝග කරනු ලැබුවේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries