settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට මාව ගළවා ගත හැකිද?

පිළිතුර


"දෙවියන්වහන්සේට මාව ගළවා ගත හැකිද?" යන ප්‍රශ්නය වසර ගණනාවක් පුරා මිලියන සංඛ්‍යාත ජනයා විසින් විමසා ඇත. දෙවියන් වහන්සේට ඔබව ගළවාගත හැකි පමණක් නොව ඔබව ගළවාගත හැක්කේ දෙවියන්වහන්සේට පමණි. "දෙවියන්වහන්සේට මාව ගළවා ගත හැකිද?" යන්නට පිළිතුර "ඔව්" යන්න අවබෝධ කර ගැනීමට නම් අප මුලින්ම ගැළවීම අවශ්‍යය වන්නේ මන්ද යන්න අවබෝධ කර ගත යුතුය. ආදම් ඒදන් උයනේදී දෙවියන්වහන්සේට අකීකරුවූ විට ඔහුගේ පාපය සෙසු මැවිල්ලට විෂ බවට පත්විය (රෝම 5:12) ආදම්ගෙන් අපට උරුමවූ පව්කාර ස්වභාවය අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කර ඇත. දෙවියන්වහන්සේගේ ඉමහත්වූ ප්‍රේමය අප කෙරෙහි වූ හෙයින් උන්වහන්සේට සැළැස්මක් තිබිණි (උත්පත්ති 3:15). උන්වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස් නම් පුද්ගලයා ලෙස මනුෂ්‍යය ආකාරයෙන් මේ පොළොවට පැමිණ සිය කැමැත්තෙන්ම අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කරනු ලැබුවේ අප ලැබිය යුතු දඩුවම උන් වහන්සේගේ කර පිටට ගැනීමෙනි. අපගේ ගැළවුම්කරුවාණන් කුරුසියේ සිට "සියල්ල නිම විය" (යොහාන් 19:30) ලෙස ශබ්ද නගා කී විට අපගේ පාපයේ ණය සදහටම සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබීය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් අපව නිශ්චිත මරණයකින් මෙන්ම බිහිසුණු දේව භක්තියක් නොමැති සදාකාලිත්වයකින් ගළවා ගත් සේක.

ක්‍රිස්තුස්වහන්සේගේ පව්කමා කිරීමේ පූජාවෙන් අපට ප්‍රතිලාභ ලැබීමට නම් අප උන්වහන්සේ සහ උන්වහන්සේගේ පූජාව කෙරෙහි පමණක් විශ්වාසය තැබිය යුතුය. (යොහාන් 3:16; ක්‍රියා 16:31) අප මෙය කරන මොහොතේ පටන් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අපව ආවරණය කරන සේක (රෝම 3:22). එනමුත් මෙම ආරෝපණය කරනු ලැබූ ධර්මිෂ්ඨකම කෙරෙහි අපට කිසි විටෙකත් අපගේ ශුද්ධවූ දෙවියන්වහන්සේගේ අබිමුඛත්වය තුළට ඇතුළු විමට නොහැකි වනු ඇත (හෙබ්‍රව් 10:19-25).

අපගේ සදාකාලික ඉරණමට වඩා අපගේ ගැළවීම තුළ බලපෑමක් ඇත. කෙසේ නමුත්ත "ගැළවීම ලබා තිබීම" ක්ෂණික බලපෑමක් ඇති කරනු ලබයි. සුභාරංචිය නම් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය මත නිම කරනු ලැබූ කාර්‍යය කරණකොටගෙන දෙවියන්වහන්සේගෙන් වූ සදාකාලික වෙන් කිරීමෙන් අපව ගළවා ගනු ලැබූ අතර මේ වන විට මේ ජීවිතයේ අප කෙරෙහි වන පාපයේ බලයෙන්ද අපව ගළවා ගනු ලැබූ සේක. අප ක්‍රිස්තුස්වහන්සේව පිළිගත් පසු උන්වහන්සේගේ ආත්මය අප තුළ වාසය කරනු ලබන අතර අප තවදුරටත් පව්කාර ස්වභාවයෙන් පාලනය නොවන්නෙමු. මෙම නිදහස කරණකොටගෙන අපට පාපයට "නැත" යයි පැවසීමටත් පාපිෂ්ඨ මාංශික තෘෂ්ණාවන් කෙරෙහි අපට ඇති වහල්භාවයෙන් මිදීමටත් හැකිවේ. "නමුත් ඔබ සැම තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසය කරන සේක් නම් ඔබ සැම මාංසයේ නොව ආත්මයෙහි සිටින්නෝය" (රෝම 8:9).

ඔබ කව්රුන්ද ඔබ කුමක් කර තිබේද යන්න වැදගත් නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණියේ පව්කරුවන්ව ගලවා ගැනීම සදහාය (1 තිමොති 1:15), එසේම අප සියල්ලන්ම පව්කරුවන් වෙමුග (රෝම 3:23). අප කිසිවෙකුට දෙවියන්වහන්සේගේ ගැළවීමේ වරප්‍රසාදය ඉක්මවා යා නොහැක. (යෙසායා 59:1) දෙවියන්වහන්සේගේ ඉක්මවා යන කරුණාවේ ඉතාමත්ම බලවත් නිදසුනක් නම් අපෝස්තුළු පාවුළුය. පාවුළු තමාගේ ජීවිතයේ මුල් කාලය ගත කරනු ලැබුවේ කිතුණුවන්ට වෛර කිරීමෙන්ද, ඔවුන්ව සිරගත කිරීමෙන්ද, ඔවුන්ට පීඩා කිරීමෙන් සහ ඝාතනය කිරීමෙන්ය. මෙසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එක් වරක් මුණ ගැසීම තුළින් පාවුළු මේ තාක් ජීවත්වූ ශ්‍රේෂ්ඨතම කිතුණු මිෂනාරිවරයෙකු බවට පත්විය. "ප්‍රධානම පව්කාරයා" (1 තිමොති 1:15), වන පාවුළුව දෙවියන්වහන්සේට ගළවා ගත හැකි සේක් නම් උන්වහන්සේට ඕනෑම කෙනෙකු ගළවා ගත හැකි සේක.

මනුෂ්‍යය වර්ගයා වනාහී දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබූ උන්වහන්සේගේ මැවිල්ලේ ඔටුනු මාණික්‍යයකි (උත්පත්ති 1:26). දෙවියන් වහන්සේගේ ප්‍රාර්ථනාව අප සියල්ලන්ම ගැලවීම ලැබීම වන අතර (1 තිමොති 2:4) අප කිසිවෙකු විනාශ නොවීම වේ (2 පේත්‍රස් 3:9; එසකියෙල් 18:32)– දෙවියන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නවුන්ට දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ දරුවන් වීමේ අයිතිය දෙනු ලබන සේක (යොහාන් 1:12). දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ දරුවන්ට කරනු ලබන දේ ගීතාවලිය 91හී විස්තර කරනු ලබයි: "ඔහු මා කෙරෙහි ඇලූම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. ඔහු මට යාච්ඤා කරන්නේය මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි" (ගීතාවලිය 91:14-15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට මාව ගළවා ගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries