settings icon
share icon
ප්‍රශ්නය

කැෆේන් වලටඇබ්බැහිවීම පාපයක්ද?

පිළිතුර


පළමු කොරින්ති 6:12 ප්‍රකාශ කරන්නේ "මට සියල්ලට අවසර ඇත, නමුත් සියල්ල ප්‍රයෝජන නොවේ. සෑම දෙයක්ම මට අවසර ඇත, නමුත් මම කිසිම දෙයකින් ප්‍රගුණ නොකරමි." බයිබලයේ කිසිම තැනක කැෆේන් ගැන සඳහන් කර නැත. එබැවින් කැෆේන් වලට ගිය විට ඇබ්බැහිවීම පිළිබඳව මාතෘකාව කෙළින්ම බයිබලයේ සඳහන් නොවේ. කළ හැකි සියල්ල නම්, ඕනෑම දෙයකට ඇබ්බැහිවීම අදාළවන බයිබලානුකුල මූල ධර්ම අනුගමනය කිරීම, ඉන් පසු එම සත්‍යයන් කැෆේන් වලට ඇබ්බැහිවීමට යොදා ගැනීමයි. පළමුවන කොරින්ති 6:12 බොහෝවිට අදාළ වන ශුද්ධ ලියවිල්ලයි. සංදර්භය ලිංගික දුරාචාරය පිළිබඳකටයුතු කරනඅතර, පාවුල්ගේ වචන ලිංගික දුරාචාරයෙන් ඔබ්බට ගිය විට, "මම කිසි දෙයකින් ප්‍රගුණ නොවෙමි."

කෑදරකමට සමානව, කැෆේන් වලට ඇබ්බැහිවීම කිතුනුවන් බොහෝවිට කුහකවන දෙයකි. කිතුනුවන් මත්පැන් සහ දුම්කොළ ඇබ්බැහිවීම හෙළා දැකීමට ඉක්මන් වන නමුත් අධික ලෙස ආහාර ගැනීම සහ කැෆේන් වැනි තවත් "සමාජමය වශයෙන් පිළිගත හැකි" ඇබ්බැහිවීම් නොසලකා හැරීමට නැඹූරු වෙති. මත්පැන් පැහැදිලිවම හැසිරීම් වලදී මෙන්ම සෞඛ්‍යයට භයානක බලපෑම් ඇති කළ හැකි වන්නේ අපයෝජනය කරනවිට හානිකර විය හැකි බැවිනි. දුම්කොළ කුඩා දුම්කොළ කුඩා ප්‍රමාණයෙන් පවා ශරීරයට අහිතකරය. සසඳනවිට කැෆේන් එතරම් නරක යයි පෙනෙන්නට නොතිබුණද, "එය එතරම් නරකනැත" යනු කිතුනුවන් විසින් තමා තුළ පවත්වා ගත යුතු දෙයක් නොවේ. කිතුනුවන් ජීවත් විය යුත්තේ "එය හරිද? එය දෙවියන්වහන්සේට ගෞරවයක්ද" යන්න තුළය.

කැෆේන්, සාධාරණ ප්‍රමාණ වලින් සෞඛ්‍යයට අධික ලෙස හානියක් හෝ ඇබ්බැහිවීමක් හෝ නොවේ. කැෆේන් අධික ප්‍රමාණයක්, සෞඛ්‍යයට හා ඇබ්බැහි වීමට හානි කරවේ. උදෑසන ඔබව අවදි කරවා ගැනීම සඳහා කෝපි කෝප්පයක් පානය කිරීම වැරදිද? නැහැ ඇත්තෙන්ම නැහැ. කෝපි කෝප්පයක් පානය කරන තුරු ඔබට උදේට ක්‍රියා කිරීමට නොහැකි තරමට බලාපොරොත්තු රහිතව කෝපි මත යැපීම වැරදිද? 1 කොරින්ති 6:12 ට අනුව, පිළිතුර ඔව් විය යුතුය. අපි කිසිම දෙයකට ඇබ්බැහිවීමක් නොවිය යුතුයි. කිසිම දෙයකින් ප්‍රගුණ කිරීමට / පාලනය කිරීමට / වහල් භාවයට පත් වීමට අප ඉඩ නොදිය යුතුයි. මෙයට අනිවාර්යෙන්ම කැෆේන් ඇතුළත් වේ. මධ්‍යස්ථව පරිභෝජනය කරනවිට, කැෆේන් පාපයක් නොවේ. යමෙකු කැෆේන් වලට ඇබ්බැහිවී ඒ මත යැපෙන විට, එය අධ්‍යාත්මික ප්‍රශ්ණයක් බවට පත් වන අතර, එම පාපය ජයගත යුතුව ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කැෆේන් වලටඇබ්බැහිවීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries