settings icon
share icon
ප්‍රශ්නය

සභාව ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?

පිළිතුර


විවාහයේ අලංකාරවර්ණය සහ සංකේතනය ක්‍රිස්තුස්වහන්සේට අදාල කර ඇති අතර ඇදහිලිවන්තයන් සමූහය සභාව ලෙස හැදිනවේ. සභාව සමන්විත වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ පෞද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස විශ්වාස කරන අයවලූන්ගෙන් සහ සදාකාල ජීවනය ලැබූවන්ගෙනි. මනාලයා වන ක්‍රිස්තුස්වහන්සේ සභාව තමන්වහන්සේගේ මනාලිය වීමට කැප කිරීමකින් මෙන්ම ප්‍රේම කිරීමකින් තෝරා ගෙන ඇති සේක (එපීස 5:25–27). විවාහ මංගල්‍යය පවත්වන තුරු දේව වචනය හා සම්බන්ධ කාලවලදී විවාහ ගිවිස ගත් කාල පරිච්ඡේදයේදී මනාලිය සහ මනාලයා එකිනෙකාගෙන් වෙන්වී සිටියාක් මෙන් සභා යුගයේදීද ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය මනාලයාගෙන් වෙන්ව සිටියි. විවාහ ගිවිසගත් කාලයේදී ඇයගේ වගකීම ඔහුට විශ්වාසවන්තව සිටීවේ (2 කොරින්ති 11:2; එපිස 5:24). ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමේදී සභාව මනාලයා හා සමග සමගි වී නිල "විවාහ උත්සවය" පැවැත්වෙන අතර ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ මනාලිය හා සමග සදාකාල එක්සත්වීම ව්‍යක්ත කරනු ලබයි (එළිදරව් 19:7–9; 21:1–2).

එළිදරව් 21:2 සහ 10 හී සදහන් කරන ආකාරයට ඇදහිලිවන්තයන්ට නව යෙරුසලම ලෙස හැදින්වෙන ස්වර්ගීක නගරයට පිවිසීමට වරම් ලැබෙන අතර එය හඳුන්වනු ලබන්නේ "ශුද්ධ නගරය" ලෙසය. නව යෙරුසලම වූ කලී සභාව නොවන නමුත් එය සභාවේ චරිත ලක්ෂණ වලින් හෙබිවේ. යුගයේ අවසාන කාලය පිළිබද දර්ශනයේදී අපෝස්තුළු වූ යොහාන් ස්වර්ගයෙන් බැස එන නගරය "මනාලියක්" ලෙස සරසා ඇති බව දකියි. එහි අර්ථය නම් නගරය තේජාන්විත ලෙස දීප්තිමත් වන අතර නගරයේ වැසියන් සමිදාණන්වහන්සේ විසින් මුදනු ලැබූවන් වන අතර ශුද්ධ හා නිර්මල වී ශුද්ධමේ හා ධර්මිෂ්ඨමේ සුදු වස්ත්‍ර පැළදගෙන සිටිති. සමහරුන් 9 වන පදය සාවද්‍යය ලෙස අර්ථකථනය කර ඇත්තේ ශුද්ධ නගරය ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය යනුවෙනි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ දිවි පුදනු ලැබුවේ මනුෂ්‍යයන් උදෙසා විනා නගරයක් උදෙසා නොවේ. පාසැලක සිසුන් සියල්ලන්ම "පාසැල" ලෙස හැදින්වෙන හෙයින් මනාලියන් වන සියල්ලන්ගෙන්ම සංයුක්ත වන හෙයින් නගරය මනාලිය ලෙස හැදින්වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය වන අතර අප සැවොම අපගේ මනාලයා හා සමග එකමුතු වන දිනය පැමිණෙන තුරු මහත් අපේක්ෂාවෙන් බලා සිටින්නෙමු. එතෙක් අප උන් වහන්සේට විශ්වාසවන්තව සිටිමින් ස්වාමින්වහන්සේ විසින් මුදනු ලැබූවන් හා සමග "ස්වාමිවූ යේසුස්වහන්ස වැඩිය මැනව" (එළිදරව් 22:20) යයි ප්‍රකාශ කරමුව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාව ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries