settings icon
share icon
ප්‍රශ්නය

ජීවන හුස්ම නම් කුමක් වේද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ මැවිල්ලේ උච්චතම ක්‍රියාවලිය වූයේ මනුෂ්‍යයාව අපූර්ව ලෙස මවනු ලැබීමය. “ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස් පුඩු තුළට ජීවනයේ හුස්ම හෙලු සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” (උත්පත්ති 2:7). ස්වර්ගයේ සහ පොළොවේ උත්තරීතර මැවුම්කාරයාණන් වහන්සේ විසින් මනුෂ්‍යයා මැවීමේදී කාරණා දෙකක් ඉෂ්ට කල සේක. පළමුකොට උන්වහන්සේ ඔහුව පොළොවේ දූවිලි වලින් නිර්මාණය කළ සේක. ඉන් අනතුරුව උන්වහන්සේගේම හුස්ම ආදම්ගේ නාස් පුඩු තුළට හෙලු සේක. මෙතුළින් මනුෂ්‍යයාව අනෙකුත් සතුන් අතරින් පැහැදිලි ලෙස වෙන් කරනු ලැබූ සේක.

මනුෂ්‍යයා මැවීම පිළිබදව සැලකිය යුතු කරුණු 3 ක් මෙම එක් පාඨයේ සදහන්වේ. පළමුව නම් දෙවියන්වහන්සේ එනම් තමන්වහන්සේම මනුෂ්‍යයාව මැවූ සේක. මනුෂ්‍යයා වෙනත් ජීවින්ගෙන් පරිණාමනය නොවීය. පුද්ගලයෙකු සම්බන්ධ නොවූ බලවේගයක් මනුෂ්‍යයාව සැකසුවේ නැත. සෛල ඩී. එන්. ඒ. පරමාණු, අණු, හයිඪ්‍රජන්, ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන මනුෂ්‍යයා නිර්මාණය කලේ නැත. මේවා වනාහී මනුෂ්‍යයාගේ භෞතික ශරීරය සකසනු පිණිස ඇති ද්‍රව්‍යයවේ. දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාව සකසනු ලැබූ සේක. ද්‍රව්‍යය නිර්මාණය කරනු ලැබුවේ දෙවියන්වහන්සේ වන අතර උන්වහන්සේ එම ද්‍රව්‍යයම මිනිසාව නිර්මාණය කරනු පිණිස භාවිතා කළ සේක.

“සකස් කිරීම” යන වචනය හෙබ්‍රව් වචනයක් වන “යටිසාර්” යන්නෙහි පරිවර්තනයක් වන අතර එහි අර්ථය වනුයේ “අච්චුව සෑදීම, හැඩ ගැස්වීම සහ සකස් කිරීමවේ”. එය නිර්මාණය කිරීම සදහා බුද්ධිමත් හා බලය ඇති කුඹල්කරුවෙකුගේ ප්‍රතිරූපය සංකේතවත් කරයි. ස්වකීය මනස තුළ මනුෂ්‍යයාගේ ප්‍රතිරූපය තිබුනාවූ විශේෂඥ කුඹල්කරු දෙවියන්වහන්සේ වන අතර එම ප්‍රතිරූපයට ජීවනය දීම සදහා බලය හා බුද්ධිය සතුව ඇත්තේද උන්වහන්සේට පමණි. දෙවියන්වහන්සේට උන්වහන්සේ අවශ්‍යය දේ ඒ ආකාරයෙන්ම කරනු වස් සර්වඥතාවය (සියලූ දැනුම) සහ සර්වබලධාරිත්වය (සියලූ බලය) යන දෙකම ඇත.

දෙවනුව, තමන්ගේම හුස්ම මනුෂ්‍යයා මත හෙලු සේක. මනුෂ්‍යයා “දූවිලි” වලට හෝ භෞතික ද්‍රව්‍යය වලට වඩා ඉහලින් සිටියි. මනුෂ්‍යයාට ආත්මයක් ඇත. අපට මෙය මේ ආකාරයට පින්තාරු ගත කළ හැක: ආදම්ගේ ශරීරය දෙවියන්වහන්සේ විසින් පොළොවේ දූවිලි තුළන් පිහිටුවා පමණි-පොළොව මත අප්‍රාණික ශරීරය වැතිර ඇත. ඉන් අනතුරුව දෙවියන්වහන්සේ ඉදිරියට නැමී උන්වහන්සේගේම “හුස්ම” මනුෂ්‍යයාගේ නාස් පුඩු තුළට “හෙලු සේක” දෙවියන්වහන්සේ ජීවනයේ උල්පත වන අතර උන්වහන්සේ සෘජුවම මනුෂ්‍යයා තුළ ජීවනය තබා ඇත. මෙම ජීවන හුස්ම අපට නැවතත් යොහාන් 20:22 හි දක්නට ලැබෙන්නේ යේසුස්වහන්සේ තම ශ්‍රාවකයන්ට නව ජීවනයක් ලබා දුන් අවස්ථාවෙහිදීය.

තෙවනුව උත්පත්ති 2:7 හී මනුෂ්‍යයා ජීවමාන ආත්මයක් බවට පත්වූ බව අපට කියයිග “ප්‍රාණය” යන වචනය හෙබ්‍රව් භාෂාවෙන් “නෙෆෙෂ්” යන්නෙහි අර්ථය නම් “සප්‍රාණික, ප්‍රාශ්වාස කිරිම, සචේතන සහ ජීවමාන පැවැත්මක් ඇත්තෙක් ආදිය වේ. දෙවියන්වහන්සේ ජීවනය ඔහු තුළට හෙලන තෙක් මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් බවට පත් නොවීය. භෞතික, සප්‍රාණික, පරිමේය සහ අධ්‍යාත්මික පැවැත්මත් ඇත්තෙකු ලෙස මනුෂ්‍යයා පොළොවේ සියලූ ජීවමාන දෑ අතර අද්විතීය වේ.

එසේ නම් දෙවියන්වහන්සේගේ හුස්ම නම් කුමක්ද? මනුෂ්‍යයාව සප්‍රාණික කිරීම පිණිස දෙවියන්වහන්සේගේ ජීවනය සහ බලය ඔහුට දී තිබේද? “සුළග, හුස්ම, වාතය සහ ආත්මය” යනුවෙන් අදහස් වන්නේ “ආත්මය” සදහා වන හෙබ්‍රෙව් වචනයයි. දෙවියන්වහන්සේගේ ජීවයන් දිගින් දිගටම ජීවත්වේ; මනුෂ්‍යයාගේ අද්‍රව්‍යයමය කොටස සැලසුම් නිර්මාණය කර ඇත්තේ සදාකාලිකව ජීවත්වීමටය. එකම ප්‍රශ්නය නම් අප ජීවත් වන්නේ කොහෙද යන්නය?

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවන හුස්ම නම් කුමක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries