settings icon
share icon
ප්‍රශ්නය

ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට උත්තරය නම් ශුද්ධ බයිබලයේ සම්භාවනීය (උසස්) පාඨය යොහන් 3 : 1-21. පරිසිවරුන්ගෙන් කෙනෙක්වූද, යුදෙව්වරුන්ගෙන් ප්‍රධානියෙක්වූ නිකදේමුස් සමඟ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කථා කරමින් සිටිසේක. නිකදේමුස්ට යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට ඇති බැවින් ඔහු එක් රාත්‍රියක උන් වහන්සේ වෙතට පැමිණියා.

යේසුස් නිකදේමුස් සමඟ කථා කරමින් සිටියදී උන් වහන්සේ ඔහුට ප්‍රකාශ කලා “යමෙක් අලු‍තන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකි යයි කීසේක”. නිකදේමුස් උන් වහන්සේට කථා කොට “මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්නට පුලුවන් කොහොමද? දෙවෙනි වර මවු කුසට ඇතුල්ව උපදින්නට පුලුවන් දැයි ඇසීය”? යේසුස් වහන්සේ උත්තර දෙමින් “සැබෑවක් නුඹට කියමි, යමෙක් වතුරෙන්ද, ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්ට බැරිය. මාංසයෙන් උපදිනදේ මාංසයය, ආත්මයාණන්ගෙන් උපදිනදේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්නට ඕනෑයයි මා කීවිට පුදුම නොවන්න...”(යොහන් 3 : 3-7)

“නැවත උපන්” වාක්‍ය ඛණ්ඩය වචනානුසාරයෙන් තේරුම නම් “ඉහල සිට උපන්”. නිකදේමුස්ට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා. එනම්, ඔහුගේ හදවත වෙනස් කර ගැනීම සහ ආධ්‍යාත්මීක විපර්යාසයක් සඳහා. අළුත් ඉපදීම නම් සදාකාලික ජීවිතය ගැන විශ්වාස කරන්නාට දෙවියන් වහන්සේගේ ක්‍රියාව බෙදා දීමකි 2 කොරින්ති 5 : 17; තීතස් 3 : 5; 1 පේත්‍රැස් 1 : 3; 1 යොහන් 2; 29; 3 : 9; 4 : 7; 5 : 1-4, 18 යොහන් 1 : 12, 13 පෙන්වා දෙනවා “නැවත උපන්” හැඟීම ගෙන දෙනවා සහ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි අදහාගන්නෝ උන් වහන්සේගේ දරුවන් වන බව.

තර්කානුකුල ප්‍රශ්නයක් පැන නගිනවා “නැවත ඉපදීමක් යම් පුද්ගලයෙකුට අවශ්‍ය ඇයි කියා”? ධර්ම දූත පාවුල් තුමා එපීස 2 : 1 පවසනවා “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන් වහන්සේ නුඹලා ජීවත් කළ සේක”. රෝම වාසීන් වෙත රෝම 3 : 23 ධර්ම දූතයා ලියූ පරිදි මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. එම නිසා කෙනෙකුට තමන්ගේ පාප වලට සමාව ලබාගෙන දෙවියන් වහන්සේ සමඟ සම්න්ධතාවයක් ඇති කර ගැන්ම සඳහා නැවත ඉපදීමක් අවශ්‍යයි.

කොහොමද එය පැමිණෙන්නේ? එපීස 2 : 8, 9 අපට කියනවා “මනිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරටිටුකර නොගන්න පණිස ඒක ක්‍රියා වලින් නොවේ”. යම් කෙනෙකු ගලවනු ලැබුවාද, ඔහු / ඇය නැවත ඉපදීම ලැබුවෙකි, ආත්මිකව නැවත ප්‍රාණවත්වී, නැවත ඉපදීම තුළින් දෙවියන් වහන්සේගේ දරුවෙක්වී සිටියි. යේසුස් ක්‍රිස්තුස් තුළ විශ්වාසය තබන්න, මක්නිසාද, උන් වහන්සේ අපේ පාපයට කුලියක් (දඬුවමක්) ගෙවා කුරුසිය මත මැරුණා. එය තමයි ආත්මිකව “නැවත ඉපදීම” යනු අදහස් කරන්නේ. “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය” (2 කොරින්ති 5 : 17අ).

ඔබ අපගේ ස්වාමීන්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා සැටියට කවදාවත් විශ්වාස කර නැද්ද? ඔබගේ හදවතට ශුද්ධාත්මයාණන්ට කථා කරන්නට, පෙළඹවීමට, භාජනය කරන්නට කැමතිද? එසේ නම් ඔබ නැවත ඉපදීමට අවශ්‍යයි. ඔබ අද සිට අධිෂ්ඨාන කරගෙන පශ්චාත්තාපයේ යාච්ඤාව කියවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් මැවිල්ලක් වීමට කැමතිද? “නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන්සේක. ඔව්හූ ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය” (යොහන් 1 : 12-13).

නැවත ඉපදී ඔබ යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවූම්කාරයා හැටියට පිළිගන්න කැමති නම්, මෙන්න යාච්ඤා ආදර්ශයක්. මතක තබා ගන්න මෙම යාච්ඤාව කියූ පමණින් හෝ වෙනත් යාච්ඤාවකින් ඔබ ගැලවෙන්නේ නැත. ඔබ ක්‍රිස්තුස් තුළම පමණක් විශ්වාසය තැබුවොත් පාපයෙන් ගැලවෙයි. මෙම යාච්ඤාව දෙවියන් වහන්සේට හුදෙක් ඔබගේ ඇදැහිල්ල ප්‍රකාශ කිරීමත්, ඔබ ලැබුවාවූ ගැලවීමට ස්තුති කිරීමකි. ශුද්ධ දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව් කල බවද, එයට මා දඬුවම් ලැබිය යුතු බවද දනිමි. එහෙත් යේසුස් ක්‍රිස්තුස් මාගේ පාපය දරාගෙන ඇදැහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී තිබේ. ඔබගේ අනුග්‍රහයෙන්, මාගේ පාපයන්ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම ඔබගේ අනර්ඝවූ දීමනාව වන සාදාකාලික ජීවනයටද ස්තුතියි! ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries